අසම්පූර්ණ ආදරයක් 5

157 21 52
                                    

ප්‍රොෆිසර් බක්තියෙන් උදේ පාන්දර ප්‍රොෆිසර්ට ගුට් මෝර්නින් කියලා ගිරිය කඩන් කිව්වාට ඊලගට ඇවිත් ඉන්න ප්‍රොෆිසර්ව දැක්කාම..... දෙයියෝ මට දීපන් බිත්තර කට්ටක්.... යකෝව්.... මේ අර මම උදේ සත්තමක් දාපු කොල්ලා නේද..... මේකා මොකද මෙහෙ.... ඒ කියන්නෙ මූ ලෝ ෆැකල්ටි එකේ ප්‍රොෆිසර් කෙනෙක්ද.... දෙවියනෙ එතකොට මම සත්තම් දාලා තියෙන්නෙ ප්‍රොපෙක්ටද..... විනාසයි නවීයෝ..... විනාසයි.... ලමායි මම කිව්වා නේද මාළුවා නහිනෙ කට නිසා කියන වැකියෙ මාළුවා කියන තැනනට නවී කියලා දාගන්න කියලා.... මෙන්න මේ හේතුව නිසායි මම කිව්වෙ.... කට නිසා මම සුපිරියටම හාගත්තානෙ.... මම එහෙම්ම බෑග් එක අරන් මූණ වහගත්තා.....

" උබ ප්‍රොෆිසර් එක්ක හැංගි මුත්තෝ ගේම් එක ප්ලේ කරනවාද ඩොන්කි සනෝ..... "

" ගේම් ප්ලේ කරන්නවත් මම ඉතුරු වෙන එකක් නැහැ වගෙ ගිම්හානයෝ..... මම නහුතෙටම උදේ පාන්දරම හා ගත්තා...... "

මම එහෙම කියද්දි ගිම්හාන මගේ දිහා මූණත් අමුතු කරන් බැලුවා....

" කියන දෙයක් අන්ඩර්ස්ටෑන්ඩ් වෙන්න කියපන් ගෝතයෝ.... "

" උදේ පාන්දර මම කොල්ලෙක්ට සත්තමක් දැම්මා  කොලේජේ එකට අලුත් වෙන්න ඇති කියලා හිතාගෙන..... "

" දැන් උබ කියන්න එපා උබ සත්තම දැම්මෙ මේ අලුතින් ඇවිත් ඉන්න ප්‍රොපාට කියලා.... "

ගිම්හාන එහෙම කියද්දි මම ඔළුව වැනුවා....

" උබ නම උබලාගෙ ඩඩා කියන්න වගෙ ඩොන්කි සනෙක්ම තමා..... හැබැයි නිකන්ම නිකන් ඩොන්කි සන් නෙමෙයි...... කොකනට් ඩොන්කි සන්..... "

මායි ගිම්හානයි ඔය විදිහට කතා කර කර ඉද්දි මට ඇහුනා ඒ ප්‍රොෆිසර් කතා කරනවා.... හුටා....

" ඔය බෑක් එකකින් මූණ වහන් ඉන්න මනමාලි වගේ ලමයායි..... මනමාලිගෙ මල්ලි වගේ ඉන්න ලමයායි මට පොඩ්ඩක් අවධානය දෙනවාද.... "

අවධානය නම් දෙන්න බැරි කමක් නැහැ මගේ කනනෙ ඊලගට පලන්නෙ.....

" ඕ සර්.... "

" ඔතන වෙනම ක්ලාස් එකක්ද.... ඔය සුන්දර මූණ මට පෙන්නුවාම ඔය ලමයාට ඇස්වහ කටවහ වදිනවාද.... මම හිතන්නෙ ඔය ලමයා තමයි මට උදේ හම්බවුන සීනයර් අයියා.... එහෙම නේද..... "

~ අසම්පූර්ණ ආදරයක් ~Onde histórias criam vida. Descubra agora