ඔන්න සුභ දවස උදා උනා , All Island English Drama Competition 20--උදේම කට්ටිම එක්ක සූදානම් වෙලා Competition එක තියෙන school එකට ආවා, ඇවිත් බලනකොට ලංකාව වටේම ළමයි ඇවිත් කට්ටිය තැන තැන වාඩිවෙලා ,හිටගෙන ,රවුමට හැදීගෙන එක එක විදියට ඉදගෙන practice කරනව,
අපි කට්ටියත් ඉතින් ගිහින් පොඩ්ඩක් පුරුදු උනා, අපි කට්ටිය වැඩේ පටන් අරගෙන වැඩේ කරගෙන යනව , හරියටම kiss කරන seen එකට කලින් මගෙ හිත මට කියන්න ගත්තා " මෙතන ඕක කරා කියල උඹට බනින කෙනෙක් නෑ, බැන්නොත් එහෙමයි නැත්නම් ඒත් එහෙමයි උඹ අද ඇත්තටම Hand Kiss එක දීපන්" ඒ මම rehearsal එකේදි හිතපු විදිය තමයි ....
ඔන්න දැන් competition එක පටන් අරගෙන වැඩෙ යනව , අපේ school එකේ නමත් කතා කරල කිව්වා ,කට්ටියම ගිහින් දැන් stage එකේ වැඩේ කරගෙන යනවා, ටිකින් ටික මගේ හදවතේ වේගය වැඩි කරන seen එකට ලංවෙනවා, stage එකේ Romeo Juliet ඇරෙන්න වෙන කවුරුත් නෑ පහල Judges ල ඇරෙන්න වෙන කවුරුත් නෑ කියල මම හිතින් මවාගෙන ඉවරයි, ඉතින් අසරණ Romeo තමන් ගෙ මුලු වීරිය බලය ඔක්කොම හිතට අරගෙන Juliet ගෙ අතට මීට කලින් hand kiss එක දෙනව වගේ Act කරාට එවෙලෙ නම් juliet ගෙ සුදු සුමුදු අත අරගෙන තොල් දෙකෙන් හෙමිහිට දැනෙන නොදැනෙන තරමට kiss එක දුන්නා,ඒ දෙනගමන් හෙමිහිට ඇස්දෙක දිහාත් බැලුවා , 🥰😇
මගෙ අහිංසක Juliet ගෙ ලැජ්ජාවටද බයටද මන්දා අතත් එක්කම ඇගම ගැස්සිලා ගියා කියල මට තේරුනා එවෙලෙම , ඒත් ලොකුවට මම හිතන්නෙ නැතුව වැඩේ ඉවරකරා ,
ඊට පස්සෙ තමයි වැඩේ කෙල්ලට කිස් එක දුන්න වගෙ නෙවෙයි ඊට පස්සෙ කෙල්ල නිකං full හොල්මං සීන් එකෙන් හිටියෙ, හැබැයි අනිත් අයට ඒක දැනුනෙ නෑ මාව දැක්කම කෙල්ල පොඩ්ඩක් බයවෙලාද පුදුම වෙලාද කියල හිතාගන්න බැරි විදියට හැසිරුනෙ, දැන් ඉතින් මක්කරම්ද කියල මාත් හොර පූසෙක් වගෙ හිටිය, එහෙම හිටියට මගෙ හිතට බයයි , මගෙ හිත මට මෙහෙම කියන්න ගත්තා " හරිනෙ // උඹ මහ ලොකු රෝමියො වෙන්න ගිහින් අන්තිමට කෙල්ලව බය කරල දැන් ඒකි මූණබලන්නෙත් නැහැනෙ " මගෙ හිතම ආපහු " ඒක වැරැද්දක් නෙවෙයි බං පොඩි එකාගෙ ආසාව නෙහ් , කෙල්ලගෙත් අකමැත්තක් තිබුනෙ නෑ තිබුන නම් එලියට එනකොට අඩුම ගානෙ මොකක්ද ඒ කරේ කියලවත් අහන්න තිබුනානෙ " ඔහොම ඔහොම මම හිතෙන් වැඩේ සාදාරණය කරන්න උත්සහයක් ගත්තා,
කොහොම හරි දවස අවසානයේ ජයග්රාහී පාසල්වල නම් වගේම දක්ශතම නළුවා/නිළිය නැගී එන නළුවා /නිළිය වගේම තව එක එක තෑගි කුසලාන ගත්ත අය ගැන කියන්න පටන්ගත්තා ,
"All Island English Drama Competition 20-- Best Actor- Romeo" මෙහෙම කියනව මට හීනෙන් වගේ ඇහුනා , ඒත් එක්කම මම stage එක උඩට ගිහින් දීපු සම්මාන සහතික අරගෙන ආවා, හැබැයි හිතට ලොකු සතුටක් තිබුනෙ නෑ ,මොකද අපේ drama එකෙ තත්වෙ හරියටම දන්නෙ නැති එක වගේම මගෙ juliet තාම මාත් එක්ක හරියට වෙනද වගේ මූණදීලා කතා කරේ නැති නිසා, මම ඇවිත් වාඩිවෙලා ටිකකට පස්සෙ ,
"All Island English Drama Competition 20-- Best Upcoming Actors- Juliet " දෙයියනේ // මම මගේ මුලු වීරියම දාලා අත්පුඩි ගහලා සතුට වැඩිකමට විසිල් එකකුත් ගැහුවා , අපේ අක්කලත් ඉතින් වැඩේ දන්න නිසා හිනාවෙවී හිටියා , හැබැයි මිස් නම් ඔරවන්න ගත්තා 😁 ඉතින් මගෙ juliet ලගට ආවම බදාගෙන wish කරන්න ඕනකම තිබුනට හිතේ බය නිසාම අතට අත දීලා Wish කරල විතරක් හිටියා 🌚
ඊටත් ටික වෙලාවකට පස්සෙ
All Island English Drama Competition 20-- 1st Place goes to S........M.......V..... School Romeo Juliet Drama
කියල ඇහුන විතරයි අපි ටික උඩපැනගෙන ගියේ stage එකට මොකද ඒ අපි මාස ගානක් තිස්සෙ කරපු මහන්සියෙ අවසාන ප්රතිඵලය සාර්ථකව අවසන් කරගන්න පුළුවන් උන නිසා, 😇
දැන් ඉතින් ඔක්කොම ඉවරවෙලා කට්ටියම එක්ක හැන්දෑවේ ජයග්රාහනයේ සතුට එක්කම School Bus එකට නැගල ආයෙම ගෙවල් වලට එන්න ආවා, හැබැයි මගෙ හිත තාම කලබලයි, අහෝ ! කරුමයක්ද උරුමයක්ද ..
ප.ලි.
එකපාරටම මොකක්ද වෙන්න යන්නෙ?? 🧐🧐 ඒක දැනගන්න නම් ඊලග කොටස වෙනකම්ම ඉන්න වෙනව 😁😁
කතාව ගැන ඔයාලට හිතෙන දේ ලියන්න අමතක කරන්න එපා.. හොඳ නරක ඕනමදෙයක් ලියන්න , ♥️
Romeo 😇