ඉතින් උදේ වරුව ඔය විදියට ගියත් හර්ශි නන් ඉදියෙ අර උදේ දැක්ක කෙනාගෙ සිහියෙන් ඉතින් හර්ශි තමන්ගෙ සගයො ටිකත් එක්ක කොරිඩෝව දිගේ යද්දි අර උදේ ඇස් අල්ල ගත්ත කෙනා දිහා ආයෙම බලන්න අමතක කරේ නෑ ඉතින් පාසලේ අවසාන කාල පරිච්ඡේදයත් ඉවර වෙනවාත් එක්කම පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායිකාව කාටත් සතුටු හිතෙන ආරංචියක් නිවේදනය කරා....
"🎤....Please listen කොරෝනා සමයත් සමග වසර දෙකක් මුලුල්ලෙ පාසලේ පැවැත්වීමට නොහැකිව තිබූ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙම වසරේ 3 වෙනි මස කොරෝනා නීති රීති වලට අනුගතව පැවැත්වීමට අප පාසලේ ගුරු මණ්ඩලය විසින් තීරණය කර ඇත ලබන සතියේ සිට නියමිත පුහුණු වීම් කටයතු ආරම්භ කිරීමටද සූදානම්ව ඇත...."
ඉතින් ප්‍රධාන ශිෂ්‍යනායිකාව නිවේදනය කියලා ඉවර වෙනවත් එක්කම මුළු ඉස්කෝලේම එකම සද්දයයි මොකද ඉතින් අවුරුදු දෙකකට පස්සෙනෙ ක්‍රීඩා උත්සවයක් තියන්න යන්නෙ....
කොහොම උනත් අකීටනන් එච්චර ගානක් තිබුනෙ නෑ එයා ක්‍රීඩා වලට එච්චර interesting ළමයෙක් නෙවෙයි ඒකට හරියන්න ඉතින් හර්ශිට නන් ඉහේ මලක් පිපිනා හා සමානයි මොකද තමන්ගෙ හැකියාවන් මුළු ඉස්කෝලේටම පෙන්න ආයෙම අවස්ථාවක් ඇවිල්ලයි තියෙන්නෙ....
ඉතින් ඉස්කෝලේ යාච්ඤා කරලා එහෙම ඉවර වෙලා ලැබුණු පණිවිඩෙත් එක්ක කට්ටියම ගෙවල් වලට ගියේ පුදුම සතුටින්....අකීනන් ගෙදර යන්නෙ scl van එකේ ඉතින් වෙනදා වගේ ඉස්කෝලේ ඇරිලා අකී එයාගෙ scl van එකට නැගලා ජනේලෙ අයිනක වාඩි වෙලා ඉදියෙ van එකේ අනිත් ළමයි ටිකත් එකතු වෙනකන් ඔහොම ඉද්දි හර්ශි ඇතුලු සගයො ටිකත් එළියට ආවෙ ගෙදර යන්න bus එක ගන්න.
කට්ටිය කියව කියව එළියට ආවත් හර්ශි හිත කාවදෝ හොයනවා එතකොටම පාර පැත්තට වෙන්න පාක් කරලා තිබුන van එකේ පිටිපස්සෙම ශීට් එකේ මාස්ක් එකකුත් දාන් අතකින් ඉස්සරහා ශීට් එක පහුරු ගාන ගමන් සිහින ලොවක අතරමන් වෙලා ඉන්න කෙනාව දැක්කෙ...
ඔව් එයාව තමයි මෙච්චර වෙලා හර්ශිගෙ හිත හෙව්වෙ. හොයපු කෙනා හම්බුන නිසාමද මන්දා හිතපු නැති විදියට හර්ශිගෙ මූණෙ හිනාවක් ඇදුනා....
වෙනම ලෝකෙක තනිවෙලා ඉදපු හර්ශි මේ ලෝකෙට ආවෙ එහා පැත්තෙ ඉදපු අරෝශා පිටට දෙකක් ඇනලා බස් එකට පරක්කු වෙනවා කියලා බෙරිහන් දෙද්දි...
ඊළඟ කොටසින් හම්බවෙමු ළමයි...
මේ ගැන අදහස comment එකකින් දාන් යන්න ළමයි....😇🌼
YOU ARE READING
අසම්මත පෙම
Fantasyහිමි වුවද අහිමි වුවද සම්මත වුවද අසම්මත වුවද ප්‍රේමය යනු දැනෙන ලස්සන හැඟීමකි.. විඳින්නට මිස විඳවන්නට නොලැබෙන ප්‍රේමය කියන්නෙම ආශිර්වාදයකි. වසන්තය පැමිනෙන්නට නම් කර්කුෂ වූ කාලවකවානු ගෙවා දමන්නට සිදුවේ.🌼