ඉතින් ඒ නැටුම නටල ඉවරකරල , ආයෙම පුරුදු විදියට වැඩ ටික කරගෙන යන්න පටන් ගත්තා ... කාලය ගත වෙලා ගියාට හිතට ආපු අර හැඟීම මොකක්ද ඇයිඅට එහෙම වෙන්නෙ කියල හිතන්න ගත්තා... ඒ අවුරුද්දේදිම මට ඒ සුරංගනාවි එක්ක ඒ විදියටම නටන්න අවස්ථාවක් ආවා , ඒ අවුරුද්දේ අවසානයට තියෙන විවිද ප්රසංගයෙ ,
වාර අවසාන වෙලා අලුත් අවුරුද්දේ අලුත් පන්තියකට යන්න බලාගෙන මම ආපහු නිවාඩුවෙන් පස්සෙ පටන්ගත්තා වෙනද වගේම athletic practice පාඩම් වැඩ , ඕවා තමයි , දැන් වගේ ඒකාලෙ හැම subject එකටම class යන්න ඕනකමක් අපේ කිසිම යාලුවෙක් ට තිබුනෙ නෑ, මට කොහොමත් එහෙම එකක් තිබුනෙ නෑ 🤣
ඒ මොනව කොයිවිදියට උවමනාවක් නැති උනත් මට වෙනදට වඩා මගෙ සුරංගනාවිව බලන්න ඕනකමක් ආවා, ඉතින් කොහොමත් free period එකක පන්තිය ඇතුලෙ ඉන්නෙ නැති මම වෙනද school එක වටේ රවුමක් ගහල ආවට පස්සෙ පුරුදු උනා සුරංගනාවි ගෙ section එක පැත්තෙ රවුම් ගහන්න 🌚 මොකද එයාව ඈතින් හරි බලාගෙන ඉන්න මගෙ හිත කැමතිවෙලා තිබුනා,
මොනදේ කොහොම උනත් මට අතිජාත මිතුරු රැලක් හිටියා අපේ section එකෙ A,B,C,D,E,F කියල කොටස් හයක් තිබුනා මේ හයේම ඉන්න අය මගෙ යාලුවො තමයි ඉතින් ( උන් ඔක්කොම යාලුවො මල්ලි 🤣) යාලුකම උතුරල ගිහින් අපි මුලු section එකක්ම punishment කාපු අවස්තාත් නැතුවම නෙවෙයි 😁
හරියටම ඒ අවුරුද්දේ science day එක තියෙන දවසෙ අපි දන්නෙ නෑ main hall එකෙ මොනවද තියෙන්නෙ හරියටම කියල හැබැයි යම්කිසි දෙයක් සිදුවෙනව කියල දන්නව , ඒ වගේම අපි දැනගෙන හිටියා interval එක වෙනකම්ම උගන්නන කවුරුත් එන්නෙ නෑ කියල , අපේ section එක තිබුනෙ hall එකක් වගෙ එකක partican කඩල ඉතින් එකක free උනොත් ලේසි නෑ උගන්නන අනිත් උන්ගෙ සද්දෙ එක්ක ,කොහොම හරි අපි සහයෝගයෙන් වැඩ කරන්න පුරුදුවෙලා හිටියා (හොද වැඩ වගේම හොර වැඩ ) ඔන්න එදා අපේ කට්ටිය කතා උනා වතුර බෝතල් වලින් වතුර ගහගන්න , හැබැයි මගෙ වෙලාව හොඳ කමට ඒ වෙනකොට මම පන්තියෙ තලගොයා (Monitor) කරල තිබුනෙ, ( ඇවිදින එක අඩුකරල පන්තියෙ ඉන්න එක වැඩිකරන්න කියල දුන්නට ඒකෙන් උනෙ ඇවිදින එක වැඩි උන එක 🤣) මම ඉතින් ගියා office එකට registrar ,record book ගේන්න ඒ ගිහින් එමින් ගමන් නංගිවත් බලාගෙන එනකොට section එකේ කවුරුත් නැ , මොකද උනෙ කියල හිත හිත පඩිපෙල බැහැගෙන එනකොට vice principal ගෙ මිහිරි හඬ ඇහුනා කාට හරි බනිනව කියල තමයි තේරුනේ.. මාත් ඉතින් badge එක තියෙන නිසා බය නැතුව පහලට යනකොට මෙන්න බොලේ මුලු සෙක්ශන් එකම පෝලිමට ඉන්නව හිටගෙන 🧐🧐 මාව දැකල vice principal එකපාරටම
" අහ් තමුන් විතරයි මෙතෙන්ට අඩුවට තිබුනෙ , කොහෙද හිටියෙ " කියල ඇහුවම මම උපාසකයෙක් වගෙ "office එකෙන් registra record book අරගෙන එන්න ගියා " කිව්වා , කොහෙද ඒ කිව්වට මගෙ වෙලාව හොඳ නෑ "තමුනුත් එනව යන්න " කියල සේරම ටික එක්කගෙන ගිහින් school එක entrance වෙන තැන ඉදල දිගටම දණ ගහගන්න කියල කිව්වා , ඒ වෙනකොට hall එක ඇතුලෙ තිබුන function එක ඉවරවෙලා කට්ටිය එලියට එන්න කිට්ටුයි, අපි හිතාගෙන හිටියෙ අපේ school science section අය විතරයි කියල වැඩේට ඉන්නෙ , අහෝ! මොනතරම් දුකක්ද අහල පහල ඔක්කොම අක්කල අයියල ඇවිත් , කට්ටිය යමින් ගමන් අපි දිහා බැලුවෙ හරියට සත්තු වත්තෙ සත්තු දිහා බලනව වගේ... විලිලැජ්ජැවේ බෑ 🤕🤕🤕
ඔය විදියට කාලය ගතවෙලා ගියා , සුරංගනාවිව දුරින් ඉදගෙන බලනව වගේම සමහරවෙලාවට මට ලගින් ඉදගෙන කතා කරන්නත් පුළුවන් උනා වැඩිවෙලාවක් නෙවෙයි ඉතින් ,ගොඩක් වෙලාවට අපේ ඇස්වලින් අපි කතා කරා..
ටික ටික මම මගෙ sports පැත්තෙන් colors පෙන්නන ගත්තා , සුරංගනාවි dancing පැත්තෙන් එලියට ඇවිත් school එකෙ හැමෝගෙම අතරෙ කතා බහ වෙන කෙනෙක් උනා , මෙහෙම ඉන්න අතරේ sports meet කාලෙ පටන්ගත්තා ඒ වෙනකොට school එකේ ඉන්න අක්කල නංගිල හැමෝම වගෙ මම ගැන කතාවෙනව , attention එකක් දෙනව කියල මට තේරුන , අක්කලාගෙ නංගිලගෙ ඇල්ම බැල්ම මට නොඅඩුව ලැබුනට මම එකහිතින්ම පෙම්කලේ මගෙ පුංචි සුරංගනාවිට තමයි 😇♥️😇
ප.ලි.
අද සුරංගනාවි ගැන ලොකුවට කියන්න බැරි උනාට ඉස්සරහට එයා ගැන කියනව .... ඒක නිසා බලාගෙන ඉන්න .... 😊
ඉතින් කතාව ගැන ඔයාලට හිතෙන දේ ලියන්න අමතක කරන්න එපා.. හොඳ නරක ඕනමදෙයක් ලියන්න , ♥️
Romeo 😇