පරණ යාළුවො එක්ක චොකලට්

7 1 9
                                    

හැම සිකුරාදා දවසක ම ගොඩක් වෙලාවට මම බස් එකේ යනවා.යනවා නෙවෙයි යන්න වෙනවා.ඒ කොහොමහරි අදත් පුරුදු විදියට ම මට එන්න වුණෙ බස් එකේ.
වෙනදට වඩා පන්තිය ඉවර වෙන වෙලාව ටිකක් පරක්කු වුණත් පොඩි පොඩි අනම් මනම් ටිකක් ගන්න මම බුක්ෂොප් එකට ගියෙ ආයෙත් එන්න වෙන්නෙ ඉරිදාට නිසා. ගන්න ගිය ඒවත් අරගෙන මම ආවෙ බස් එකට.ඒ වෙද්දිත් බස් එකේ සෙනඟ පිරිලා කිව්වට සීට් දෙක තුනක් හිස් තිබ්බා. ඉස්සරහින් බස් එකකට නැග්ගෙ ඒ ගොඩකාලෙකින්.ඉස්සර ම හරියෙ සීට් දෙක තුනක් තිබ්බ නිසා වාඩිවෙන්න හැදුවත් හදිසියේ ම දැක්කෙ පරණ යාළුවෙක් ව. පරණ යාළුවෙක් කිව්වෙ පෞරාණික නෙවෙයි.අවුරුදු ගාණකට කලින් ගිය ක්ලාස් එකකදි හම්බුණ කෙනෙක්.ගොඩක් කාලෙකින් එයාව දැක්ක නිසාත්,එතන තව සීට් එකක් තිබුණ නිසාත් මම ගියෙ එතනට.පිටිපස්සෙ ම සීට් එකට සීට් දෙකක් විතර ඉස්සරහින් තියෙන සීට් එකකට. එතනට යද්දි මම දැක්කෙ කාලයක් තිස්සෙ දකින්න බලන් ඉඳිය ඇස් දෙකක්.ඇස් දෙකක් කිව්වෙ මනුස්සයෙක්.ඒත් එයා මාව දැක්කෙ නැහැ.කමක් නෑ කියලා මාත් ගිහින් කතා කරෙ අර යාළුවත් එක්ක.විනාඩි කීපයක් කතා කරද්දි මට ආවා චොකලට් බඩගින්නක්.බස් එක යන්නත් විනාඩි පහක් විතර තිබ්බෙ.ඒ නිසා ම මම ක්ෂණිකව බස් එකෙන් නැඟිටලා ගියෙ චොකලට් එකක් ගේන්න.මම.නැඟිටලා යද්දි මම දැක්කා ඉහත සඳහන් පුද්ගලයා ෆෝන් එකෙන් ඔළුව උස්සලා බලනවා.ඒත් මම හිතන්නෙ නැහැ එයා මාව දැක්කා කියලා.බස් එක යන්න මිනිත්තු දෙකකට වගේ කලින් චොකලට් එකත් අරගෙන මම බස් එකට ආවා.ඇවිත් අර යාළුවා එක්ක කතා කර කර චොකලට් එක කෑවා.චොකලට් බඩගින්න නම් හරිගියා.ඒ වගේ ම කාලෙකට පස්සෙ මුණගැසුණ යාළුවා එක්ක ගොඩක් ඕපදූපත් කතා කරා.










අද කතාව නම් එච්චර හරි නැතුව ඇති.මේ දවස්වල බස්වල යනවා අඩුයි.ඒ නිසා ඉතිම් ගොඩක් ලස්සන සිදුවීම් මඟහැරෙනවා. ආයෙත් පුළුවන් ඉක්මනින් අමුතු සිද්ධි අරන් එන්නම්.

Evelyn

#අද අහස ගොඩක් ලස්සනට තිබුණා.ඔයලා දැක්කද??

ඔයලා  දැක්කද??

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
කතා+බස්Where stories live. Discover now