03

55 4 1
                                    

"අතේ ගෙනාව ඒව දැක්කයෙං කියන්න බැරි කමක් නෑ නෙ අත්තම්මේ!"

ඈ කට පුරා හිනා වී ගෙන කිව්වේ මයුර ට පන් මිටිය කරට ගන්න උදව් කරන අතරෙම යි. නන්දා ගේත් කට කනේ ය මේ ගෑනු දැරිවි ව දැක්කාම.

"ඇත්තමයි රංමලියේ

මේ හැන්දෑ කොරේ පන් වෙල අස්සෙ රුංගන්ට ගියෙ අහවල් එකකට ද දරුවො?!"

හිනාව පැත්තකට කරල ඒ පාර නන්දා පරල වෙන්න අරගෙන. මයුර නං බැරි බර කරේ තියං දෙපයට වාරු අරං පන් මිටිය අරං ගෙයි පිළිකන්න දිහාවේ ගිහිං.

"අනේ අනේ සිරිමල් එතනෝ!

ඔයි වයසට මේ හැටි පරල වෙන්ට හොඳ ද ඇ?!"

රංමලී ත් මේ කියවන්නෙ නන්දා ගෙ කරේ එල්ලීගෙන දැවටී ගෙනමයි.

මේ හුරතල් කෝලං එක්කලා කොහොම නං කේන්ති තියාගන්න ද?

නන්දා ගෙ කේන්තිය වං ආ පාරෙංම ආපහු ගොහිං ඕං. ඒත් ඉතිං ඒ වගක් නොපෙන්නා ඉන්න නන්දා සෑහෙන මහන්සි ගන්නවා ලු.

"දැං උඹැහැ මේ කියන්නෙ මං දැං හොඳටෝම නාකියි කියල දැ!"

නන්දා ගෙ කතාව ට රංමලී හිනා වෙන්නෙ ගොඩ දේවාලෙ සීනු මිටිය හුළඟට හෙලවෙනව වාගේ.

"අයි යයි යෝ ඔහේ කොහෙදෑ නාකි!

මේ ඉන්නෙ මටත් වඩා යස ලමිස්සි වගෙ!"

රංමලී කියද්දි සේතනුත් හෙමි හෙමින් ඒ අහළ පහළට ආවේ පුරුදු ගාම්භීර ගමනෙංමයි.

"චාටු කතා බෝමයි නෙවැ මේ කෙල්ල ගෙ!"

සේතං ගෙ කතාව ට නම් නන්දා ගෙ බොරු කේන්තිය ත් සම්පූර්ණයෙන් ම අහවරයි ඕං. ඉතින් නන්දා හෙමින් සැරේ රංමලීගෙ දෑත කරෙං මුදවගෙන කෙල්ලව තමා ගේ ඉස්සරහ ට ගත්තා.

"හා හා ඉතිං,

නාකි හරි නැති හරි මාව පරල වෙන වැඩ නොකරා නං ඉවර නෙ!

දැං මෙතන අටෝරාසියක් චාටු කතන්දර දොඩවන්නෙ නැතුව!"

නන්දා ගෙ කතාව හන්දා ම රංමලී ගෙ අර සීනු සීනු හිනාව ආයෙම ඇහෙන්නට ගත්තා.

"මොනා නැතත් රංමලී නඟා ගෙ හිනාව නං හරි සිරියාවයි!

නේද සේතං සීයෙ!?"

දියකඳුWhere stories live. Discover now