උදෑසන හිරු එළියට මිහිතලය මතට වැටෙද්දි ජන්කුක් තම දවස ආරම්භ කර තිබුනා. පුංචි තේ-යොන් ට කෑම වගෙම තමන් ගෙ පුංචි කෝපි හල ට අවශ්‍ය කෑම වර්ග ස්වල්පයක් ඉක්මනින් සැකසුව ඔහු ඉන්පසු තේ-යොන් සොයා පිටත් වූයේ පුංචි පැංචා පාසල් යා යුතු හෙයින්.
"මගෙ මැණික... කෝ කෝ... නැගිටින්න... ස්කූල් යන් නැද්ද...???"
"ගුම් මෝනිම් පපා..."
"වෙරි ගුඩ් මෝනිම් මගෙ පැටියෝ. කෝ යමු වොශ් දාන් ස්කූල් යන්න ලෑස්ති වෙමු."
පුංචි තේ-යොන් ව ත් රැගෙන තම නිවසේ ඇති කුඩා නාන කාමරය වෙත වැදුණු ජන්කුක් පැයකට පමණ පසු තේ-යොන් වත් ඔසවාගෙන පැමිණියේ වතුර බේරෙමින්. පුංචි තේ-යොන් නම් තම පපා ට සිදු වී තිබෙන අකරතැබ්බයට සතුටින් වගේ.
"මගෙ කෝලම් මල්ල... පපා ට හිනා වෙනව ද... ම්ම්ම්... බලන්න පපා තෙමුන නෙ බබා වතුර ගහලා."
"හි හී... සලන්හේ පපා..."
"නාදු සරන්හේයෝ මගෙ පැටියෝ. කෝ ඉන්න පපා ඉක්මනට වොශ් දාන් එන්නං."
තවත් පැයක පමණ මහන්සියෙන් තේ-යොන් ව ලැහැස්ති කල ජන්කුක් ඔහුව කෑම මේසය කරා රැගෙන යන්නෙ උදෑසන ආහාරය ලබා දීමට. කටවල් තුනක් පමණ කෑ තේ-යොන් එක් වරම ඒ සියල්ලම වමනය කරන්නට පටන් ගත්තේ ජන්කුක් බිය වෙද්දි.
"තේ-යොන්... අනේ ඇයි මැණික මේ..."
පිළිතුරු ලැබෙනවා වෙනුවට පුංචි තේ-යොන් අඩන්නට පටන් ගත්තේ ජන්කුක් ඉක්මනින් ඔහුව රැගෙන නිවස අසල සිටින වෛද්‍යවරයා අසලට යද්දි. තේ-යොන් පරික්ෂා කල ඔහු කෑම අජීරණයක් යැයි පවසමින් බෙහෙත් ලබා දෙන්නේ ජන්කුක් සැනසුම් සුසුම් හෙලද්දි.
තේ-යොන් ව පාසල් යැවීමට සිත නොදුන් නිසා ඔහු පුංචි පැන්චා සමඟ කෝපි හල ට පැමිණෙන්නේ එක් දිනක් හෝ එක වසා දැමුවොත් තමාට පමණක් නොව දරුවාට ත් බඩගින්නෙ සිටින්නට වන බව දන්නා හෙයින්. නමුත් වෙනදා මෙන් රාත්‍රිය වන තෙක් නොයිද කෝපි හල වසා දැමූ ඔහු නිවස කරා යන්නෙ පුංචි තේ-යොන් ඔහු ත් සමඟ මහන්සි වන බව දන්නා හෙයින්.
මෙලෙස මාසයක් පමණ ගෙව්නෙ පුංචි තේ-යොන් ගෙ ක්‍රියාකාරකම් ටිකෙන් ටික වෙනස් වද්දි. වෙනදා මෙන් නොමැතිව ඔහු නිදි නැතිව හඩද්දි, පාසල් ගොස් පැමිණෙද්දි කකුල් ඉදිමී තිබෙද්දි, හුස්ම ගන්නට අපහසු වෙද්දි ජන්කුක් තීරණය කරනවා නැවත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට. නමුත් කලින් මෙන් නොමැතිව ඔහු රෝහලක් කරා ගොස් වෛද්‍ය හමුවක් දමන්නෙ පසුවදා තේ-යොන් සමඟ වෛද්‍යවරයා හමුවට යාමෙ අදහසින්.
