"Good morning මා බොක්ක..."
"Morning"
"මොකද යකො කැද බීලා වගේ..."
"නෑ පංතියට යමන්.."සදුදා උදේ ඉස්කෝලේ ඇවිත් අරෝශා හර්ශි එක්ක කියව කියවම පංතිය ගියා.
අද ඉතින් ඉස්කෝලේ sportsmeet practice පටන් ගන්නවනෙ.ඔන්න ඉතින් ප්‍රධාන ශිෂ්‍යනායිකාව නිවේදනය දෙන්න ගත්තා...
"🎤 Silence please...සියලුම සිසුන් පුහුණු වීම් කටයුතු ආරම්භ කිරීම සදහා පංති වශයෙන් පිට්ටනියට රැස් වෙන්න..."
ඔන්න ඉතින් ළමයි ටික ටික පිට්ටනියට ඇදෙනවා...කොහොම උනත් අකීව මේ වගේ sports වැඩ වලට ගන්න එකනන් කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්...එහෙමයි කියලා පංතියේ ඉන්න බෑනෙ අකීගෙ හොදම යාලුවා සහස්නා අකීව ඇදගෙනම පිට්ටනියට ගියා හරියට නිකන් මරන්න එක්කන් යන හරකෙක් වගේ...
හර්ශිගෙ උදේ මූඩ් එක කොහොම උනත් අකීව දැක්කම අමුතු කික් එකක් ආවා ඇගට...
ඉස්කෝලේ ඔක්කොම ළමයි පිට්ටනියට ආවට පස්සෙ ඉස්කෝලේ ගේම්ස් කැප්ටන් ඇවිත් කතා කරා.කතා කරා කියුවට ඉතින් meet එකේ විස්තර තමා කියුවෙ ඊට පස්සෙ නිවාස හතරට තැන් හතරක් දීලා තමන්ගෙ ඒවට යන්න කියලා කියුවා මේ පාර ඉතින් ආයෙම බෙදන්නෙ නෑනෙ.
ඉස්කෝලේ houses තිබුනෙ Red, blue, green, yellow කියලා අකී සහස්නා වගේම එයාලගෙ සෙට් එකේ තව මලීශා ඉදියෙ yellow එකේ.
හර්ශිගෙ ඉහේ මලක් පිපෙන්නයි යන්නෙ...මොකද හර්ශි අරෝශයිත් yellow එකේ අම්මො නේ ඉතින්...
Houses හතරෙම අය තැන හතරක ඉද්දි yellow එකේ ළමයි මිස්ලා ඉදියෙ පිට්ටනියෙ ටිකක් කෙලවරට වෙන්න තිබුන කුඹුක් ගහ යට.
එතන තණකොළ පිට්ටනිය නිසා අවුලක් නෑ කට්ටියම පංති පංති විදියට පිළිවලට වාඩි වෙලා house එකේ මිස්ලා කියන ඒවට කන්දීගෙන ඉදියා.ඔක්කොම එහෙම ඉදියා කියන්න බෑ ඉතින් සමහරු කියවනවා සමහරු තණකොළ උගුල්ලනවා එක වැඩයි.කොහොම උනත් අර මොකක්ද එක වගේ හර්ශි ඉදියෙ අකීගෙ සිහියෙන් අකීටනන් කිසිම ගානක් ඔහේ මිස්ලා දිහා බලන් ඉන්නවා.
ඉතින් මිස්ලා house එකේ ඉස්සරහා වැඩ ගැන කියලා House Captain,games caption, පත් කර ගන්න ළමයිට ඉඩ දුන්නා.ඔය ඔක්කොම කියන අස්සෙ හර්ශි අරෝශයි ඉදියෙ වෙනම ලෝකෙක.අරෝශට ඕන උනා යාලුවට වෙලා තියන දේ විස්තර ඇතුව දැන ගන්න.අරෝශා පිටි පස්සෙම ඉදගෙන කතාවට මුල අඩිය තිබ්බා...
