05

123 19 0
                                    

සතියක් මුලුල්ලෙ තේ-හියුන් අතින් විනාස වූ ජන්කුක් එක් දිනක අමුතු අත් දැකීමකට මුහුණ දෙන්නට උනා. මේ වන විට ඔහු ගේ හිසේ එක් පැත්තක් පැලී ලේ කැටි ගන වී තිබුනා. එමෙන්ම ඔහු ට තේරුම් ගැනීමට නොහැකි වූවා තේ-හියුන් ගෙ මේ හැසිරීම්. නිරුවතින් පුටුවක් මත ජන්කුක් ව බැද දමා උදේ සිට රාත්‍රිය වනතුරු තම නිරුවත රස විදින මේ අමුතු නිසා මිනිසා සිටින හෙයින් ජන්කුක් ට නොහැකි වූවා එම ස්ථානයෙන් පැන යාමට.

වෙනදා මෙන්ම ඔහු ගේ ශරීරයට වද දෙමින් සතුටු වූ තේ-හියුන් ඔහු ගෙන් ඉවත් වී ඒ අසල ඇති කබඩ් එක හැර සිරින්ජයක් රැගෙන ජන්කුක් දෙසට පැමිණියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙනදා මෙන්ම ඔහු ගේ ශරීරයට වද දෙමින් සතුටු වූ තේ-හියුන් ඔහු ගෙන් ඉවත් වී ඒ අසල ඇති කබඩ් එක හැර සිරින්ජයක් රැගෙන ජන්කුක් දෙසට පැමිණියා. මේ අමුතු සෙල්ලම දෙස බිය පත් වූ ඇස් වලින් බලා සිටි ජන්කුක් ගැස්සුනේ තේ-හියුන් ගෙ හඬින්.

"මං මේක පාවිච්චි කලාම සතෙක් වගේ හැසිරෙන්නෙ. ඒ නිසා ඔයා මට කරදර කරන් නැතුව ඉන්න ඕන හොද ද...??? එතකොට මං ඔයාට කරදර කරන එකක් නෑ."

ජන්කුක් බියෙන් හිස සලද්දි තේ-හියුන් සිරින්ජයේ තිබුන දෑ තම ශරීරය ට ඇතුළත් කර ගන්නට උනා. ටිකකින් රතු උන දෑසින් ජන්කුක් දෙස බැලු ඔහු ජන්කුක් ගේ දෑත් දෙපා ලෙහා දමන්නට උනේ ඔහු බියෙන් වෙව්ලද්දි.

"අතනින් ගිහින් නිදියන්න."

තේ-හියුන් අත දිගු කර පෙන්වූ දිගු පුටුව මත ජන්කුක් ඉක්මන් ගමනින් ගොස් වැතිරුනේ තේ-හියුන් ව කේන්ති ගැස්සීමට අවශ්‍ය නැති නිසා. මක් නිසාද යත් කේන්ති ගත් තේ-හියුන් යනු රාක්ශයකු බව ඔහු දැන සිටි නිසා. නිරුවතින් නිදා සිටින ජන්කුක් දෙස බලා සුසුමක් හෙලූ තේ-හියුන් ඔහු ගේ ශරීරය මත හාන්සි වී ඒ පපුව මත හිස තබා ගන්නට උනා.

මද වේලාවකින් තම පපුව දිගේ ගලන දියරය නිසා ජන්කුක් සෙමින් හිස ඔසවා බැලුවෙ බයෙන්. ඇයට අවශ්‍ය නෑ තේ-හියුන් ව කෝපයට පත් කර දුක් විදිමට. නමුත් තේ-හියුන් ගෙ ඇස් වලින් ගැලූ කදුළු ඔහු ගෙ පපුව දිගේ පල්ලම් බසිද්දි ජන්කුක් ඔහු ගේ හිස මත අත තැබුවා.

"මෙතන මට නිදහසක් දැනෙනවා."

යැයි මුමුණමින් ඔහු නින්දට වැටුනේ ජන්කුක් ගෙ සිහින් අතැගිලි ඔහු ගේ හිස පුරා දුවද්දි. මද වේලාවකින් තේ-හියුන් ගෙ සිහින් ගෙරවිලි ඇසෙද්දී ජන්කුක් දිගු සුසුමක් හෙලන්නට උනා. නමුත් ඔහු ගේ දෑස් දිස්නෙ දෙන්නට පටන් ගත්තේ කබඩය මත දිළිසෙන යතුර දුටු විට.

සෙමින් තේ-හියුන් ව ඇගෙන් අයින් කර පුටුව මත දිගා කෙරූ ඔහු නැගිට වෙව්ලමින් යතුර දෙසට ඇදෙන්නට උනා. බිම වැටී ඇති තේ-හියුන් ට අයිති ශර්ට් එක ඇද දොර දෙසට ඔහු කෙටි අඩි තැබුවේ තේ-හියුන් නැගිටී යයි බයෙන්. හඩක් නොනැගෙන ලෙස දොර ඇරගත් ජන්කුක් ඉක්මන් ගමනින් පිටවීමක් සොයා දිව ගියේ කදුළු සලමින්.

පිටතට පැමිණි ජන්කුක් තමා මෙතෙක් කල් සිට ඇත්තේ සෝල් නගරයේම බව දැන සුසුමක් හෙලා මහා මාර්ගය වෙත පැමිණෙනවා. මිනිසුන්ගේ ඇස් ඔහු වෙත වැටෙද්දි ජන්කුක් ටැක්සියක් නවත්වා ගෙන තමා ගෙ කුඩා කාමරය වෙත පැමිණියේ අප්‍රමාණ දුකකින්.

අනාත නිවාසෙන් පැමිණි දා සිට සෙවන සැපයූ මේ කාමරය ඔහු ට හැරදා යාමට කාලය පැමිණ ඇති හෙයින් ඔහු ඉතිරි කර ගත් මුදල හා ඇදුම් ටික රැගෙන යතුර බාර දී බූසාන් ප්‍රදේශය වෙත යාමට සූදානම් වෙනවා. දන්නා හදුනන කිසිවෙකු නොමැතිව බූසාන් නගරයට පැමිණි ජන්කුක් ට පිහිට වූයෙ එක් මහළු කතක්.

ඒ මහළු කාන්තාව ට අයිති කෝපි හලේ රැකියාවක් සමග කාමරයක් ඔහු ට ලැබුනේ දෛවය මේ මොහොතෙ ජන්කුක් පිළිබඳව අනුකම්පා සිතී වන්නට ඇති. ඉන් සති තුනකින් පසු ඔහු ගැබ්ගෙන බව දැන ගත්තේ ජන්කුක් තවත් මානසිකව පහලට වැටෙද්දි. එවර ඔහු තීරණය කලෙ ජීවිතය නැති කර ගැනීමට. නමුත් දෙවන වරටත් මහළු කාන්තාව මවක් මෙන් ඔහු ට උදව් කිරීමට පොරොන්දු වෙද්දි ජන්කුක් ලැබෙන්න සිටින දරුවා වෙනුවෙන් ජීවත් වීමට පටන් ගනු ලබනවා.




............................................................................




To be continued...

ඊයෙ මට කතාව දාන්න අමතක උනා නෙ. එහෙම උනා නං අද කතාව ඉවර කරන්නත් තිබ්බා. තව කොටස් දෙකයි. රෑ වෙල තව එකක් දෙන්නං. එතකොට හෙට මේ කතාව ඉවරයි. 😁

DEAL (Taekook) ✅Where stories live. Discover now