Chapter 16

3 0 0
                                    

මට කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව දෙලොවක් අතර අතරමන් වෙලා ඉන්නකොට.. ජිමින් මාව එයා ලගට අරන් මගේ තොල් වලට බර වුණා...ඒ පිරුණු තොල් මගේ තොල් පෙති අතරේ හරි ලස්සනට සිනිදුවට රටා මවද්දී, මමත් නොදැනුවත්වම ඒ රටාවන්ට එකතු වුනේ.. මගේ අත් ජිමින්ගේ බෙල්ලට වටේ යවලා,..ඒ සිපගැනීම තවත් රෝමාන්තික කරමිනුයි...

ජිමින්ගෙන් මීට කලින් මේ වගේ පහසක් විදලා තිබුනත්, මං මේ වෙලාවේ ඒ පහසෙන් මිදෙන්න ලෝභ වුණා... ඒත්... ඒ සිපගැනීමේ අවසානෙට අපි දෙන්නම ඇවිල්ලා හිටියේ දෙන්නගෙම හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවුණු නිසා.. ජිමින් මගේ තොල් වලින් ඈත් වුණා.. ඊට පස්සේ එයාගේ නළල මගේ නළලට තිබ්බා. අපි දෙන්නම කලේ නහයෙන් වගේම කටින් වේගෙන් උස්ම උඩට සහ පහලට ගත්තු එක...

Serahh:-ජිමින්.....

Jimin:-ම්ම්ම්හ්හ්..

Serah:-මමත් ඔයාට.. ආදරෙයි...

මං කලේ ජිමින්ගේ පපුවට තුරුළු වෙච්ච එක.. ජිමිනුත් මාව තදින්ම බදා ගෙන එයාගේ නිකට මගේ ඔලුව උඩින් තියාගත්තා....

Jimin:-සීතලද...

ජිමින් ඇහුවේ මාව එයාගෙන් ඈත් කරන ගමන්..මම වචනෙන් උත්තර නොදී මගේ ඔලුව වැනුවා....

Jimin:-අපි ඉක්මනට යමු හරිද...

එහෙම කියපු ජිමින් හිටපු තැනින් නැගිටලා call එකක් ගත්තා...

Jimin:-ආයීශහ්හ්...

ජිමින් කලේ පොලවේ අඩි හප්පපු එක..

Serah:-ඇයි...

මං ඇහුවේ හිටපු තැනින් නැගිටලා...

Jimin:-මෙතනට signal නැහැ....

Serah:-ම්ම්ම්.. අපිට අර පැත්තෙන් යන්න පුළුවන් වෙයි....

මං කිව්වේ පාලම පටන් ගන්න තැන උඩට යන්න පුළුවන් කියලා දැක්ක නිසා....

ජිමින් කලේ ඔලුව වනලා මගේ අතින් අල්ලාගෙන වෙරල දිගේ ඇවිදන් ගිය එක....

Serah:-ජිමින්...

Jimin:-ම්හ්හ්හ්...

Serah:-මං හිතන්නේ ඒ Mr. Min ගෙ වැඩක්...

මං එහෙම කියනකොටම ජිමින් කලේ නැවතිලා මං දිහා බලාගෙන ඉදපු එක...

The Blue Eyes(නිල් දෙනෙතකට පෙම් බැදී හිතුවක්කාරී )💙🧊Where stories live. Discover now