වෙලාව ගෙවිලා ගියා දන්නෙම නැහැ..... කොහොම හරි අද නම් ගිම්හානට නම් වාසියි.... දැනුවත්ව හෝ නොදැනුවත්ව පොර අපේ ගෙදර ආපු නිසා ඒකාගෙ අර හිගන්නෙක් ජීවත් වෙන බඩට නම් රජ මගුල්.... මූ ඔය කටෙන් කියවන්න වගේම කන්නත් රැසියා.... අනේ ඉතිං මූව කරගහා ගන්න එකාට නම් දෙවියන්ගෙම පිහිටයි.....
" ඇන්ටි මස් කෑල්ලක් බෙදන්නකෝ...... අම්මෝ..... ඇන්ටි යු නො දැට් බෙබි ඔයාගෙ කැම සෝඔ ඩිලිශස් ආ ඇන්ටිගෙ අත් ගුනේ තමා අත් ගුනේ..... ඇන්ටිගෙ අත් ගුනේ මෙන්න මේ ඩොන්කි පුතාට ලැබිලා නැහැ ඇන්ටි.... නූඩ්ල්ස් එකක්වත් මූට හදාගන්න බැහැ..... "
මූ කියවන්න ගියාමත් කටට බ්රේක් නැහැ..... කන්න ගියාමත් කටට බ්රේක් නැහැ..... අම්මෝ විශ්වගෙනම් කටත් භාගෙට ඇරිලා මූ කන දිහා බලන් ඉදලා.... අපේ තාත්තාත් අර කක්කුට්ටා එක්ක බර කයියක.... යකෝ මාමන්ඩියි බෑණයි වගෙ කියවන ලස්සන.....
" චූටි පුතා හෙට ඉදන් ගෙදර ඉක්මනට එන්න ඕනි.... "
ඇහ් ඒ මොකටද..... මට නම් බැහැ.... කියලා මම හිතින් හිතුවා විතරයි..... මොකටද මේ කක්කුට්ටා ඉස්සරහා නම්බුව හත් පොලේ ගාගන්නෙ....
" හරි තාත්තා..... "
" ඔය මම කියන දෙයක් ඒ විදිහටම පිලිගත්තාද මන්දා..... "
ම්හුක් චූටි පුතා ඔයිට කලින් ඔයා කියන දේවල් ඇහුවා ඒයි..... ආන්න අර කක්කුට්ටා හිනා වෙනවා.... අනෙ මස් කට්ටක් දත් ඇස්සෙම හිර වෙයන්..... උළුහාල් කැවියන්.... දිව හැපියන්.... සැර වෙයන්..... මස් කෑල්ලක් කියලා හිතලා ගොරකා කාපන්.... මේ අහිංසකයාට හිනා වෙනවාට.... ආහ් බදින ගෑනි හෝ මිනිහාගෙන් කොසු පාරම කකා ඉදපන්.... මගේ සාපේ වැදියන්.... මම බත් එක දිහා බල බල කුටු කුටු ගගා බනිද්දි අපෙ තාත්තා කතා කලා....
" ඔය කුටු කුටු ගගා බනින්නෙ මටද.... "
" අපෝ නැහැ තාත්තා.... "
" එහෙනම් මන්තරද ජප කලේ.... "
ම්හුක්..... හොද නැහැ මේ ගෙදර ඉන්න කිසිම මිනිහෙක්.... අනේ මගේ අනාගත මිනිහෝ තෝ කොහෙද ඉන්නෙ..... එක්ක පල මාව.... බැහැ මේ ගෙදර මිනිස්සු එක්ක වසන්න මට.....
KAMU SEDANG MEMBACA
~ අසම්පූර්ණ ආදරයක් ~
Fiksi Penggemarඑක පාරක් මට නැති වුනු උඹව තවත් පාරක් මට නැති කරගන්න බැහැ මගෙ වස්තුවේ....... _රශ්_ ඒ ආත්මේදි මාව ඔයාට අහිමි වුනත් මේ ආත්මේදි මාව ඔයාට අහිමි වෙන්න මම ඉඩ තියන්නෙ නැහැ මගේ අයියේ...... ...