.03

41 9 11
                                    


" හ්හාහ් .. "
සතියක් තිස්සේ හිර දඬුවම් විඳලා එලියට ආව ජන්කුක් ට තවමත් හිතේ හැටියට තමන්ට සමාව දීගන්න බැරිවෙලා .. ජිමින් වෙනුවෙන් සතියක හිරඳඩුවමක්ද ? එතකොට සෝහි .. අර පුංචි එකී .. ?

ජන්කුක් කරගත්තෙ මහා පවක් .. අතේ වෙදැඟිල්ලට දාගන තිබ්බ ජිමින් ගේ මගුල් මුද්ද දිහා එක පාරක් බැලුව එයා හොස්පිටල් එකට යන්නයි ගොඩක්ම හදිස්සියෙන් හිටියේ..

ජන්කුක් ටැක්සියක නැගලා හොස්පිටල් එකට ආවේ ජිමින් ගෙ ඔම්මාගේ ඉල්ලීම එක්කලා තමන් අකමැතිම දඬුවමක් වෙනුවෙන් ..

" ඔහ් .. "
සෝහිගේ වෝඩ් එකේ ඇඳ හිස්ව තිබුනා ... ජිමින් ගේ ඔම්මා වත් පේන්න නොහිටිය නිසා ජන්කුක් ටිකක් කලබල උනා .. එයා නැති සතියට සෝහිට සිහිය ඇවිල්ලා නම් ? එයා ජිමින් ව හොයලා නම් .. මේ දැන් ජන්කුක් මොකක්ද සෝහිට දෙන උත්තරේ .. පුංචි හායුන් ගැන මොකක්ද ජන්කුක් කරන්නේ ?

" චොගියෝ .. "
සෝහිගේ වෝඩ් එක ඉස්සරහා බයවෙලා කල්පනාවේ හිටිය ජන්කුක් තිගැස්සුනේ එයාගේ පිටිපස්සෙන් ඇහුන ඒ හඬට .. අවුරුදු ගානකට පස්සේ ජන්කුක් අහන්න බලාපොරොත්තුවෙන් හිටිය ඒ හඬ .. නමුත් ජන්කුක් ට මූණ දීගන්න බැරි තරමේ මහා අපහසුතාවයක් එයාට දැනුනා ..

" සෝහි .. ? "

" සෝහි ? කොහොමද ඔයා මගේ නම දන්නේ ? "
තද දුඹුරු පාට ඉනට වඩා පොඩ්ඩක් කොට කොණ්ඩය එක්කලා හේසල් පාට ඇස් සෝහිට තිබුනා .. හිනා වෙද්දි හරි ප්‍රියමනාප අහින්සක පෙනුමක් එයාට තිබුනේ .. හායුන්ටත් එහෙමයි .. හැබැයි හායුන්ට තිබුනේ සෝහිටත් ජිමින් ටත් වඩා වෙනස් ටිකක් රවුම් ලොකු කියුට් ඇස් ..

ජන්කුක් සෝහි දිහා පුදුමයෙන් බලද්දි , සේලයින් එකත් එක්කලා ජන්කුක් ඉස්සරහා හිටගන හිටිය සෝහි පුදුමයෙන් වගේ ඔලුව ඇල කලා .. කෙල්ලට ජන්කුක් ව මතකයක් නෑ .... එයාට ජීවිතේ හොඳම දේවල් ජන්කුක් නිසාම අමතක වෙලා ගිහින් ...

ඒ අහින්සක පාට ඇස් අවුරුදු ගානකින් දැක්කම ජන්කුක් බලාපොරොත්තු උනේ හිනාවක් උනත් නොදැනීම එයාගේ ඇස් වලට නැගුනේ කදුළු බිංඳුවක්  .. ජන්කුක් අනිත් උන වරද සෝහි දන්නවා නම් කොයිවගේ හැසිරෙයිද ? සමහරවිට එහෙම උනා නන් ජන්කුක් ට සැනසීමක් ලැබෙන්න තිබුනා ..

𝙱𝚎𝚊𝚞𝚝𝚒𝚏𝚞𝚕  𝙻𝚒𝚊𝚛 💐 - JJK ( Ongoing )Wo Geschichten leben. Entdecke jetzt