හතරවන දිගහැරුම

333 11 4
                                    

'ගෙදර ආවද'

'කේස් එකක් නෑනෙ'

මං එකට රිප්ලයි එකක් දාලා, එයා හෙට ප්‍රැක්ටිස් එන වෙලාවත් අහලා පල්ලෙහට ආවා.

"චූටි හෙට ප්‍රැක්ටිස් කීයටද?", මං පල්ලෙහට එද්දීම තාත්තා ඇහුවා.

"නවයට තියෙන්නේ තාත්තෙ, ඒත් ආශාගෙ තාත්තාට වැඩක් තියනවා කියලා එයාව අටට දානවලු, තනියෙන් ඉන්න බෑ කියලා කලින් එන්න පුලුවන්ද ඇහුවා "

"ආ..එක්කයන එකනං ප්‍රශ්නයක් නෑ, ලෑස්ති වෙලා හිටියොත්", තාත්තා කිව්වේ ලාවට හිනාවෙන ගමන්.ඔව්නෙ ඉතිං මාව උදේට ඇහැරවන එකනං ලේසි නෑ.

"හරි හරි මං කොහොම හරි නැගිටින්නංකො", මං කිවුවෙ මුණත් ඇද කරගෙන, ඇයි අනේ මේගොල්ලොන්ට හැමවෙලේම මාව විහිළු.

"ආ එහෙනම් ප්‍රශ්නයක් නෑ"
.........................................................................................................................................

සතිය ගතවුනේ ගොඩක් හෙමින්. හැමදාම ඉස්කෝලේ ඉවර වෙලා තියන ප්‍රැක්ටිස් වලින් සෙනසුරාදා වෙනකොට අපි හෙම්බත් වෙලා. එදා ඒ ප්‍රශ්නෙන් පස්සෙ තමිඳු පහුවදා ඇකඩමි එකට ආවත් ඊට පස්සෙ අද වෙනකල් ආවෙ නෑ. ඒ ආපු දවසෙත් ආදියි, සහන් අයියායි දෙන්නත් එක්ක මුළු දවසම ඒ මනුස්සයාව කන්න වගේ ඔරව ඔරව බලාගෙන හිටියා. තමිඳුගෙ රෝල් එකට වෙන කෙනෙක් දාලා තිබ්බා, සමහර අය වැඩ වැඩි නිසා අයින් වෙලා ගිහාම එහෙම රිප්ලේස්මන්ට් වෙන් නිසා, අපිට ඇරෙන්න ගොඩක් අයට ඒක නෝටිස් වුනේ නෑ.
ශෝ එක තියෙන්නෙ හෙට, ඒ කියන්නේ ඉරිදා. දැන් හවස හයහාමාරයි, උදේ නවයෙ ඉඳන් ප්‍රැක්ටිස් කරලා කරලා දැන් නං කට්ටියට නැගිටගන්නවත් පණ නැතුව තැන් තැන්වල වැටිලා ඉන්නවා. මායි නෙහාරායි නං ඉඳගත්තෙ කන ටිකට විතරයි. අපි හිටපු ඉන්න තැන තියෙන නිල් පාට සෝෆා එකේ ආදියි සහන් අයියායි වැටිලා ඉන්නවා, ආදිගෙ ඔඩොක්කුවෙ ඩ්‍රාමා එකේ ඉන්න පොඩිම, ඒ කියන්නේ දෙක වසරේ චූටි ළමයි දෙදෙනෙක් කියෝ කියෝ ඉන්නවා. එතනම බිම ඉඳගෙන සෝෆා එකට ඔළුවත් තියාගෙන යොහාන් හිටියේ බාගෙට නිදි වගේ.
ආදිගෙ ඔඩොක්කුවෙ හිටපු එක චූටි ගෑනු ළමයෙක් එකපාරටම නැගිටලා යොහාන් ගාවට ගියෙ ආදි කලින් ඒගොල්ලන්ට හදලා දුන්න චැට බොක්ස් එකකුත් අතේ තියාගෙන. ඒ බබා කෙලින්ම ගිහින් යොහාන් ගාවින්ම ඉඳගෙන එයාව හොල්ලන්න ගත්තා.

කඩුපුල් මලWhere stories live. Discover now