•|ඉඳුසැව් ගව්ව|•

55 7 6
                                    

ගඟ ඉහත්තාවෙ දිය කඩිත්ත ළඟ පන් පඳුරු අතරින් උදෑහැනැක්කෙම ගියොත් ඉඳුසැව් ගව්ව හැබැහින් ම දැක්ක හැකි වෙන්නෙම පන් පඳුරු අස්සෙ ම එහෙ මෙහෙට රූං ගාලා පිහාඹින ඒ පුංචි සත්තු හන්දා

-අලුත් ඉස්කෝලෙ මහත්තයා-

ඉවුරේ මඬ වැලි එක පොදියට ගුලි කරාන රඳව ගන්න හිතාන කෙඳි වගෙ මුල් මිටිය විහිදා ගත්ත උණ පඳුරු මුදුන් මත්තෙ රන් පාටට පිපෙන උණ මල් කියන්නෙ ම තනිකරම ඒ උණ පඳුරු වලට කටු ඔටුන්නක්

-රන්මලී-

ඉර එළියට දිලිහෙන්න ගහ මුදුනේ පිපෙන තල මලකට බඹරු ඇදෙන හන්දම අහල හත් ගව්වම ආල පාලු වුණත් එහෙව් තල මලකත් වරුණාව ගැන කවි කීවා මිස ඒ වගෙම රන් පාටින් පීදෙන උණ මලට වගෙ බැණ අඬ ගැහුවෙ නෑ කවදාවත්

-එතනා-

උණ මලත් තල මලත් දෙකම රන් පාටට දිලිහෙන එකම මත් රහක් මිස කාටවත් කොහෙට වත් ආලපාලු කං කැන්දන සාපයක් කියල හිතන්න නරකයි

-සේතං-

හත් ගව්වකින් දුරක නසා දිවි පිපුණාටතල මලක රොන් කෙමිය ගුණමකු ද කියාපන්පීදිලා යස රුවට රන් පාට කෙමියකමමව් නසන උණ මලක හදින් යළි අසාපන්වට නසන මව් මරන තල මලට උණ මලටබඹර තටු ඒ තරම් ලොබ ඇයි ද සොයාපන්තඹර වුව අත හැරම සමනල් ද බඹර තුඩුමත් රසක් සොයන එක අකැප දැයි...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හත් ගව්වකින් දුරක නසා දිවි පිපුණාට
තල මලක රොන් කෙමිය ගුණමකු ද කියාපන්
පීදිලා යස රුවට රන් පාට කෙමියකම
මව් නසන උණ මලක හදින් යළි අසාපන්
වට නසන මව් මරන තල මලට උණ මලට
බඹර තටු ඒ තරම් ලොබ ඇයි ද සොයාපන්
තඹර වුව අත හැරම සමනල් ද බඹර තුඩු
මත් රසක් සොයන එක අකැප දැයි කියාපන්
උණ මලක් තල මලක් නොවෙන වග සාපයක්
ලියා ඉඳුසැව් ගව්වෙ හංගලා තියාපන්

රැඳී සිටින්න.

Nidrush_97

ඉඳුසැව් ගව්ව (SlowUpdate)Where stories live. Discover now