03

20 1 0
                                    

“අතේ ගෙනාව ඒව දැක්කයෙං කියන්න බැරි කමක් නෑ නෙ අත්තම්මේ!”

ඈ කට පුරා හිනා වී ගෙන කිව්වේ මයුර ට පන් මිටිය කරට ගන්න උදව් කරන අතරෙමයි. එතනා ගෙත් කට කනේ මේ ගෑනු දැරිවි ව දැක්කම.

“ඇත්තමයි රංමලියේ

මේ හැන්දෑ කොරේ පන් වෙල අස්සෙ රුංගන්ට ගියෙ අහවල් එකකට ද දරුවො?!”

හිනාව පැත්තකට කරල ඒ පාර එතනා පරල වෙන්න අරං. මයුර නං බැරි බර කරේ තියං දෙපයට වාරු අරං පන් මිටිය අරං ගිහිං.

“අනේ අනේ සිරිමල් එතනෝ!

ඔයි වයසට මේ හැටි පරල වෙන්ට හොඳ ද ඇ?!”

රංමලී ත් මේ කියවන්නෙ එතනාගෙ කරේ එල්ලීගෙන දැවටී ගෙන. මේ හුරතල් කෝලං එක්කලා කොහොම නං කේන්ති තියාගන්න ද?
එතනා ගෙ කේන්තිය ආ පාරෙංම ආපහු ගොහිං. ඒත් ඉතිං ඒ වගක් නොපෙන්නා ඉන්න එතනා සෑහෙන මහන්සි ගන්නවා.

“දැං උඹැහැ මේ කියන්නෙ මං දැං හොඳටෝම නාකියි කියල දැ!”

එතනා ගෙ කතාව ට රංමලී හිනා වෙන්නෙ ගොඩ දේවාලෙ සීනු මිටිය හුළඟට හෙලවෙනව වගේ.

“අයි යයි යෝ ඔහේ කොහෙදෑ නාකි!

මේ ඉන්නෙ මටත් වඩා යස ලමිස්සි වගෙ!”

රංමලී කියද්දි සේතනුත් හෙමි හෙමින් ඒ අහළ පහළට ආවා.

“චාටු කතා බෝමයි නෙවැ මේ කෙල්ල ගෙ!”

සේතං ගෙ කතාව ට නම් එතනා ගෙ බොරු කේන්තිය ත් සම්පූර්ණයෙන් ම අහවරයි. එතනා හෙමින් සැරේ රංමලීගෙ දෑත කරෙං මුදවගෙන කෙල්ලව ඉස්සරහ ට ගත්තා

“හා හා ඉතිං,

නාකි  හරි නැති හරි මාව පරල වෙන වැඩ නොකළා නං ඉවර නෙ!

දැං මෙතන අටෝරාසියක් චාටු කතන්දර දොඩවන්නෙ නැතුව!”

එතනා ගෙ කතාව හන්දා ම රංමලී ගෙ අර සීනු සීනු හිනාව ආයෙම ඇහුණා.

“මොනා නැතත් රංමලී නඟා ගෙ හිනාව නං හරි සිරියාවයි!

නේද සේතං සීයෙ!?”

ආයෙමත් ඒ දණ්ඩි හරඹ පැත්තකට දාලා කට වාචාලෙට දොඩවන්නෙ පුලින. අනිත් කොල්ලො කුරුට්ටංට නං ඉතිං මේවා තනිකරම සූ ගාන්ට හේතු.

You've reached the end of published parts.

⏰ Last updated: Sep 29 ⏰

Add this story to your Library to get notified about new parts!

ඉඳුසැව් ගව්ව (SlowUpdate)Where stories live. Discover now