ජන්කුක් ගේ දරා ගැනීමෙ සීමාව ඒ මොහොතෙ කඩා වැටෙද්දි ඔහු හඬා වැටෙන්නට උනා. නමුත් ඔහු ට වෙන යම් විසදුමක් නෑ. රිදෙන හදවතින් වුවත් ඔහු තම දරුවා වෙනුවෙන් තීරණයක් ගැනීමට හිත හදා ගන්නවා.
"ම්... මං ඔයාව මැරි කරන්නං. ඒත්... ඒත් ඔයා මට පොරොන්දු වෙන්න මගෙ දරුව ව බේර ගන්නවා කියලා. ම්... මට වෙන කවුරුත් නෑ. මගෙ තේ-යොන් විතරයි මට ඉන්නෙ."
"මං කවදාවත් පොරොන්දු කඩපු කෙනෙක් නෙවෙයි. ඔයා මාව මැරි කරනව නං මගෙන් වෙන්න ඕන හැමදේම ඒ විදිහට ම සිද්ද වෙයි."
තේ-හියුන් ට පුළුවන් තමන් ගෙ තනි කැමැත්තෙන් සෑම දෙයක්ම සිදු කරන්න. ඔහු ට මුල සියම අවශ්‍ය වූයේ ජන්කුක් ගෙ කැමැත්ත පමණයි. නමුත් දරුවා වෙනුවෙන් කරපු තර්ජනයක් හරහා කෙරෙන මේ විවාහය සම්බන්ධයෙන් තේ-හියුන් ට ලොකු වරදකාරී බවක් ඇති උනා. සමහර විට ඔහු ගෙ හිත සිද්ද උන දේවල් පිළිබඳව දුක් වනවා වන්නට ඇති.
තේ-හියුන් ගෙ මැදිහත්වීම මත දින තුනකින් පුංචි තේ-යොන් ගෙ සැත්කම සිදු කරන්නෙ ජන්කුක් හිතින් වැලපෙද්දි. ඔහු ට තම ජීවතය ගැන බියක් හෝ දුකක් නෑ. නමුත් තේ-හියුන් සමඟ ගෙවන්නට සිදුවන අනාගත ගැන ඔහු ට තිබුනේ අවිනිශ්චිත බියක්. නමුත් පොරොන්දු වූ ආකාරයට ම නීතියෙන් තේ-හියුන් ගේ වූ ඔහු තම දරුවා ගෙ රෝගී තත්වය සඳහා සම්පූර්ණ අවදානය යොමු කරන්නට උනා.
රෝහලේ ගත කල තවත් දින කිහිපයකට පසු ජන්කුක් සහ තේ-යොන් සමඟ තේ-හියුන් පිටත් වූයේ ජයග්‍රහී හැගීමක් හිත තුල පිරෙද්දි. තමාට අයිති නවීන පන්නයේ නිවස තුළට පිවිසෙන තම පව්ල දෙස බලා සිටි තේ-හියුන් සතුටින් තමාට ම මුමුණමින් ඔවුන් පසුපස ගමන් කලේ කට කොනේ සිනහවක් ද සහිතව.
"අද ඉදන් ඔයාලා දෙන්නම මගේ. මගේ විතරයි. ජන්කුක් අද ඉදන් මගේ වෙලා ඉන්න ලෑස්ති වෙන්න."
නිහඩ බව කියන්නෙ තේ-හියුන් දේවත්වයෙන් අදහන දෙයක් බව දන්නා හෙයින් ජන්කුක් තේ-යොන් ව තම පපුවට තුරුළු කර ගත්තේ බියක් දැනුන හෙයින්. ජන්කුක් සූදානම් තේ-හියුන් සමඟ අලුත් ජීවිතයක් පටන් ගැනීමට. නමුත් අතීතය ලෙහෙසියෙන් අමතක කිරීමට ඔහු ට නොහැකි වූවා.
YOU ARE READING
DEAL (Taekook) ✅
Fanfictionඉපදුන දා සිට ඩැඩා ගෙ උණුසුම නොලැබූ දරුවෙක්. ඔහු වෙනුවෙන් පණ උනත් පුදන්නට සිටින පපා කෙනෙක්. එන්න ඔවුන් ගෙ ජීවිතේ වෙනස් වන ආකාරය බලන්න. 18+ කොටස් තියෙන්න පුලුවන්. අකමැත්තෙන් කියවන්න එපා. Top : Taehyung Bottom : Jungkook Start date : 08 Octobe...