part 01

26 2 2
                                    

වයස අවුරුදු 17ක් වුන ආදිත්‍ය අධිලාශ්ගෙ high school එකේ first day එක අද උනාට කොල්ලා තාම හොදට නිදි.ඉතිම් එයාගෙ අබයාලුව උන මිනෝල් කෝල් කරද්දි තමයි නිදි කුමාරය නින්දෙන් අවදි උනේ

"මොකද යකොව් මේ උදේ පාන්දර කෝල් ගන්නෙ මොන රෙද්දක්ද ශෝක් එකට දැක දැක හිටපු හීනෙ කෑවනෙ"

"තෝ තාම නිදිද යකෝ"

"නිදිද අහන්නෙ බන් බලපන්කො වෙලාව"

"උබට මන් කියන්නෑ ඉතින් පොලොස් කොට්ටෝරුවා ලෑස්තිවෙයන් යකෝ ඉක්මනට යන්නෙ නැද්ද high school එකට"

"හුටා කලින් කියන්න එපැයි යකොව්"

"කලින් කියන්නෙ කොහෙද කුමාරයා සැතපිලානෙ මේ මන් උබලගෙ ගෙදර එන ගමන් ලෑස්ති වෙයන්"

කෝල් එක කට් උන සැනින් ආදිත්‍ය ඉක්මනට ලෑස්ති උනේ මිනෝල්ගෙ දේශනාව අහන් ඉන්නෙ කොහොමද කියල හිතන ගමන්

"ආදි......මන් ආවෝ.....ආආආහ් කොන්ද"

ආදිට කතා කරන ගමන් මිනෝල් දොරත් ඇරගෙන ඇතුලට එනකොටම ආදි බිම දාල තිබ්බ පොඩි සෙල්ලම් බඩුවක් පෑගිලා මිනෝල් වැටුනා

"හත්තික්කේ මිනෝල් පොඩි කාලෙ දනගෑවෙ නැද්ද"

"දන ගාන්න නෙවෙයි යකූ උස්සපන් මාව බලපන්කො උබෙ ගෙදර පිස්සන් කොටුව වගේ මේක අස්කරගනිම් බන් අනික මේ උබ මට හිනාවෙන්න එන්න එපා පාප මිත්‍රයා උබ මෙතන පරක්කු උනා මදිවට දැන් එනවත මට තව්සන් ටෝක් දෙන්න යන පලවෙනි දවසෙම පනිශ්මන්ට් එකක් කන්න උනොත් මන් උබ ගැන බලාගන්නම් සයිබීරියානු ඔටුවා"

"නවත්තපන් යකූ මගෙ කන් දෙක ඇහෙන්නෙත් නෑ වගේ උබත් එක්ක ඉදල පුදුම කියවිල්ලක්නෙ තියෙන්නෙ"

"තොට මම"

"යැයි යැයි තමා හිටාම් මන් කොන්ඩෙ පීරගෙන එන්නම්"

"ඕකෙ මොනවද බන් පීරන්න තියෙන්නෙ මෙහෙ වරෙන් යන්න"

"හරි හරි ඉන්ඩ"

දෙන්නත් එක්කම school එක ගාවට ගියා නෙවෙයි දිව්වා තිබුන වෙලවෙ හැටියට

"ඒ අඩොව් ගේට් එක වහන්න හදන්නෙ ආදි කකුල් දෙකට වැදල දුවහම්"

"අනේ බුදු අන්කල් ගේට් එක වහන්න එපෝ"

කොහොම හරි දෙන්නත් එක්ක ස්කූල් එකට ගියා

"අර අන්කල්ට පින් සිද්ද වෙන්න මන් බේරුනා නැත්තම් උබ කියන ඒව අහන් ඉන්න එපැයි මන්"

"මේ බන් ඒක නෙවෙයි දැන් ක්ලාස් රූම් එක හොයාගන්න වෙයි ඔක්කොටම කලින්"

"ඒ ඔව් නේද යමන්කො ඇතුලට මොනා කරන්නත්"

දෙන්නත් එක්කම ඇතුලට ගියා දෙන්න කතා කරන ගමන් ඇවිදිද්දි ආදිත්‍යගෙ ඇගේ කෙනෙක් හැප්පුනා

"අහ් සොරි"

"කොහෙ බලාගෙනද ඕයි තමුසෙ යන්නෙ"

ආදිත්‍යගෙ ඇගේ හැප්පුන කෙනා එහෙම කියද්දි මිනෝල්ට තරහ ගියා එතන මේ තුන්දෙනාට අමතරව තව දෙන්නෙක් හිටියා

"මේ මේ..මෙයා දැන් සොරි කිව්වනෙ"

"තමුසෙ කවුද මුගෙ යාලුවද"

"ඔව් ඇයි දැන් ප්‍රශ්න තියෙනවද ප්‍රශ්න"

"මිනෝල් මේ අහපන් ආපු දවසෙම ප්‍රශ්න ඕනෙ නෑනෙ"

"ආහ් තමුසෙල දෙන්න අදද ආවෙ"

"ඔව්"

ආදිත්‍ය උත්තර දුන්නා

"ඒ කෙශාන් , අයාන් මුන් දෙන්නට පොඩි බයිට් එකක් දෙමුද"

ආදිත්‍යයි මිනෝලුයි මූනෙන් මූන බලාගත්තා ඊට පස්සෙ ආදිත්‍ය මිනෝල්වත් ඇදගෙන එතන හිටපු තුන් දෙනාටත් ගස්සල යන්න ගියා

"කියුට් හැබැයි"

"ඒ කෙශාන් මූ බලාම්කො"

"ඒක තමා ඔහොම යමුකො බලන්න මොකද වෙන්නෙ කියල ආශි"

"අනේ මෙහෙ වරෙන් බන් යන්න විකාර කියවන්නෙ නැතුව"

"හරි හරි ශෙනෙරු ආශින්ස මහත්තයො අපි බලමුකො නේද අයාන්"

"උබලට අද මම"

"අඩෝ අඩෝදුවපන් කෙශාන්"

ආශින්ස කෙශාන්ගෙයි අයාන්ගෙයි පස්සෙ පන්නන්න ගත්තා.කෝමෙන් කෝම හරි ආදිත්‍යයි මිනෝලුයි ක්ලාස් රූම් එක හොයාගත්ත.අර තුන්දෙනත් එයාලගෙ ක්ලාස් එකේමයි ක්ලාස් එක ඇතුලෙ මුකුත් වලියක් නොගියට ඊට පස්සෙ ඒ දෙන්නට පොඩි ප්‍රශ්නයක් ආවා





මතු සම්බන්දයි 💫


කෝමද ලමයිහ් මේ කතාව අවුල් වගේද අනිත් එපියෙන් හම්බවෙමු 💗

දෙහදක සිහිනWhere stories live. Discover now