1 පරිච්ඡේදය

105 8 9
                                    

ඇය නමින් අකේශි නෙතුල්‍යා. සාමාන්‍ය කාන්තා පාසලක 10 ශ්‍රේණියේ ඉගෙන ගන්න පුංචි කෙල්ලෙක්...වැඩි කතා බහක් නැති යාලුවොත් එහෙමට කියලා නැති තමන්ගෙ පාඩුවේ වැඩක් කරන් ඉන්න සාමාන්‍ය කෙල්ලක්......

කාලයක් තිස්සේ ගෙදරට හිර වෙලා ඉන්න වුනේ කොරෝනා නිසා පාසල් වහලා තිබ්බ නිසා. ගෙදරට වෙලා හිර වෙලා හිටපු අකීට පියාපත් ලැ⁣බුනේ ආයේ පාසල් පටන් ගත්ත දවසේ. ඉතින් කෙල්ල හරිම ආසාවෙන් එදා ඉස්කෝලේ ගියේ කාලෙකින් දැක්කේ නැති යාළුවෝ ටික බලන්න තියෙන වුවමනාවට වඩා ගෙදරින් නිදහස් වෙනවා කියලා දැනෙන හැඟීමටයි.

ඉතින් කාලෙකින් පාසලට ගිය ඇයට වගේම ඇගේ යාළුවන්ටත් කියලා නිම කරන්න බැරි සතුටු දවසක්. ඒත්...... හැමෝම වගේ වෙනස් වෙලා. සමහර අය උස ගිහින්, සමහරු සුදු වෙලා, සමහරු මහත් වෙලා එකිමෙකි නොකි වෙනස්කම් ගොඩක් අකීටත් තේරුනා. ඉතින් කට්ටියම කයියක් දාන් හිටියේ කොරෝනා නීතිරීති වලට අනුව මාස්ක් දාගෙන පාසල ආරම්භ වෙන සීනුව නාද වෙනකන්. පාසලේ ආරම්භක සීනුව නාද වීමත් එක්කම පාසලේ උදේ රැස්වීම කොරෝනා නීති වලට අනුව තිබින. උපදෙස් මාලාවක් එක්ක විදුහල්පතිතුමිය දුන් දීර්ඝ දේශනාව අහන් හිටපු හැමෝම වෙන වෙන ලෝක වල ගිලිලා ඉද්දි අකීත් ⁣හිටියේ වෙනම ලෝකෙක.වෙනම ලෝකෙක හිටිය හැමෝම පියවි සිහියට ආවේ අනිත් ළමයි අත්පොඩි ගහද්දි. කට්ටියම පන්තියට ගියා.

ඉතින් නිවාඩුවට කලින් නම් 10 වසරේ පංතිය තිබුණෙ ඉස්කෝලේ ඉස්සරහා බිල්ඩින් එකේ කොහොම උනත් ළමයිගෙ හොද වැඩ නිසාම විදුහල්පති කාර්යාලය වගේම 12 Art section එක තියන බිල්ඩින් එකට මාරු වීමක් හම්බුනා

තිබුන වාතාවරණය එක්ක විදුහල්පතිගෙ උපදෙස් අනුව මීටරේ පරතරේට පංති කාමරය හදන්න සිද්ද උනා...ඉතින් 10 ශ්‍රේණිය භාරව ඉන්න වත්සලා මිස්ගෙ අන පරිදි පංතියේ හැමෝම එකතු වෙලා පංතිය හදන්න ගත්ත.ඉතින් මීටරේ පරතරේට ඉන්න පංතියේ ඉඩ මදි නිසා ටික දෙනෙකුට තමන්ගෙ මේස පුටුත් අරගෙන පංතියට ඇතුල් වෙන පැත්තෙ බිත්තිය එහා පැත්තට යන්න ටිකට් එකක් ඇදුනා....

ඒ ටිකට් එක ඇදුන ළමයි කොට්ටාසෙට ඉතින් අකේශිත් අයිති....ඉතින් අකේශි කොහොම උනත් එයාගෙ යාලුවො නන් අහිංසක නෑ හරිම කටකාරයි.ඉතින් අකේශිට එළියට මාරු වීම හම්බුනේ තමන්ගෙ යාලුවො දෙතුන් දෙනාටත් එක්කමයි....

