කතා+බස්
මීට අවුරුදු දෙකකට විතර කලින් ඉඳන් තමයි මගෙ ප්‍රවාහන මාධ්‍යය බවට බස් රථය පත් වුණේ.ඒත් හරියටම බැලුවොත් අවුරුද්දකට විතර කලින් ඉඳන් තමයි මම බස් එකේ හරියට යන්නෙ.එදා ඉඳන් ගොඩක් දවස්වලට මොකක්හරි ම විකාර දෙයක් බස් එකේදි මට වෙන එක නියතයක් ද මන්දා.යාළුවන්ට කිව්ව ම එයාලා නම් කියන්නෙ එයාලා යන බස්වල මෙහෙම වෙන්නෑ කියලා.ඉතිම් කොහොමහරි මම බස්වල යද්දි වෙන අනම් මනම් කතා ටික උස්සන් මම ආවෙ ඔයාලටවත් මෙහෙම දේවල් වෙනවද අහන්න🥲
දැන් මාසෙකට විතර කලින් මගෙ දින චර්‍යාව ටිකක් වෙනස් වුණ නිසා බස් එකේ යන එන අවස්ථාත් ගොඩක් අඩු වුණා.බස් එකේ ආවත් සුපුරුදු පාරෙ නැතුව වෙන පාරක එන්න වුණ නිසා සිදුවුණු අමුතු සිදුවීම් නම් බොහොම අඩුයි.
ඒත් කලින් ගොඩක් සිද්ධි තියෙනවනේ.ඒ ටික දාලා තියන්නම් දැනට.I Hope you enjoy this❤
Please Vote,Comment and share
Evelyn.
YOU ARE READING
කතා+බස්
Non-Fiction#රතුබස් වෙනුවෙන් බලා සිටින සුවහසක් සීසන් ප්‍රජාව වෙතට හුදෙක් රසවින්දනයට සඳහා පමණක් ලියවෙන්නක් වේ.