2nd Blossoming 🌸

375 39 62
                                    


කාර් එක ගේට්ටුවෙන් එළියට දැම්මට පස්සෙ roller door එක වැහිලා යනකම් මම අපේ ගෙදර දිහා බලන් හිටියා...

🌸~


"Good morning ළමයි.. මම ඉක්මනට රෙජිස්ටර් එක මාර්ක් කරලා යන්නම්.. ඊළඟට ඔයාලට ඛාණ්ඩ විෂයන් නේද තියෙන්නෙ..?"

"ඔව් මිස්"

"කෝ අද කේෂව් නැද්ද ?"

"ආවා මිස්.. එයාට චෙස් තරඟයක් ගැන කතාකරන්න තියෙනව කියලා අනුරාධ සර් එයාට එන්න කිව්ව පළවෙනි පීරියඩ් එකේ.. ඒකට ගියා.."

"ම්ම්.. හරි හරි.. මං එහෙනම් රෙජිස්ටර් එකට එක දාන්නම්කො..."

පන්තිභාර මිස් රෙජිස්ටර් එක මාර්ක් කරලා පන්තියෙන් ගියාට පස්සෙයි මම පන්තියට ආවෙ..

අහ් කියන්න බැරි උනානෙ, මගෙ නම L. ලියේල් කේෂව් ආදර්ශ්..  L කියන්නෙ 'ලියනගේ' කියන එක.. මගෙ තාත්තා පොලිසියෙ OIC කෙනෙක්.. නම, 'තිවංක විශ්වනාත් ලියනගේ'...  අම්මා රහස් පරීක්ෂකවරියක්.. නම, 'උත්පලා ඉන්දීවරී ලියනගේ'...  අක්කා L. මෙතුවි දහරා සොනාලි.. හැමෝම කතා කරන්නෙ සොනාලි කියලා... එයා University lecture කෙනෙක්... මගෙ හැමදේකටම ඉන්නෙ ඉතින් එයා... අම්මයි තාත්තයි එයාලගෙ ලෝකවල හුඟක් බිසීනෙ... එහෙම උනා කියලා ආදරෙ අඩුවක් නැති තරම්..

මම අනිත් උන් ඔක්කොම එක්ක සෞන්දර්ය විෂයන්වලට බෙදිලා ගියා.. මම කරන්නෙ music.. ගායනය නෙවෙ. මොකද මම ගයන්න ගත්තොත් ඉස්කෝලෙ අනිත් පන්තිවල උගන්නන්න වෙන්නැ. ඒ තරම් ගායන හැකියාව පිහිටලා තියෙනව. ඉතින් මම වයන්න ගත්තා.. වාදනය තමයි කරන්නෙ.
ඉතින් මාත් එක්ක තව මේ පීරියඩ් එකට අපෙ පන්තියෙන් එන්නෙ සෙනෝමියි තව ළමයි දෙතුන් දෙනෙකුයි...
සෙනෝමි ගැන කිව්වොත් ඒකි ඉතින් මගෙ බොක්කෙ ෆිට් එක 6 වසරෙ ඉදන් ම.. හෛයෝ ගෑල්ලමයෙක් උනාට ඒවා එහෙම බලපාන්නැ යාලුකම්වලට.  අපි දෙන්නා තමයි සංගීත සර්ගෙ බොකු බඩවැල් පලාගෙන ආපු අති උත්තම ගෝලයො දෙන්නා. සංගීත තරඟයක් නම් අනිවාරෙන්ම අපි දෙන්නගෙ නම් දෙක තියෙනව...
අද ඩබල් පීරියඩ් නිසා, අද පැට්‍රිකල් කරනව කිව්ව.. සෙනෝමි ප්ලේ කරන්නෙ ගිටාර් එක. මම වයලීන් එක.. සෙනෝගෙ ගිටාර් එකෙන් ගහන සිංදුවක් ඇහුවොත් ඉතින් ඒකම අහන් ඉන්න තරම් ලස්සනට එයා ප්ලේ කරන්නෙ..
සෙනෝමි කිව්ව විදියට මම වයලින් ප්ලේ කරනකොට වයලීන් එක කතා කරනව වගේලු.. හුඟක් අය කියනව එහෙම.. අනෙ මන්දා.. මොනා නැතත් මාත් හද පත්ලෙන්ම කරන්න ආසයි මේ වයලීන් ප්ලේ කරන එක නම්..  කෝම කෝම හරි ඒ පීරියඩ් දෙකත් ඉවර කරලා, 4 වෙනි පීරියඩ් එක හිස් එකක් නිසා මගෙ හතරෙ කල්ලිය එක්ක මං පැන්නා කැන්ටිමට..

SAKURA 🌸Where stories live. Discover now