Chapter 10

7 1 1
                                    

ජිමින් මගේ කැමැත්තවත් නොහාපු එකටනම් මට චුට්ටක් විතර තරහ ගියා. මොනවා කරන්නද රොකට් එකක් තරම් වේගෙන් යන Bike එකෙන් පනින්න ඈ...
ටික වෙලාවකට පස්සේ ජිමින් ආවේ Racing කරන තැනකට..

Jimin:-බහින්න...

Serah:-ඇයි අපි මෙතනට ආවේ...

Jimin:-ඔයාට දෙයක් පෙන්නන්න..

ජිමින් මගේ අතින් ඇදගෙන ගියේ Raching  stadium එක ඇතුලට... එතන ගොඩක් ලොකුයි.. ඒවගේම ජිමින් ගිහින් නතර වුනේ ෆ්‍රේම් කරපු ෆොටෝස් වගයක් ලග.. ඒ ගොඩක් එවල හිටියේ ලුසිෆර්.. ඒ කියන්නේ ජිමින්.. එතන තිබ්බේ එයා Cup එක ගන්න වගේම Racing කරන වෙලාවල්වල ගත්ත ෆොටෝස්.. ඒක නිකම් එළිමහන් ප්‍රධාර්ශනාගාරයක් වගෙයි තිබුනේ. හැබැයි මට අමතක වෙලා තිබුණු දෙයක් එතැනදී මට මතක් වුණා.

Serah:-2021-2026 යන වසරවල් පුරාවට එක දිගට දස්කම් පෑ කවුරුත් හදුනන ලුසිෆර්..ට..

Serah and Jm together :- 2027 ජනවාරී මාසයේ 23න් වන දින. මෙම ස්ථානයේදී හටගත් ගැටුමක් හේතුවෙන්. වසර දහයක තරග තහනමක් ජාතික මණ්ඩලය විසින් පන්වන ලදී...

ජිමිනුත් මාත් එක්ක එකටම ඒක කියෙව්වා. මට දැනුනේ ලොකු දුකක්. මං දැක්කා ජිමින්ගේ ඇස් වල කදුළු වැටෙන්න ඔන්න මෙන්න තියන වග...මට කරන්න ලොකු දෙයක් එතන ඉතුරු වෙලා නෑ.. ඉතින් මං,මට කරන්න පුලුවන්දෙය කරා. මං ජිමිනවා බදාගත්තා ගොඩක් හයියෙන්... එයා මාව බදානොගත්තත් එයාට දැනෙන්න ඇති මගේ කදුළු වලින් එයාගේ shirt එක තෙත් වුනු බව. ඒ නිසා වෙන්න ඇති එයා මගේ ඔලුව අතගාන්න ඇත්තේ. මං ජිමින්ගෙන් ඈත් වෙන ගමන් ඇහුවා..

Serah:-එදා ඇත්තටම මොකද වුනේ..

Jimin:-හ්හ්... ඒක ලොකු කතාවක් සේරා.. මමත් හිත හදාගත්ත දවසට ඒ හැමදේම ඔයාට කියන්නම්..

ජිමින් ඒ දේවල් කිව්වේ ලොකු හුස්මක් පාත දාල..

Jimin:-ඒක නෙමෙයි. මං ඔයාව එක්කගෙන ආවේ මේක පෙන්නන නෙමෙයි... ඔයා අර පේන racing කෝඩ් ඒක ගාවට යන්න.. මං එන්නම්.

ජිමින් කිව්වා දේට මං ඔලුව වනනවත් එක්ක. එයා එතනින් දුවලා ගියා. ජිමින් පෙන්නුව තැනට ගියහම මං දැක්කේ අවසානයක් නැති දිග පාරක්.. මම එතනට ගිහින් පොඩි වෙලාවකින් ජිමින් එතනට ආවේ Bike එකෙමයි..

The Blue Eyes(නිල් දෙනෙතකට පෙම් බැදී හිතුවක්කාරී )💙🧊Where stories live. Discover now