10 වසර පංති දෙකක් එහාට තිබුණෙ 12 කලා පංති පේලිය ඉතින් හර්ශි අසංගා 12 කලා පංතියේ ඉගෙන ගන්න ළමයෙක් ක්‍රීඩාවට පුදුම විදියට දක්ශ වගේම ආස කරන ක්‍රීඩාවෙන්ම ගේම ගහන සෙල්ලක්කාර කෙල්ලක් ඉස්කෝලේ නන් එයාව දන්නෙ නැති කෙනෙක් නැති තරන්.....

කොහොම උනත් ළමයින්ගේ එයාට පුදුම පිළිගැනීමක් තිබුනා.එත් හර්ශි පොඩ්ඩක් විතර සැර නිසාම පංතියේ ළමයි ඇරුනු කොට අනිත් ළමයි කතාවට යන්න පොඩ්ඩක් බය උනා.හර්ශි ඉතින් පංතියෙත් තැන තියාගෙන කට්ටියව බය කරගෙන එහෙම හිටියේ....

ඉතින් 10 ළමයි ටික ඉක්මන් කරලා තම තමන්ගේ ඩෙස් පුටු හදාගෙන ලෑස්ති වෙන⁣වත් එක්කම වත්සලා මිස් ළමයින්ගේ පැමිණිම ලකුණු කරලා පන්තියේ ඊළඟට එන්න තියෙන ඉංග්‍රීසි සර්ටත් එන්න කියන්න කියලා පන්තියෙන් ගියා. ඉතින් අකිත් යාළුවොත් පාඩමට ලෑස්ති වෙන වෙලේ එතනින් ගියේ හර්ශි එයාගේ සගයෝ ටිකයි. මොකද 12 කලා පංති වලට යන්න තියෙන්නෙ 10 වසර පංතිය පහු කර ගෙන ඉතින් හර්ශි තමන්ගෙ සගයො ටික එක්ක කොරිඩෝව දිගේ ඇහ දාගෙන ගියේ කව්ද තමන්ගෙ වාස භූමියට ආවෙ කියලා... හර්ශිගේ මූණේ ඒ වෙලේ ඇඳිලා තිබ්බ අපහසාත්මක හිනාව ඉඟි කලේ අර එළියේ හිටපු 10 ළමයින්ගේ පැත්තට. ඉතින් ඒ යද්දි අර එළියෙ ඉදපු ළමයි පේලියේ කෙනෙක් ලග හර්ශිගෙ ඇස් නතර උනා. ඒ වෙන කවුරුත් නෙවෙයි අකී ළඟයි. ඒ වෙලේ තිබුන විෂයට තියෙන ආසාවත් එක්කම අකී ඉදියේ පාඩම සිහියෙන්. මොකද එයා ඒ තරමට එයාට ඒ විෂය පුළුවන් නිසා යන එන අය ගැන වැඩි අවදානයක් තිබුනෙ නෑ. ඒත් හර්ශිගේ ඇස් අකේශි ළඟින් අයින් වුනේ එයාව පාස් කරලා යනවත් එක්කමයි. ආයේ නැවත අකේශි දිහා තව පාරක් හැරිලා බලන්නත් හර්ශි අමතක කලේ නෑ. හර්ශිට පළවෙනි පාරට අකේශිව අද දැක්කා වගේ බැල්මක් එයාගේ මූණේ තියෙනවා දැක්ක අරෝශා හර්ශිට පිටට තට්ටුවක් දාලා ඇහෙන් ඉඟි කරලා ඇහුවේ කා දිහාද බලන්නේ කියලා. හර්ශි ඒකට හිනාවක් විතරක් දුන්නා...

ඊළඟ කොටසෙන් හමු වෙමු...😊
ඔයාලගෙ අදහසත් කියගෙන යන්න 😇

අසම්මත පෙම Where stories live. Discover now