04

129 16 0
                                    

සෝල් නුවර රාත්‍රි භෝජන අවන්හලක රාජකාරි අවසන් කල එක් හුරුබුහුටි තරුණයෙක් කලබලයෙන් වීදි කොනකින් මතු වූයේ අන්දකාරය මැද්දෙ. ඒ කලබලයෙන් ම තම අත රැදි අත් ඔරලෝසුව දෙස බැලු ඔහු තමාටම සාප කර ගන්නට උනා.

"ආයිශ්... එකහමාරත් වෙලා. දැන් කොහොම ද තනියම මේ කලුවරේ යන්නෙ..."

ජියෝන් ජන්කුක් තමාට ම බැන ගනිමින් ඉක්මන් ගමනින් පිටත් වෙන්නට උනේ අන්දකාරය ට ඇති බියෙන්. උත්සව සමය හෙයින් සෑම අවන්හලක ම මද්‍යම රාත්‍රි ය වනතෙක් පාරිභෝගිකයන් රැදී සිටියේ සතුට සැමරීමට. නමුත් කාත් කවුරුවත් නොමැති ජන්කුක් වැනි තරුණයන් ට එම දින වැඩි මුදලක් උපයා ගැනීමට දෙවියන් විසින් දුන් වරමක්.

මුළු දිනය පුරාම මහන්සි වී වැඩ කල හෙයින් ඔහු ගෙ ගතට දැනුන මහන්සිය වෙන්දා ට වඩා වැඩි උනා. ඒ නිසාම ඔහු ට මේ වෙලාවෙ අවශ්‍ය උනේ හොද නින්දක්. ඉක්මනින් නිවස කරා ගොස් හොද නින්දක් ලබා ගැනීමේ අදිටනින් පියවර තබමින් සිටි ජන්කුක් ඉබේම නැවතුනේ තමා ගෙ පිටු පසින් පැමිණි බරැති අඩි ශබ්දය හමුවේ. බයෙන් වුවත් හැරී බැලූ ඔහු ගෙ හිත ගැස්සුනෙ තමන් ගෙ පිටු පස කිසිවකු නොමැති නිසා. නමුත් ඔහු ට විශ්වාස යි කිසිවකු ඔහු ත් සමඟම පියවර තැබූ බව.

"මහන්සි වැඩි උනාම ඔය වගේ විකාර ඇහෙනවා ජන්කුක්. මෝඩයෙක් වෙන්න එපා. ඔයා වගේ මෝඩයො ඇරෙන්න මේ මහ රෑ වෙන කවුරුත් නැගිටන් පාරෙ ඇවිද ඇවිද ඉන් නෑ."

තමාට ම පවසා ගනිමින් හැරුන ජන්කුක් ගැස්සුනෙ තමා ගෙ පිටුපස සිටගෙන සිටින උස් අඳුරු රුව දැකීමෙන්. කම්පනයට පත් වූ ඔහු වචන ඇහිදිමින් කතා කරන්න ට උනා.

"ක්... කවුද ඔය...??? ඇ... ඇයි මගෙ ප්... පස්සෙන් එන්නෙ...???"

???"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
DEAL (Taekook) ✅Where stories live. Discover now