-----තෙවන දිගහැරුම----

5 0 0
                                    

ඉතින් ඔය විදියට කාලය ටික ටික ගෙවිල යනව , අපි දෙන්නාට ඔය අතරෙ එක එක දේවල් එකට කරන්න ලැබෙනව , ඒ ලැබෙන හැම වෙලාවකම මගේ හිතේ ගැස්ම වැඩිවෙනව, මගෙ ලගම යාලුවො දෙන්නාත් ඕක ගැන දැනගන්නව ඒ දෙන්නගෙත් ඉතින් නොමද සහයෝගය ලැබෙනව , උන් දෙන්නාගෙ නම් එකම අදහස උනෙ සුරංගනාවිට කියන්න කියල තමා, හැබැයි මට එහෙම කලබලයක් තිබුනෙ නෑ 😇
මොකද මට එයා ගැන තියෙන හැගීම මොකක්ද කියල තේරුම් ගන්න බැරුව හිටියා කාලයක්,

ඒත්...........

මට එයා ගැන ආදරයක් හිතෙන්නෙ හරියටම 10 වසරෙදි , ඒක සිද්ද වෙන්නෙ හරිම අහඹු විදියකට, දවසක් උදේම ඇවිත් English මිස් කිව්වා English Day එකේ Drama එකක් තියෙනව ඒකට කට්ටිය select කරනව කැමති අය එන්න කියල , මම ඉතින් ඒකට එච්චර උනන්දුවක් කරේ නෑ , කැමති අය ඉස්සරහට ගිහින් එයාලට මිස් Main Hall එකට එන්න කියල ගියා , මමත් ඉතින් ඒ පැත්තෙ නිකමට යන්න ගියෙ මිස් පාඩම උගන්නන එන්නෙ නැති නිසා school එක වටේ රවුමක් ගහන්න කියල හිතාගෙන,

ඉතින් මම පහලට ගිහින් hall එකට ඔලුව දාලා බලාගෙන හිටිය එතකොට ටිකකින් මම දැකපු දේ නිසා කිසිම ඕනකමක් තිබුනෙ නැති මට drama එකට යන්න ඕනකම එකපාරටම ඇති උනා කියන්නකො 🫢 දැක්කෙ මොකක්ද කියල හිතාගන්න පුළුවන් නෙහ්, ඔව් ඔව් මගෙ සුරංගනාවිත් ඇවිත් හිටියා එතෙන්ට එතකොට තමයි මම දැනගත්තෙ මේකට school එකේම අය ගෙන් හොදම සෙට් එක ගන්නෙ කියල ,මොකද ඒ වෙනකොට select වෙලා හිටපු අක්කල ඔක්කොම වගෙ english වැඩ්ඩො 😁 මම එහෙම වැඩ්ඩෙක් නෙවෙයි නිසා මම ලොකුවට hopes තියාගෙන හිටියෙ නෑ.. 😁
ඒත් මාව දැක්කම මිස් ල කියන්න ගත්තා හොයන boy ගෙ caracter එකට මාව හරියනව කියල ඉතින් අන්තිමෙ මට ඒ drama එකට යන්න උනා ......

කරන්න උන Drama එක තමයි Romeo & Juliet 😇♥️😇

එතකොට කවුද Romeo උනේ කියල හිතාගන්න පුළුවන් නෙහ්..... එතකොට Juliet 🌚ඔව් ඔව් මටත් හිතාගන්න බැරි උනාට මගෙ සුරංගනාවි තමා Juliet උනේ ♥️ Drama එකකරද්දි එක තැනක් තියෙනව romeo juliet ගෙ අත kiss කරන එකක් (ඇත්තටම තියෙන්නෙ lip kiss කරන එකක්, අපෙ ඉතින් school එකේ තියෙන දැඩි විනය නීති නිසා ඕවගෙ ඒවා ඒකාලෙ බුදු අම්මෝ වෙන සීන්) ,ඉතින් ඕක කරන්නත් දහසකුත් එකක් දේවල් කියන්න ගත්තා english කරන miss ල සෙට් එක, "ඔයා පුතේ kiss කරනව වගෙ act කරන්න , but dont do it ok " මම "ඉතින් හරි මිස් ඕව කරල අස්වීමෙ සහතිකෙ ඉක්මනට ගන්න ඕන නැහැනෙ'' කියල වැඩේ කරගෙන ගියා, මම හරි ආසාවෙන් ඒ වැඩ ටික කරා වෙනදට වඩා මට එයා එක්ක ලගින් ඉන්න පුළුවන් කම ලැබුන නිසාම මම ඒ දවස්වල practice කරන්න ගියෙ නෑ,කෙලින්ම school එකේ main hall එකේ තමා හිටියෙ 🌚 " ඔහොම ඉතින් zonal leval, provincial leval, හැම එකක්ම win කරල All Island ආවා දැන් ඉතින් හරිම සතුටුයි, මේ වෙනකොට මගෙ ඒකාපාර්ශවීය ආදරේ දලුදාලා ගිහින් , drama team එකෙ ඉන්න ලොකු අක්කල දෙතුන් දෙනෙකුටත් මගේ love එක ගැන ඉව වැටිලා එයාලත් එකහිතින් මගෙ වැඩේට සප් එක දෙන තරමට වැඩේ හරි...... 😇😁😇

අහ් ඉතින් කියන්න බැරි උනානෙ Romeo Juliet ට මොකද උනෙ කියල , All Island යන්න කලින් අපි practice කරනව hall එකේ weekend වලත් එක්කම එක දවසක් මගෙ අපාය සහාය අක්කල ටික කියපි " අපරාදෙ අර අතට kiss කරන seen එක ඇත්තටම kiss කරානම් ඕක තව real විදියට දැනෙනව, නෙහ් කොහෙද ඉතින් අපෙ මිස්ලට ඕවා කිව්වම මාරම කේස් නෙහ්" මට එකපාරටම කියඋනා " එහෙම තිබුනා නම් මම දෙන්නෙ ආයෙ පැනල" කට්ටියම full silence හුටා මට හිතෙන් කියන්න ඕන එක කටින් පිටවෙලා කියල තේරුනෙ එතකොට තමයි, දැන් ඉතින් මොකක් කරන්නද මම ගානක් නෑ වගෙ ඉදල practice ඉවරයක් කරල ගෙදර ආවා......😁😁






ප.ලි.

ඊලග කොටස වඩාත් රසවත් , එකතුවෙලා ඉන්නකො අපිත් එක්ක 😇

ඉතින් කතාව ගැන ඔයාලට හිතෙන දේ ලියන්න අමතක කරන්න එපා.. හොඳ නරක ඕනමදෙයක් ලියන්න , ♥️

Romeo 😇

තනිකඩ Romeo ❤️‍🩹Where stories live. Discover now