ලා නිල් අහස පුරාවටම ශ්වේත වර්න වලාකැටි පාවෙන මොහොතක අතු නටු පුරාවටම පිපුන සකුරා වල මෘදු පෙති මද හුලගට මහ පොලවට හාදු තියන ගමන් උන්නා.......මල් පිපෙනවා...පරවෙනවා....නටුවෙන් ඇදහැලෙනවා......තවත් මලක් පිපෙනවා....මේ ගෙවෙන්නෙ කියෝතෝවම සකුරාවට යටත් විජිතයක් උන කාලයක්.....කියෝතෝව....ටෝකියෝව....
ඕසකාව නෑ....නෑ...වැරදුනා මුලු ජපානයම....සීතල උදුවපය පුරාවටම හිම පියලිවලින් වැහුන ෆූජිය නොදරුවෙක් ගානට නිදාගන ඉන්න කාලෙක සකුරාවන් වැහෙන සමය.....මද හුලගෙ....උඩු හුලගෙ...යටි හුලගෙ...උතුරු හුලග...දකුනු හුලග....හතර වටින්ම හාදු තියාගන යන මුලු හුලන් කැරැල්ල පුරාවටම සකුරා සුවද පිරුන කාලයක්.......
බෝනික්කො හා සමාන ජපනියො කිමෝනාවෙන් හැඩවෙලා සකුරාපෙති හැලෙන පාරවල් පුරාවටම හිනාවෙවි යන කාලයක්..... සකේ දිදාලයක් තොල ගගා අවංහලක් අස්සෙ ඉදන් වීදි පහන් එලියෙන් සකුරාවල හැඩ බලන කාලයක්....
කොටින්ම සකුරා සමය කියන්නෙම ජපානයම රෝසත් සුදු පාටිනුත් වැහිලා යන කාලයක්.....මිහිපිට ස්වර්ගයක් !!
ඔරලෝසු කටු කැරකෙනවා...ටික් ගානවා...ටක් ගානවා...දුවන්නෙ තත්පර කටු උනත් ගෙවෙන්නෙ ජීවිතේ......තත්පර කටුවට යටවෙන්නෙ ඉලක්කම් උනත් කාලය පාගන්නෙ මනුස්ස ජීවිතේ.....
තනිම සුදු පාට ඇද ඇතිරිලි ඇතුලෙ ගුලිවෙලා නිදාගත්තා උනත් වටකුරු හද රැය පහන් කරලා නිවාඩු යන මොහොතක පිලිවලට නිදාගන උන්න මගෙ පිලිවල ඉරපායනකොට සදපිනි කැට වාශ්පවෙන්නා හා සමානව වාශ්ප වෙලා කිමෝනා පැල්මෙන් මගෙ නිර්වස්ත්‍ර කකුල් එලියට ඇවිදින් තිබුනා.....එක කකුලක් එහෙක් වෙලා..අනික මෙහෙක් වෙලා...කොටින්ම මගෙ කකුල් දෙක ඔරලොසුවෙ කටු තුනෙ ඉලක්කමත් නවයෙ ඉලක්කමත් ගාව නැවතිලා තියන්නා හා සමානව දෙපැත්තෙන් එලියට වැටිලා තිබුනා
අලුත් දවසකට ඇස් ඇරලා පලවෙනි විනාඩි දහයත් හමාර වෙලා තිබුනා.....මං නැගිට්න්න ඕන...ඒත් මගෙ ඇස් තිබුනෙ අඩ මානෙට ඇරුන ජනේලෙන් එපිට තිබුන සකුරාමල් ගාව........
YOU ARE READING
OOPS WRONG CENTURY !!
Fanfictionමං හිතන්නෙ මගෙ හිත හොරකම් කෙරුවෙම එයාගෙ මේ සීතල ගතිගුනේද කොහෙද .... එයා හරි සීතල මනුස්සයෙක්...කවුරු හරි එයා ගැන ඇහුවොත් මට කියන්න පුලුවන් ඔහොම...ඒත් එයා හරි මෘදු මනුස්සයෙක්...මගෙ යටි හිත මා එක්කම මුමුනන්නෙ මෙහම!!