03🌸

820 176 287
                                    

කවුරුන්ද උඹ ????

නිල්පාට එලිය.....විස්වාස කරන්න මගෙ බෙල්ල මුලටම තද උන අසිපත් තලේ සීතල මගෙ සර්වාංගෙම ලේ අයිස් ග්ලැසියරයක් හා සමානව මිදිලා යන්න ඇති.....ඒ තරමටම ඒ අසිපත් තලේ සීතලක්  ගෙනාවා.....

හතරවටම අරක් ගත්ත සීතල දුමාරය...ඇන්ටාර්ටිකාවෙ හිම කදු දියවෙලා හා සමාන සීතලම සීතල වතුර කැටිය.....මේ ඔක්කොම එක්ක ඇස් අන්ධකරවන් ගියපු නිල්පාට එලිය......

මේ කාරනා තුනම පැත්තක දැම්මත් මං දැන් උන්නෙ මගෙ ඉස්සරහා අඩනිර්වස්ත්‍රන්  ඉන්න මනුස්සයගෙ රූපකායෙන් අන්දමන්ද වෙලා.......මං ඉන්න තත්වෙ ගැනවත් කල්පන කරන්න මට වෙලාවක් තිබුනෙ නෑ......

ඒ ඇස් හීනියි......
අගුරුවලට පවා පාට කවන තරම් ඝන කලු ඇහිබැම රැලි ගැහිලා.....ඉන තරම් දිගැටි උන කෙස්වැටිය  සීතල වතුරත් එක්ක වෙලීගන උන්න හන්දදො මන්දා කෙස් අහුරු අහුරු එකට එකතු වෙලා කැරලි ගැහිලා තිබුනා....

සර්වාංගෙ පාට....තනිකරම තිරිවානා කැටයක් වගේ......පිරිසිදු ජිප්සම් අහුරකින් අඹාපු රූපයක් වගේ.......කඩවසම් ........කවුරුත් උනත් මේ අඩනිර්වස්ත්‍ර මනුස්සයා කඩවසම්.....දෙකට බෙදුන පලල් පපුවත්...පලල් උරහෙත්  අඩක් හීන් උන ඉගත් ශක්තිමත් කලවත්.........මන් හිතන්නෙ නෑ මට එක අඩුපාඩුවක් හොයාගන්න පුලුවන් කියලා........මූනක තියෙන්න ඕන සමමිතික හැම මිම්මක්ම ඒ මූනෙ තිබුනා......

මං හිතන්නෙ නෑ මං මේ තරම් කඩවසම් මනුස්ස පරානයක් ටෝකියෝව පුරා කරක් ගැහුවත් දකීවි කියලා...කියෝතෝව ඕසකාව.....මං හිතන්නෙ නෑ මුලු ජපානයම පෙරලුවත් මට මේ තරම් කඩවසම් මනුස්ස පරානයක් දකින්න පුලුවන් වේවි කියලා.......

වචනයෙ පරිසමාප්තියෙන්ම කඩවසම්.....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
OOPS WRONG CENTURY !!Where stories live. Discover now