මොකද්ද ආකාශ් ඔයාට වෙලා තියෙන්නේ....
ආකාශ්ගේ මේ හැසිරීම මයුමිගේ හිතේ මොකක්දෝ සැකයක් නිර්මානය කලා....
මුගේ පම්පෝරි අහන් ඉන්න බෑ... මන් යනවා.. මට වැඩ තියෙනවා...
ආකාශ් නැගිටින්න හදද්දිම මයුමි අතින් ඇදලා වාඩිකලේ...
මිස්ට පමිතගේ මූනට ගහනවා වගේ එහෙම යන එක හරි නැති නිසයි..මගේ අත අතහරිනවා මට යන්න..
ආකාශ් ...
මේ......
මෙතන හැම ඩිපාට්මන් එකේම මිනිස්සු ඉන්නවා...
නිකන් මෝඩයෙක් නොවී වාඩිවෙනවා....කොච්චර කිව්වත් ආකාශ් නෙවෙයි කනකට ගත්තේ...
මොකද... ආකාශ්ගේ ඇති වෙච්ච තරහා මේ සේරටම වඩා ඉහලින්...ආකාශ් මයුමිගේ අතත් ගසලා දාලා නැගිට්ටා...
සීයක් විතර වාඩිවෙලා ඉන්න හෝල් එකක එක්කෙනෙක් නැගිටම වෙන ටිකම ආකාශ්ට වුනා.. පමිත විතරක් නෙවෙයි.. හිටපු හැමෝම ආකාශ් දිහා බැලුවා... ඒ අතරෙම ඉන්දුත් පිටිපැත්ත හැරුනේ මොනවද මේ හැමෝම හැරි හැරි බලන්නේ කියලා බලන්නයි.....ආකාශ් ....
ඉන්දුනම් වුනේ මොකක්ද කියලා ටක්කෙටම තේරුම් ගත්තා....
මීටින් එක ඉවරවුනු ගමන්ම මයුමි ආකාශ් ට කෝල් එකක් ගත්තේ.....මොන විකාරයක්ද ඒ කලේ...
ඇයි... මොකද....
විලි ලැජ්ජාවේ බෑ.. හැමෝම හැරි හැරී බැලුවා....
මේ මයුමී... මන් කරන්නේ මට ඕනිදේ... එක එකාගේ පම්පෝරි අහන් ඉන්නවට වඩා මට වැඩ තියෙනවා....
ඉදුවරව සෙලෙක්ට් කර ගත්ත නිසාද ඔයාට තරහා ගියේ...
වටෙන් ගොඩෙන් නැතිව මයුමි කෙලින්ම අහලා දැම්මා....
පි...පි..පිස්සුද....
එයා ඉන්දුව තෝරගත්තම මට මොකද...
මන් ආවේ අද යවන්න තියෙන කොටේශන් එක හදන්න....ම්ම්ම්ම්....
ඒකනේ.... මන් ඒත් බැලුවේ..
නෑ...නෑ...නෑ...
ඒකනෙවෙයි ආකාශ් ...
අද අර ඩ්‍රෙස් එක ගන්න එන්න කිව්වා...මොන ඩ්‍රෙස් එකද...
ඇයි අනේ.... අපි එදා ගිහින් මෙශමන්ට් දීලා ආවේ...
YOU ARE READING
ස්පර්ශ - 1
Romanceආකාශ් උඹ හරිය අර ඈත පේන අහස වගේ... කොච්චර ආස වුනත් මට අල්ලන්න බැරි....