අවුරුදු 05කට පසුව......
" සුද්දා......!!! සුද්දා.......!!! කන ඇහෙනවද "
" මේඝනා කොයි අප්පච්චි "
" මහීර්....ආශෙර්....කෝ මේ ළමයි "
" සුද්......"
චටාස් 💥
" මොනෞත්....අහ්ම්....උබ මගෙන් කන්නෙපා ආයුශ් !!! "
" ඔව් ඉතින් හැමදාම කන්නෙ මගෙන්නේ "
මං රැව්වා....කීයේ ඉදන්ද මං මේ බෙරිහන් දෙන්නේ මේ මිනිහට පොල් ටික ගාලා දෙන්න කියලා...නෑ..එව්වා බෑ.....අප්පලාට දුවලට පුතාලට වීඩියෝ ගේම් වලට සෙට් වෙන්න තිබ්බා නම් වෙන මොකවත්ම ඕනෙ නැති වෙද්දි ආයුශ් ඇවිත් මගෙ කම්මුලකට තොල් තද කරා,
" මගෙ වස්තුව "
" අනේ හලෝ මෙහ්"
" ඔව් හලෝ "
ආයුශ් ඇවිත් මාව පිටි පස්සෙන් බදාගෙන මගෙ බෙල්ලට තොල් තද කරගෙන උන්නා...මං යන තැනට එයත් ආවා....බෙල්ලෙම එල්ලිලා කරන කරන එකට හොට දැම්මා...ඉතින් හෙවන්ගෙ ජීවිතේ සම්පූර්ණ උනා...හිතාගන්න බැරි විදිහට හැමදේම වෙනස් උනා....ආයුශ්ගෙ අත් මං ඇදන් උන්න බැගී ටීශර්ට් එක අස්සෙන් ගියා...වනචරකම ඇග පුරා...මං මගෙ පාඩුවේ පස් දෙනාටම හවසට තේ හදන්න ගත්තා....නාභිය ලග නතර උන ආයුශ්ගේ අත් කෙමෙන් උඩට එනවත් එක්කම....කැළල් මකන්න බැරි මැහුම් පාරවල් තුනක් ලග නතර වෙද්දි මං කලබලෙන් අයින් වෙන්න ගියත් ආයුශ් මාව තදින් වැළදගත්තා.....මං දන්නවා...එයා ඕක හිතන වාරයක් වාරයක් පාසාම හිතින් දුක් වෙන වග....ඕක දකින රැයක් ගාගෙම එයා හූල්ලන බව මං දකිනවා....
" මට සමාවෙයන් රත්තරන් "
මං මුකුත් කිව්වෙ නෑ.නොකිව්වෙ කියලා වැඩක් නැති හින්දා වෙද්දි ඇදන් උන්න බැගී ටීශර්ට් එකෙන් පිටට තෙතක් දැනෙද්දි මං හුස්මක් පිට කරා,
" අතීතෙට තවමත් යන්න දුන්නෙ නැද්ද ආයුශ් "
මං සැරෙන් අහද්දි එයාගෙ අත් මගෙ බදට තද උනා
" යන්න දෙන්න පුළුවන් අතීතයක්ද හෙවන් තියෙන්නෙ අපිට ම්ම්ම්....උබ මාව පිස්සෙක් කරපු අතීතයක්නෙ තියෙන්නෙ....අදටත් පිස්සෙක් හින්දා නෙවෙයි ද බෙහෙත් බොන්නෙ මම...මේඝනාගෙ දගකම් හැමදේම නතර වෙලා තියෙන්නෙ අතීතේ උබෙ හිතුවක්කාරකම් හින්දා නෙවෙයි ද "