දඩුවම
"අයියණ්ඩි... "
මගේ පිටුපසින් හිටගෙන හිටිය අභීර් හෙමීට මුමුණනවා ඇහෙද්දී මගේ කට භාගෙට ඇරුනා... ඔහු කඩවසම්... අභීර් තරම්ම නොවුනත් ඔහුත් සැබවින්ම කඩවසම්....
සිනහවක් නොමැති මුහුණක් හිමි උන ඔහු හෙමීන් අහසින් පහලට ඇවිත් දේවාල භූමියේන් ඔහුගේ පාද තැබුවා... ඒ දෑස් එක එල්ලේම යොමු වෙලා තිබුනේ මගේ දිහාට වෙද්දී මගේ දෑස් පහලට නැවුනා...
"අයියණ්ඩී... "
මගේ පිටුපසින් හිටිය අභීර් මගේ ඉදිරියට ඇවිත් ඔහු ඉදිරියේ හිස නමලා ඔහුට ආචාර කලා.... බොහෝම ගෞරවයකින්...
ඒ නිසා මෙච්චර වෙලා මගේ දිහාට එල්ල වෙලා තිබුන ඒ දෑස් අභීර් ලඟ නැවතුනා.....
"ආරුල්... ඔහුට ආචාර කරන්න... "
අභීර් මට කියද්දී මං ඔහු ඉදිරියට ගිහින් ඉතාමත් ගෞරවයක් ඔහුට ආචාර කලා... ඔහු හිටියේ දෙවි කෙනෙක් සිටින සාමාන්‍ය ඉරියව්වකින් ඔහුගේ දෑත් තබාගෙන... ඔහුගේ දෑස් නැවතත් මගේ දිහාට යොමු උනා....
"ආරුල්.. ආරුල් දේව්දාස්.. ආදිත්‍යගේ සුන්දර දේවදාසයා... සිතුවිල්ලකින්වත් පවක් නොකල පිරිසිදු මනුෂ්‍ය ආත්මය... ම්ම්ම්... මා නිවැරදිද ආදිත්‍ය... "
ඔහු ගැඹුරු නිවුනු හඬකින් පවසද්දිත් මං හිටියේ ඔහු ඉදිරියේ හිස නමාගෙන... අභීර්ගේ තරම් නොවුනත් ඔහුට තිබුනේත් ගැඹුරු හඬක්...
"අයියණ්ඩී පැමිණෙන්න... පලමුව දෙවොල තුල අසුන් ගන්න... "
ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු නොදීම අභීර් පැවසිවේ ඒ ප්‍රශ්නය මඟ අරිමින්....
"ම්න්.. "
"ආරුල්.. ඔහු වෙනුවෙන් තේ පැන් රැගෙන එන්න.... "
ඔවුන් දෙවොල දිහාවට ඇවිඳන් යද්දී මං මුලුතැන්ගෙය දිහාට හැරුනා...
ඔහු හදිසියේම පැමිණෙන්න හේතුව කුමක් විය හැකිද....
මං මුලුතැන්ගෙයට ගිහින් දේව පූජාවන් පවත්වන තේ කට්ටලයටම රසවත් තේ වර්ගයක් හැදුවා.. ආහාරයට දීමට කිසිවක් නැති තැන මං ඒවා අරන් දෙවොල ඉදිරිපස දිහාට හෙමීට ඇවිඳගෙන ගියා....
YOU ARE READING
දේව්දාස් || Completed
Fanfictionග්රත්ය දාසයක ලෙසින් දෙවියන්ට කැප වූවත්.... භක්ත දාසයක ලෙස දෙවියන්ට කැපව සිටින ඔහු... දේව්දාස්.. . . yizhan ff