"මගෙ හදවත ඇයි මෙහෙම එයා ළගදි ගැහෙන්නෙ?" මං හිතුවා.
"ඔයාට මොකො වුණේ.. මනෝ ලෝකෙං නැගිටින්ඩෝ....."පංතියෙ මගෙ එහා පැත්තෙ ඉන්න රෙහානා මගෙන් ඇහුවෙ මම සද්ද නැති නිසා..
රොහානා ශශිකලා.👆
(මම : ශෙනාෂා)
හායි!! මගෙ නම ශෙනාෂා සත්සරණි..
මං ඉස්කෝලෙ 12වසරෙ ඉගෙනගන්නවා...ටිකක් ට්‍රැක්,cute ,විසේකාර කෙල්ලෙක් මං.මගෙ හොදම යාළුවා රෙහානා ශශිකලා . එයා මට වඩා කොට ,ආචාරශිලී ගති ගුණ තියෙන ඒත් කුණුහරප හද හදා කියන ජාතියෙ පොරක්.මං පංතියෙ ඉන්නෙ මැද පේළියේ..ඒකෙ මමයි රෙහානායි සෙනුදී ඉන්නෙ.ඉස්සරහ පේළියේ සිනේශා,විහගි,නේශානි තත්සරණියි ඉන්නවා.. පිටිපස්සෙ පේළියේ කවීෂා, කාවින්දි,සාරන්‍යා ..
අපි ඔක්කොමලා හොදම යාලුවෝ..but මට ළගදි ඉදලා එක්කෙනෙක් ගැන ගොඩක් දැනිලා තියෙනවා.මං එයාව හරියට ආශ්‍රය කරන්න ගත්ත දවසේ ඉදිලා , මාව එයාට ආකර්ෂණය වෙනවා කියලා දැනිලා තියෙනවා.ඒත් හදවතට දැනිලා නෑ...මේ ළගදි ඉදන් ඒක වැඩි වුණාද මන්දා....
YOU ARE READING
°සම්මතයෙන් පිට°(sinhala gl)( Completely )
Romance"මං ඔයාට දෙමව්පියොන්ගෙන් නොලැබුණු ඒ ආදරේ දෙන්නම් මැණිකේ................