අසම්පූර්ණ ආදරයක් 3

176 24 63
                                    


------------------------------------------------------------


අර ඇට්ටර පැටියා ගියාම ටික වෙලාවකට පස්සෙ විශ්ව ආවා..... පොරගෙ මූණෙන් නම් පේන්නෙ ඒ තරම් හොදකින් නෙමෙයි පොර ඉන්නෙ කියලා.... මූට මොකද වුනේ..... වාහනේට නගින ගමන්ම මූ මගේ ජාතිය අමතන්න ගත්තා.....

" පාදඩයා..... තෝ නිසා මාව කතා පෙට්ටියකට අහු වුණා යකෝ..... චීන කොල්ලො දෙන්නෙක් රගපාපු කතාවක් ගැනම කියලා මගේ කන්දෙක අගුල් වැටුනා..... යකොව්...... කවුද බන් ඒ..... "

" යාළුවාගෙ ආදරේ වෙනුවෙන් පරිප්පු කෑවාට කමක් නැහැ බන්..... "

මම වාහනේ ස්ටාර් කරන ගමන්ම එහෙම කිව්වා.....

" උබ මට කියලා උබලාගෙ මැරිච්ච සීයාගෙ වලට හෙන ගස්සගන්නෙ නැතිව ඉදපන්..... පරිප්පු.... මම උබට කියන්නෙ නැහැ..... තො දන්නවාද අවලමෝ එක විනාඩියක් ඒ කටට නිදහසක් නැහැ..... කියවනවා කියවනවා..... "

" හරි හරි යකෝ..... උබත් දැන් ආව වෙලෙ ඉදන් කියවපු එකනෙ කලේ.... උබටත් උගෙ ලෙඩේ බෝ වුනාද.... "

" පල ධාතුවා යන්න.... "

අද අපි දෙන්නාම නිවාඩු ඇප්ලයි කරලායි තිබ්බෙ ඒ නිසාම ඉතිං අපිත් ආතල් එකේ ඉන්නවා..... විනාඩි ගානක් යනකන් අපි අතර නිහැඩියාවක් තිබ්බාත් ඒක විශ්ව බිදලා දැම්මා.....

" කුඩු වසන්තයා මේ දවස් වල දගලනවා හොදටම වැඩියි..... එක බිස්නස්මන් කෙනෙක්ට උගෙ බැල්ම වැටිලා තියෙන්නෙ..... උබ දන්නවානෙ කවුද කියලා...."

" පරයා ඌට මේ පාර තමා කෙලවෙන්නෙ..... අනික බඩුත් එක්ක මාට්ටු වෙයන් කියලා ඉන්නෙ මම..... "

" ඌ බඩුත් එක්ක මාට්ටු වුනාට වැඩක් නැහැ බන්..... දේශපාලුවෝන්ගෙ හෙන්චයියෙක් ඌ ඒ නිසාම අපි මොන තරම් සාක්ශිත් එක්ක ඌව අල්ලගත්තත් ඌ  එලියට එනවා.... "

" ඒ අපි ඌව පණපිටින් අල්ලගත්තොත්නෙ.... "

මම එහෙම කියලා විශ්ව දිහා බලලා කට කොනකින් හිනා වුනාම ඒ හා සමානව උගෙ කට කොනේ හිනාවක් ඇදුනෙ මගේ ප්ලෑන් එක පොරට තේරුන නිසායි..... මූණට මූණ බලාගත්ත දෙන්නා හයියෙන් හිනා වුනෙ වසන්තයාට අභරන්න යන ගුලිය ගැන මතක් වෙලා..... ඇත්ත දේශපාලුවෝ මුන් වගේ කුඩු විකුනන පාදඩයින්ට උදව් කරන තුරු බයක් සැකක් නැතුව උන් හොදට කුඩු විකුණනවා.... කුඩු විතරක් නෙමෙයි..... බිස්නස්මන්ලාගෙන් කප්පම් ගන්න එක..... කෙල්ලොන්ව උස්සලා උන්ව පිටරට පටවන එක..... ඕකා නිසා කීයක් නම් පුංච් කෙල්ලොන්ගෙ ජීවිතෙ නාස්ති වෙන්න ඇතිද.... ඔය වගෙ කරන්න පුළුවන් සේරම පාදඩ වැඩ කරන එකෙක් තමා ඔය වසන්ත කියන්නෙ..... වසන්තගෙ හතුරා විජේමාන්න..... ඌ කියලා වෙනසක් නැහැ..... ගන් ඩීලර්.... කුඩු..... ඒකි මේකි නොකී හැම පාදඩ වැඩක්ම කරනවා..... උන්ගෙ පොට් ගැන දැනගෙන අපි උන්ව අල්ලගන්න ගියොත් එක්කෝ පොලීසිය ඇතුලෙ ඉන්න කටුකන බල්ලෙක් උන්ට අපි එනවා කියලා ඔත්තුව දෙනවා.... එහෙමත් නැත්නම් උන්ව අපි අල්ලගත්තොත් දේශපාලුවෝ උන්ව බේරගන්නවා..... හැමදාම වෙන්නෙ ඕක නම් අල්ලගත්ත ගමන් බල්ලෙක් ගානට මරලා දැම්මා නම් ආයේ ඔය සෙල්ලම් දාන්නෙ නැහැනෙ.... උබටත් වැඩි ආයුශ නැහැ වසන්ත..... ඒ වගේම විජේමාන්න..... උබලා දැන්ට ඔහොම රගපාන්.... ටික දුරක් ඔහොම යද්දි එක පාරටම විශ්ව කතා  කලා....

~ අසම්පූර්ණ ආදරයක් ~Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