"උඹ මොකක් හරි අවුලකද බං..."
"පිස්සුද මේ ඉන්නෙ හොදට..."
"හොදට මං කියන්නෑ උඹට හොද ගැන.මට ඇත්ත කියපන් ආයෙ ඉතින් උබෙයි මගෙයි රහස් නෑනෙ...නෙ..නේ.."
"හරි මේ අහපන්කො..."
හර්ශි කියන්න යන දේ සාවදානව අහගෙන ඉන්න අරෝශා හරි බරි ගැහිලා ඉද ගත්තා."හර්ශි..."
ඉදගත්තත් මොකද සරෝජා මිස් බෙරිහන් දීලා කෑවනෙ වැඩේ.මිස් සද්දෙට දෙන්නම හැස්සිලා මිස් දිහා බැලුවා."මිස්..."
" House games caption විදියට ඔයාව තෝර ගන්නවා පුතා."
ඒක කියුවම හර්ශිට කෙලත් හිර උනා මොකද ඉතින් ලේසි දෙයක් නෙවෙයිනෙ භාර දෙන්න යන්නෙ.හර්ශි sports කරාට ඔය තනතුරු දැරීම් එච්චර නෑ."ආ..හා... හරි මිස්..."
"හ්ම් එතකොට අරෝශා house caption "
" අහ් හරි මිස්..."දෙන්නම හරි කියුවට මොකද දෙන්නා මූණට මූණ බලා ගත්තෙ "මොකක්ද යකෝ මේ කඩා පාත් උන මරාලෙ කියලා"අහන්න වගේ.
හිතුනා කියලා මිස් ගෙන් අහන්නද බෑනෙ...බෑනේ...දෙන්නම ඉතින් මිස් දිහා බලලා හිනා වෙලා ඉදපු තැනින් නැගිටලා ඉස්සරහට ගියා.
ඉතින් කට්ටියම ඔහොම කතා කර කර ඉදලා practice පටන් ගත්තා හර්ශි අරෝශායිත් ඉතින් වැඩේට බැස්සා.මිස්ලාත් කරන්න ඕන වැඩ ඒ ඒ අයට භාර දීලා ගියා practice කරනවා කියුවට අද එච්චර දෙයක් වෙන්නෙ නෑ.අරෝශා house එකේ ළමයිගෙ නම් පංති පංති විදියට ලියා ගත්තා.
ඊට පස්සෙ ඉතින් වයස් මට්ටම් වලින් තියන ඒ ඒ තරග වලට කැමති අයගෙ නම් ලියා ගත්තා.ඒ උනාට කැමති කැමති අයව දාන්න බෑනෙ පුරුදු කරලා ගේමක් ගහන්න පුළුවන් අයව තෝරන්න ඕනෙනෙ.අද ඉතින් පංති මට්ටමින් තියන ගෘප් ඉවෙන්ට් පුරුදු කරවනවා.ඔක්කොම පුරුදු වෙන්නෑ ඉතින් සමහරු කියවනවා එක එකා එක එක වැඩ වල.
අදට ඔච්චරයි ඉතින්.ඉක්මනට එන්නන් ඊළඟ පරිච්ඡේදය අරන්...😇
අඩු පාඩු තියනවනන් comment කරන් යන්න...
පරිස්සමින් ඉන්න ළමායි....🌼😇
YOU ARE READING
අසම්මත පෙම
Fantasyහිමි වුවද අහිමි වුවද සම්මත වුවද අසම්මත වුවද ප්‍රේමය යනු දැනෙන ලස්සන හැඟීමකි.. විඳින්නට මිස විඳවන්නට නොලැබෙන ප්‍රේමය කියන්නෙම ආශිර්වාදයකි. වසන්තය පැමිනෙන්නට නම් කර්කුෂ වූ කාලවකවානු ගෙවා දමන්නට සිදුවේ.🌼