දාහතරවන දිගහැරුම

31 4 2
                                    

Author's POV

අනේ මන්දා මොනතරම් මුහුදෙ සද්දේ මොනතරම් වැඩි උනත් ඒකට හරි ආසාවෙන් ඇහුම්කන් දෙන්න පුලුවන්. මුහුද කියන්නේ නෙප්චූන් කියන දෙවියන්ගේ අඩවියනේ. එයාගේ මායාවක් වෙන්නැති ඒක. හිත් නිවන මායාවක්. රැල්ල වෙරලට ඇවිත් මුහුදු වැලි උඩ වැතිරෙද්දි, ගල් පර වල වැදිලා සුදු පාට පෙණ කැටි මැවෙද්දි, මුහුදු රළ ගොඩට එද්දි පොඩි උන් සතුටින් බෙරිහන් දෙද්දි මොන තරම් ඝෝශාකාරී උනත් අහන් ඉන්න හරි ආසයි.

කින්ස්බරි, තාජ් සමුද්‍රා, ශැන්ග්‍රිලා, ගෝල්ෆේස් හොටෙල් වගේ සද්දන්තයන්ගෙන් වට වෙච්ච ගාලු මුවදොර කියන්නේ මේ ලෝකෙ මන් ආසම තැන!

"මන් ලියන හැම කතාවකම අනිවාර්යෙන් එක තැනක් තියෙනවා, දන්නවද?" මන් පහන් අයියගෙන් ඇහුවා.

"ඒ කොහෙද?" මුහුද දිහාවට අත දික් කරගෙන අතත් එක්ක මුහුද වැදෙන විදිහට ෆොටෝ එකක් ගන්න ගමන් පහන් අයියා මගෙන් අහද්දි මන් ඒ දිහා බලාගෙනම උත්තර දුන්නා.

"මෙතන. ගෝල් ෆේස්! මන් හැම කතාවකම මෙතන දානවා. මෙතන බැරිනම් අඩුම වෙන කොහෙ හරි තැනක මුහුදක්. මුහුදක් එක්ක ලස්සනට ෆීලින්ස් මික්ස් කරන්න පුලුවන්!"
එයා මුකුත් නොකිය මගේ දිහා බලාගෙන හිටියා. මන් දිගටම කතා කලා.
"ඔයාට තේරෙන්නෙ නෑ නේ මන් කියන දේවල්! මන් කියන්නෙ මොනවද කියන්න මටවත් තේරෙන්නෙ නැහැ. ඉතින් තව කෙනෙක් කොහොම මාව තේරුම් ගන්නද?"

"එයා ඔයාව තේරුම් ගත්තා හැබැයි!"

"හ්ම්! එයා ඒ දේ කලා"

"එයාව කවදාවත් නැති කරගන්න එපා මල්ලි. එයාට දුකක් දෙන්නත් එපා. එයාට ඔයාගෙන් තොර ලෝකයක් නැහැ!"

"හ්ම්"

Pahan's POV

අපි ගස් අස්සෙන් ඇවිදන් ගිහින් වෙරළෙ තියෙන ගලක් උඩින් වාඩි උනා. අපි දෙන්නම අපි දිහා බලාගෙන හිනා උනා. එයාගේ කොණ්ඩේ හුළඟ එක්ක නළලට වැටිලා තිබුණා. ලොකු අව්වක් තිබුණෙත් නැහැ. ඉතින් එතන තිබ්බෙ හරි කාම් වයිබ් එකක්. ඒ කාම් වයිබ් එක මටනම් දැනුනේ අව්ව නැති නිසාවත්, මුහුදු හුළඟ නිසාවත් නෙවෙයි. මට ඒ වයිබ් එක දැනුනේ මගේ ඉස්සරහ එයා මන් දිහා බලාගෙන ඉන්න නිසා. ඒ සැහැල්ලු ෆීලින් එකට මන් පට්ටම විදිහට ලෝබයි. ඒ සැනසීම මට දැනුනෙ එයා ළඟදි විතරයි. ඒ සැනසීම දෙන්න පුලුවන් එයාට විතරයි.

(අ)හිමි | Ongoing Where stories live. Discover now