02 ~

139 29 29
                                    


" ගෙදර කවුද ?.."

" ගෙදර කවුද ?....සුමනාආ.."


උදේ පාන්දරම අපෙ රත්නපාල බාප්පගේ හොර අඹුවගෙ මිනි කිංකිනි වොයිස් එක සුමනාගේ ගෙවල් හරියෙන් ඇහුනා වෙද්දී මමත් සනික ඇදෙන් පැනලා ගේට්ටුව ගාවට දිව්වා...



" ගෙද..~




" කරුණා මොකෝ කේස් එක..වයි මේ උදේ පාන්දර මිහිරි කටහඩ අවදි කරගෙන.."



එක පිම්මේ ගේට්ටුව ගාවට දිව්ව මම සුමනාගේ ගේ ඉස්සරහට වෙලා බෙරිහන් දෙන කරුණාට ඒකිගේ වචන සම්පූර්ණ කරගන්න ඉඩ නොදීම මගෙ හඩ අවදි කලා වෙද්දී ,


" අනේ මනූ බබා බලන්නකො වස්තුව මේ සුමනා අපෙ මිනිහාට කේලම් කියලානේ මම මිනිස්සු එක්ක අහුමුලු වල යනවා කියලා ..."


කරුණා නහයෙන් අඩ අඩ තනිකර දොන්ත මගුලක් වෙලා ඒකී ආපු කාරණාව කියන්න ගත්තා වගේම ඒකි කිව්ව දේත් එක්ක මට මීමැස්මොරේ හැදෙන්න ආවා...හත්තික්කේ සුමනා උබ ඔය සෙල්ලම් කරන්නේ කාත් එක්කද ගෑනියේ...කරුණාගෙ මිනිහා පොලිස්කාරයෙක්...ඒකගේ ගෑනි සෙට් වෙලා ඉන්නෙ අපෙ බාප්පා කියන එකා එක්ක...අනෙ හුත්තෝ..මමත් ගස්නේ දැන්. ආආඅ..සුමනා..සුමනා..සුමනා..උබනම් සාපකාර ගෑනියක් යකෝ..


" හෑ සිරාවටමද...මං කිව්වානේ කරුණා ඔයාටත් කරන දෙයක් ප්‍රවේසමෙන් කරන්න කියලා..බලන්නකො දැන් මමත් ගස්නේ..මං ඔයාට කිව්වේ අපේ රත්නපාල බාප්පා එක්ක විතරක් අහුමුලු වල යන්න කියලනේ අනේ..ඔයා ඇයි මිනිස්සු එක්ක ගියේ..."

කරුණා කියපු දේත් එක්ක මට මරණ බය නොදැනුනාමත් නෙවේ..ඒත් අනේ පොලිස්කාරයාට උනත් එහෙම වුකන්න දෙන්න බෑනෙ මං කියන්නේ..ඇයි වදේ...ඌව එපා නිසානේ කරුණා අපෙ රත්නපාලයා එක්ක සෙට් උනේ...හෙ හෙ සෙට් උනේ නැනේ හැබැයි මමනෙ සෙට් කලේ....ආ ආ ඒක අනවස්‍ය තොරතුරක්..මොනා උනත් කරුණාගෙත් වැරැද්දනෙ අනෙ මම ඒකිට කිව්වෙ අපෙ බාප්පා එක්ක විතරක් අහුමුලු වල යන්න කියලනේ...මේකිටත් තියන මගුල් විසේට මිනිස්සු එක්කත් ගිහින්...


"  අනේ මනූ බබාහ්..මම ඔයාලගේ බාප්පා එක්ක විතරයී පැටියෝ අහුමුලු වල ගියේ.."


රිද්ම | Short Story Where stories live. Discover now