🤎🥀🍁36🤎🥀🍁

428 77 45
                                    

" තත්ත්වය ටිකක් සීරියස්...බ්ලඩ් වලට ඒක ඇතුල් වෙලා ඉවරයි.මිස්ටර් රුවින්ට වගේ බරපතළ නැතත්.......බ්ලඩ් එක්ක මේක මික්ස් වෙලා තියෙන්නෙ...මේක දියර එක්ක විතරක් දෙන්න පුළුවන් poison එකක් වගේම...ගොඩක් දුර්ලභ poison එකක්....අපි පුළුවන් උපරිමේ කරා මිස්ටර් නරේන්ද්‍රසිංහ, තවත් බ්ලීඩ් වෙන්න කලින් මෙයාව ගෙනාව එක හොදයි "
        මට නිකන් ඒ ලෝකෙත් මේ ලෝකෙත් ෆීලින්ග් එකක් දැනෙනවා.පාවෙනවා වගෙත් හැබැයි හරි බරයි...ලාවට ඇහෙන අතා සද්ද වලට මං කන් දුන්නා...ඇස් අරින්න ඕනෙ උනත් බෑ  ඇහි පිහාටු හරි තදයි...මං ඇස් වහන්ම උන්නා...නරේන්ද්‍රසිංහ නේද කිව්වේ....එහෙනම් අප්පච්චි ඇති මං ලග...ඉන්න හම්බෙන්නෑ සිහිය ආවම...කෝ දෙන්න උත්තර....මං කොහොමද කියන්නේ මෙච්චර දවස් මාමිට හදපු කෑම බීම කන්න කලින් මං කෑවා කියලා...ඇරත් මං ගත්ත බෙහෙත් වලට අනූව මේක මෙච්චර සීරියස් වෙන්නත් බෑ....ඒ එක්කම දොර වැහිලා හෝ ඇරිලා යද්දි මගෙ ඔලුවට අතක් තද උනා,

" පුතේ....අම්මට මෙහෙම කරන්නෙ ඇයි හෙවන් !"...

     අම්මිගෙ කටහඬ ගොඩක් වෙනස් වෙලා.මං හිතන්නෙ එයා අඩලා වගේ.හෙම්බිරිස්සාවකුත් වගේ තියෙද්දි මං ඇස් ඇරියා...හරි අමාරුයි..මං ඇස් ඇරියා,

" සුදු පුතා...සිහිය ආවා නේද "

     සැක්,සැක්ම සැක්....අපරාදෙ නිදාගෙන ඉන්න තිබ්බේ.අම්මි ඔලුව අතගාන එකත් පැත්තට දාලා ඉක්මනින් එළියට දිව්වම මට මහන්සි හින්දා මං ඇස් වහගත්තා...ඒ එක්කම ඩොක්ට නර්ස්ලා දෙන්නෙක් එක්ක විතරක් එද්දි මාව බැලුවා...එකෙන් ඇල්ලුවා මෙහෙන් ඇල්ලුවා..ඇසුත් බලනවා.අඩේ මට ලේ මදි නෑ බන්!!!!

" මිස්ටර් හෙවන්....කොහොමද දැනෙන්නේ "

" ප්....ප්‍රශ්...කැහ්ක් කැහ්...ව්...වතුර "

     මං හරි අමාරුවෙන් වතුර ටිකක් ඉල්ලුවම නර්ස් කෙනෙක් මූඩියකට වගේ චුට්ටක් හැන්දකට දාලා දුන්නා..ඒකෙන් තොල්පට වේලුන ගතිය නම් ගියා,

" ගොඩක් වතුර දෙන්න බෑ මිස්ටර් හෙවන්,තව පැයකින් විතර අපි සුප් එකක් බොමු "

   මං ඔලුව වැනුවා,

" ඩොක්ට මගෙ තත්ත්වේ ගෙදර අයට කියන්න එපා...ප්ලීස් "

"ඩයරි"Where stories live. Discover now