🤎🥀🍁41🤎🥀🍁

302 72 24
                                    

" මොකක් !!! "

අප්පච්චි ඉන්න විදිහටම ගැස්සිලා ගිහින් මගෙන් අහද්දි මං ඔලුව වැනුවා...මොකද මට කතා කරගන්නවත් පණක් ඇත්තෙම නැති තරම් වෙද්දි අම්මි මගෙ ඔලුව අතගානවත් එක්කම මං එයාගෙ බඩට මූන ගහගත්තා...මට ඇඩෙනවා..පිරිමි අඩන්නෑලු...පිරිමින්ට අඩන්න හොදත් නෑලු...හැබැයි මං අප්පච්චිත් මාමිට් ඉස්සරහා නොදරුවෙක් වගේ සද්දයක්වත් පිට නොවී අඩද්දි අප්පච්චිගෙ අම්මිගෙ මාමිගෙ සුසුම් සද්ද එක්ක මගෙ හීල්ලීම් විතරක් සාලෙ තනි මකද්දි අප්පච්චි උගුර පෑදුවා....

" උබ කොහොමද දන්නේ දරුවා උගෙ කියලා "

" සුදු පුතා මං උබෙන් අහන්නේ !!! "

" ය්...යෙලීනා...ඉ...ඉන්නේ ද්දැන් ආයුශ් එක්ක "

" ඒකෙන් කොහොමද කියන්නෙ දරුවා උගෙ කියලා "

" ම්...මං දන්නවා "

අප්පච්චි එතනින් එහා මගෙන් ඇහුවෙත් නෑ මං කිව්වෙත් නෑ...මාමි මං දිහා බලන් හිටියා ඇරෙන්න මුකුත් නොකියද්දි අම්මි මගෙ ඔලුව අත් දෙකෙන්ම බදාගෙන හිටියා...අප්පච්චි පෝන් එක ඔබලා කාට හරි කෝල් එකක් ගත්තත් ඒක ආන්සර් නොවුන තැන ස්ටූල් එකටත් පයින් ගහගෙන යන්න ගියේ සරමත් එක පැත්තකින් උස්සගෙන වෙද්දි අම්මි ලොකු හුස්මක් පිට කරා,

" නාඩා ඉදින් හෙවන්....ඔය ඇස් අඩනවා බලන්න මේ අම්මා කැමති නෑ එදා ඉදන්ම "

" ම්...මං උට හරි....හරි ආදරෙයි අම්මේ...."

" ශිට් 💥 "

මාමිත් වතුර වීදුරුව සද්දෙන් ස්ටූල් එකෙන් තියලා යන්න ගියේ අම්මිත් මමත් සාලේ තනි වෙද්දි.අම්මි මුකුත් කිව්වෙ නෑ...මට මුකුත් අහන්න ඕනෙත් නෑ...කාපු ටික ගානට පිච්චිලා යද්දි අඩපු මම ඔලුව ඉස්සුවා...

" ම්...මං හෙට ජර්මන් ගිහින් එන්න යනවා ම්....මාසෙකට "

මං කියද්දි අම්මි මං දිහා බැලුවේ ඇහිබැමි රැළි කරලා...

" මට හිත හදාගන්න දෙන්න...ප්ලීස්....මං යන තැන කාටවත් කියන්න එපා "

" එහෙමවත් නිදහස් වෙන්න හෙවන්...යථාර්ථයට මූණ දෙන්න "

අම්මි ඔලුව අත ගාලා යන්න යද්දි මං ලොකු හුස්මක් අරන් ටිකට්ස් බුක් කරන්න ගත්තා...

"ඩයරි"Where stories live. Discover now