ඉන්දූ....
ඔයා හොදින් ඉන්නවා නේද...ඒ කෝල් එක ඉන්දුට ආවේ ආකාශ් ගෙන්.....
ඉන්නවා මැනික....
මොකක්ද ඉන්දූ ඒ ඇහෙන සද්දේ.....
ඔයා කොතනද ඉන්නේ.....මන් මූදුවෙරලේ ඉන්නේ ආකාශ් ......
ඔයා නැතුව මට හරිම පාලුයි මැනික...තනියම මූදුවෙරලට එන්න එපා ඉන්දු....
ඔයා පව්.....ඔයා නැතිකොට මගේ තනියට ඉන්නේ මේ මහමූද විතරයි ආකාශ් ....
ඉන්දූ....
ඔයා එදා කිව්වා...
මම ආයේ එන්නේ මයුමිගේ හස්බන්ඩ් විදියට කියලා....ම්ම්ම්....
නෑ... ඉන්දූ....
මන් ආයේ එන්නේ ඔයාව මොහිතකට වත් නොදැක ඉන්න බැරි ඔයාගේ ආකාශ් විදියට..
ඔයා නැතුව ගෙවෙන මේ තත්පර... මට පැය ගනන් වගේ ඉන්දූ....
ඒවා ගෙවෙන්නෙ හරී හෙමින්....ඉවසන්න මැනික... ඉවසන්න...
ඔයා මාසෙකින් එනවනේ....ආකාශ් ලොකූ හුස්මක් ගන්නවා ඉන්දු අහගෙනයි....
එන්ගේජ්මන්ට් එක ලබන සතියේ ඉන්දූ....
ම්ම්ම්ම්.....
මන් ගොඩාක් උත්සහා කරනවා ඒක ඉවර වුනු ගමන් එන්න...
ම්ම්ම්ම්.....
අනේ මොනවා හරි කියන්නකෝ රත්තරන් ...
ආකාශ් ...
ඔයා මුලින්ම දැකපු දවසේ..මන් හිතා ගත්තා ඔයා මට හීනයක් විතරයි කියලා...
ඒත්...
මොකක්දෝ මගේ වාසනාවකට මන් ඒ හීනේ ඇත්තටම වින්දා....
අවසානේ ඇස් ඇරලා බලද්දී... මන් දැකලා තියෙන්නේ හීනයක්ම විතරයි ආකාශ් .....ඉන්දූ මගේ මැනික...
ඒක හීනයක් නම්... මමත් ඔයා එක්ක ඒ හීනෙට එනවා...
ඇස් අරින්න එපා මැනික...
අපි ඒ හීන ලෝකේ අපේ වෙලා ඉමු...පුතා...
පුතා....ඔයාට කව්ද කතා කරනවා ආකාශ් ...
ම්ම්ම්ම්....
අම්මා...
මන් අම්ම්ට ඔයා එක්ක කතා කරන්න දෙන්නද....ඉන්දු සද්දයක් නෑ...
අම්මා...
ඔයාට කෙනෙක් කතා කරනවා...කව්ද පුතා...
ඉන්දූ...
ආකාශ් ගේ අම්මා ටිකක් හිත හිතා ඉදලයි ෆෝන් එක ගත්තේ....
YOU ARE READING
ස්පර්ශ - 1
Romanceආකාශ් උඹ හරිය අර ඈත පේන අහස වගේ... කොච්චර ආස වුනත් මට අල්ලන්න බැරි....