තමුන්ට ලැජ්ජ නෑ ළමයා...තමුන් හදන්නෙ තමුන්ගෙ සෙන්සෙගෙ හිතෙ තමුන් ගැන වෙන හැගීමක් ඇතිකරන්නද....
මං පුපුරන්න හැදුවා.....අරකා මට මල් ගහක් යට තවත් මලක් කියලා මගෙ දිහා බලාගන හිනා වෙනකොට මං බලාගන රෙන්ගෙ අර ලේන් ඇස් දෙක රවුම් වෙනවා........හරියටම මේකා මට අතවරයක් කරන්න යන්ද ඇහුවා වගේ රෙන්ගෙ කටත් ඇරුනා......
අනික මේ ඇට්ටරයා...මූට මොකක් වෙලාද මට මලක් ගාන්නෙ....වෙනදට අදින ධනවතෙක් කියලා උලුප්පලා පෙන්නන අර උදාසීන පාට පිරුන කෝට් බෑවයි කලිසමයි වෙනුවට අද නිල්පාට ඇදන් උන්නා කියලා ඕකට ඔය හැටි නහින්න ඕනද.....
මාව පුපුරනවා......හිතෙ හැටියට චෙරිමල් සුවද විදින්න ආවට මොකද මට මේ අකිරු කියන හාදයා හන්දා මලෙ සුවද වත් විදගන්න බැරි උනා...
අකිරු නෙවෙ මූට දාන්න තිබුනෙ අකීකරු කියලා.....මුගෙ නමට සාදාරනයක් කරන්න දාන්න තිබ්බෙ ඒ නම......
රෙන් ඔයා යන්න.......
එහෙමයි මාස්ටර් .....
තත්පර කටුව කැරකිලා විනාඩියක් ගෙවිලා යන මොහොතෙ මං තරහෙන් වගේ රෙන්ට යන්න කිව්වා...ඒත් මගෙ ඇස් දෙක තිබුනෙ අර නගරන් දිහාවට......යන්නම් කිව්වට මොකද මූ තවත් තැවරෙනවා....සාක්කුවට අත දදා මොනවා හරි ඇදලා අරන් ආයම සූප්පු කරනවා.....මූ කලිනුත් මගෙ කට්ට ලොසොංජරයක් එබුවා.........දැන් ආය ගිලිනවා මේ ලමයට කියන්න ඕන ඔය හැටි පැනිරහ සූප්පු කරන්න එපාය කියලා...නිකන් දත් සවුත්තු කරගන්නවා........ඔව්වල කුහර හැදුනම තේරෙයි අකීකරුවට
ඒහ්....සෙන්සෙ....මේහ්......
මොකද ලමයො තමුන් ඔය කතා කරන විලාසෙ....ඒහ් මේහ්...ගාන්නෙ...මොකද තමුන්ගෙ මනුස්සයා වගෙ මාව පේනවද...ඇරත් අකිරු ඔය හැටි පැනිරහ සූප්පු කරන්නෙ දත් ටික වැඩි කල් නොයා සවුත්තු කරගන්නද..........දැන් මේ තත්පර ගානට කීයක් ජාති කටෙ ඔබාගත්තද...ලොසිංජර...ලොසිංජර ලොසිංජර...අහවරක් නෑනෙ ඔය කෑමෙ...උගන්නන්න පටන් ගත්ත තත්පරේ ඉදගනත් කරන්නෙ කන එක.....බලන්ඩ යන්න ඕන අද අන්තිම පේලියට....එතනට ගිහිනුත් මෙලෝ අවධානයක් නෑ කාගත්ත ගමන්...කාගනම ඉන්නවා.....
YOU ARE READING
OOPS WRONG CENTURY !!
Fanfictionමං හිතන්නෙ මගෙ හිත හොරකම් කෙරුවෙම එයාගෙ මේ සීතල ගතිගුනේද කොහෙද .... එයා හරි සීතල මනුස්සයෙක්...කවුරු හරි එයා ගැන ඇහුවොත් මට කියන්න පුලුවන් ඔහොම...ඒත් එයා හරි මෘදු මනුස්සයෙක්...මගෙ යටි හිත මා එක්කම මුමුනන්නෙ මෙහම!!