3 පරිච්ඡේදය

48 4 3
                                    

ඉස්කෝලේ පලවෙනි දවස ඔය විදියට ගෙවිලා ගියා....

පහුවදා තමන්ගෙ සගයො ටිකටත් කලින් හර්ශි ඉස්කෝලේට ආවෙ තමන්ගෙ හිත ඇතුලෙ වද දෙන රූපයක් හොයාගෙන ඒත් ඉතින් බලාපොරොත්තු උන විදියට සිද්ද උනේ නෑ...අකීගෙ scl van එක ඇවිත් තිබුනෙ නෑ....

ඉතින් හර්ශි මූණ නිකන් කරත්ත රෝදෙකට අහු උන කජු ලෙල්ලක් වගේ කරන් පංතිය ඉස්සරහා කොරිඩෝවට වෙලා බලන් ඉදියා එයාගෙ ඇස් හොයන කෙනා දකිනකන් ඉවසිල්ලක් නැතුව....

කොහොම උනත් හර්ශිගෙ යාලුවො ටිකට නන් හරි පුදුමයි මොකද ඉතින් හැමදාම බෙල් එක ගහන්න ඔන්න මෙන්න තියලා ඉස්කෝලේට එන හර්ශි දිහා බලලා....

':මොකො බං කවදාවත් නැතුව අද කලින් ඇවිත්...'
ඒ ඇහුවෙ හර්ශිගෙ හොදම යාලුවා අරෝශා

"මොකො උඹ අද අනිත් පැත්තෙන් වත් නැගිට්ටද...."
අරෝශාගෙ උරහිසටත් වාරු වෙලා සෙට් එකේ තවත් එක්කෙන් කතාවට එකතු උනා ඔන්න....

" පිස්සුද බං උබලට... හැමදාම එකම විදියට ඉන්නත් බෑනේ...ඒකයි...."
හර්ශි එහෙම කියුවෙ අර එහෙටත් නැති මෙහෙටත් නැති හිනාවක් දාලා ඒ උනාට මොකද ඉතින්....

කොරිඩෝවෙ කොනේම තියන හරියටම කියුවොත් 10 පංතියට අඩි තුනක් හතරක් විතර එහාට තියන පඩිපෙළ දිගේ උඩට ආව රූපෙ දැක්කම හර්ශිගෙ මූණෙ ඇදුනෙ මල් හිනාවක්.

ඔය දැක්ක එකම ඇති ඉතින් අහම්බෙන් වත් දකින්න බැරි හර්ශිගෙ හිනාව ටිකවෙලාවකට හරි බලන්න...

ඉස්කෝලේ බෙල් එක ගහන්න තව වෙලාව තියන නිසා සෙට් එක ඉතින්  කොරිඩෝවෙම කියව කියව ඉදියා...සමහරු මිදුල අස් කරනවා. සමහරු කල්ලි ගැහිලා කියනවා ඉස්කෝලේ හැමෝම ඉතින් එක එක වැඩ ඔහොම ඉද්දි ඉස්කෝලේ බෙල් එකත් ගහලා  යාච්ඤා කරලා එහෙම ඉස්කෝලේ වැඩ ටික පටන් ගත්තා...

ඉතින් වත්සලා මිසුත් සුපුරුදු විදියටම පංතිට ඇවිත් නාම ලේඛනේ ලකුණු කරලා දැන් තියන කාල පරිච්ඡේදෙට පොත් අරන් ලෑස්ති වෙන්න කියලා එළියට ගියා....

10 පංතියට මුල් කාලච්ඡේද දෙක   වෙන් වෙලා තිබ්බෙ commerce,Citizen කියලා විශයන් වලට ඉතින්  Commerce කරන කට්ටිය පොත් ටිකත් අරන් එළියට ගියා මොකද එයාලට ඒ period එක තියෙන්නෙ වෙන පංතියක....

Citizen කරන විහගි මිස් එදා ඉස්කෝලේ ඇවිත් තිබුනේ නෑ. ඒ නිසා ඉතින් Citizen කරන අයට ඒ period  දෙකම free අකී අයිති උනෙත් මේ Citizen  කරන ළමයි කොට්ටාසෙට.



මේ දාන ප්‍රමාණෙ ඇතිද? මදිද? කතාව කම්මැලී වගේද? කියලා ඔයාලගෙ අදහස comment කරන් යන්න ළමයි.... 😇
ඊලග කොටසෙන් හම්බෙමු එහෙනන්... 😁❤️

අසම්මත පෙම Where stories live. Discover now