උදෑසන රාජකාරි අවසන් කර තේ-යොන් සමඟ ජන්කුක් පාසල කරා යාමට පටන් ගත්තෙ අද දවසේ ඇති වැඩ කටයුතු ගැන ඔහුට පවසමින්. පාසල් ගොස් පැමිණ වෛද්‍යවරයා හමුවට යා යුතු බව පවසමින් ජන්කුක් පුංචි තේ-යොන් සමඟ පවසද්දි ඔහු ගෙන් ලැබුනේ ලොකු නිහැඩියාවක් පමණයි.
"මැණික... මොකද අනේ ගෙදරින් එළියට ආව වෙලේ ඉදන් සද්ද නැත්තේ... අද මේ සුට්ටන් කට වැහිල ද...???"
තේ-යොන් ගෙන් අසමින් ජන්කුක් ඔහු ගෙ පුංචි මුහුණ දෙස බැලුවෙ සිනහ මුසු මුහුණින්. නමුත් සුදු මැලි වී සිටින තමන් ගෙ පුංචි කුමාරයව දුටු ගමන් ජන්කුක් ගෙ පපුව අහේතුවකට වේගෙන් ගැහෙන්නට පටන් ගත්තා.
"පුතේ... ඇයි මැණික මේ... පපා ට කියන්න... කතා කරන්නකො රත්තරන්..."
ජන්කුක් පුංචි තේ-යොන් ගෙ කම්මුල් වලට තට්ටු කරමින් අසද්දී ඔහු කුමක් හෝ පැවසීමට සැරසෙන බව ජන්කුක් ට හැගුනා. නමුත් සියළු දේ සිදු වීමට ගත වූයේ එක් නිමේෂයක් පමණයි. තේ-යොන් ගේ දෑස් පියවී ජන්කුක් ගෙ දෑත් මතට වැටෙද්දි ඔහු තමාට හැකි උපරිම ආකාරයෙන් විලාප දෙන්නට උනා.
ජන්කුක් ගෙ වේදනාත්මක විලාපය ට රැස් වු පිරිස ඉක්මනින් ඔවුන් දෙදෙනා රෝහලක් කරා යොමු කරන්නෙ පුංචි තේ-යොන් තව තවත් සුදු මැලි වීමට පටන් ගත් හෙයින්.
රෝහලට පැමිණි වහාම වෛද්‍යවරුන් තේ-යොන් ව පරීක්ෂා කිරීමට පටන් ගන්නෙ ජන්කුක් තම දරුවා බේරා දෙන මෙන් අයැද සිටිද්දි. ජන්කුක් ගෙ අයැදීම් ඒ මොහොතෙ බාදාවක් වුවත් ඔවුන් මවක ගෙ වේදනාව තේරුම් ගෙන ඔහු ට තේ-යොන් අසල රැදී සිටීමට අවස්ථාව ලබා දෙනවා. ඔවුන් සිතූ ලෙසටම එය ජන්කුක් ට සැනසීමක් උනා.
............................................................................
To be continued...
YOU ARE READING
DEAL (Taekook) ✅
Fanfictionඉපදුන දා සිට ඩැඩා ගෙ උණුසුම නොලැබූ දරුවෙක්. ඔහු වෙනුවෙන් පණ උනත් පුදන්නට සිටින පපා කෙනෙක්. එන්න ඔවුන් ගෙ ජීවිතේ වෙනස් වන ආකාරය බලන්න. 18+ කොටස් තියෙන්න පුලුවන්. අකමැත්තෙන් කියවන්න එපා. Top : Taehyung Bottom : Jungkook Start date : 08 Octobe...