පැය ගානක් නාලා black skinny එකකුයි shortaකුත් ගහන් කන්නාඩිය ඉස්සරහට ගිහින් තෙත කොන්ඩෙත් අවුල් කර කර මේ කොල්ලානම් හැඩ බලන්නෙ පලාතෙම ඉන්න මිනිස්සුන්ට හුස්ම ගන්නවත් බැරිතරම් perfumeමුත් නාගෙන.. අහල ගම් හතකවත් නෑ මේ වගේ හැන්ඩියෙක්!! කන්නාඩියටත් තට්ටුවක් දාලා ඇහැකුත් ගහලා එයාවම වර්නනා කරන් පඩිපෙල බහින්න ගත්ත යොවේන් කෙලින්ම කෑගහන් ගියේ එයාගෙ බඩේ boxing ලහන පනුවන් වෙනුවෙන් සාධාරනයක් කරන්න..
අම්මේ.....අම්...මේ.....අම්මෝ...අම්මියෝ..... කෝ මගේ සත්තලන් අම්මි බබා...අලි බබාගේ මේ හුරතලේ බලන්නනම් ගෙදරටම එන්න වෙනවා..එක එක විකාර විදිවලින් අම්මාට කතාකරන ගමන් පඩිපෙල බැහැන් ආව යොවේන්ගෙ කටත් වැහිලා කකුල් දෙකත් stuck වුනේ අත් දෙකත් බැදන් හරම අමාරුවෙන් හිනාව තද කරන් ඉන්න පිච්ච මලක් වගේ කෙල්ලව දැකලා..
Loose එකට තනි කොන්ඩයක් ගොතලා සුදු දිග ගවුමකුත් ඇදලා හිටපු මේ කල්ලගෙ මූනට වැටිලා තිබ්බ කොන්ඩ කැලි නිසා මූනෙ තිබ්බෙ අමුතුම ලස්සනක්..මාරම නිවුනු හැබැයි පොඩි දගකාර කමකුත් තිබුනු ඒ මූන රතුවෙලා තිබුනෙ හරිම අමාරුවෙන් නවත්තන් ඉන්න හිනාව නිසාද කොහෙදො...
අයියෙ මං අසෙනි.. මාව මතකද දන්නෑ හිනාවත් පාලනය කරන් දනාරා ඇහවෙ ඇස් දෙකත් ලොකුකරන්..අසෙනි...ම්..ධනාරා ... මේ කෙල්ලව කොහොම අමතක වෙන්නද දවසක් මේ මොංගල් චූටි පොතක් දාලා ගිහින් නිසා පවුකියලා එයාගෙ පොතත් අරන් මං clz එකට ගියාම මේ නංගි හිතුවෙ මං එයාගෙ පස්සෙන් එනවා කියලා..තව දවසක් චූටිව ගන්න ස්කෝලෙ ලගට ගියාම මේ කෙල්ල එකපාරට ඇවිල්ලා plzz අයියෙ පස්සෙන් ඇවිල්ලා මට වදයක් වෙන්න එපා ඒක මගෙ නමට හරි නෑ කියලා කිව්වනේ..එච්චරක්නම් කමක් නෑ වෙච්ච දේ පැහැදිලි කරන්න අතින් ඇදලා නවත්තගන්න හදද්දි ගැහුවෙ නැතෑ ඩාං ගාලා කනේ පාරක්...ඒ වෙලේම ඇවිත් චූටි මාව shapeකරේ නැත්තන් ඔය කෙල්ල අද ජීවතුන් අතරත් නෑ..
ඔය ඔක්කොම ටික මතක් කරලා ඉවරවෙනකුනුත් මන් නම් නෙවේ ඒ කෙල්ලට උත්තරයක් දුන්නෙ ඒ ඇස්නම් තාමත් උත්තරයක් බලාපොරොත්තුවෙන් ලොකූ වෙලා බලන් ඉන්නවා.. wait.. wait..waittttt.. but කවදා ඉදන්ද මේකි මෙච්චර ලස්සන වුනේ????
මතකද?? මතකද කියලද අහන්නෙ?? හහ් අමතක කරන්න පුලුවන් වැඩද ඔයා මට කරේ..කොහෙන්දෝ ආව තරහකුත් එක්ක මූන දිහාවත් නොබලා යොවේන් පඩිපෙලත් බැහැන් ගියා...එක අතකට ඇත්ත.. යොව්න් අයියා ගෑනු ලමයි විතරක් නෙවේ පිරිමි ලමයි අතරෙත් හරිම ප්‍රසිද්ධ චරිතයක්...වැඩියෙ කට්ටියව ගනන්ගන්නැති එයා මට සුහදකමක් පෙන්නලා තියෙන්නෙ මං එයාගෙ නංගිගෙ යාලුවා නිසා...ඒ වුනාට දෙයියනේ.. මං මොනාද කරේ.. එක එක විකාර ඔලුවෙන් මවාගෙන ඒ මනුස්සයාට කම්මුල්පාරකුත් ගැහුවා..කෙයාරා මාත් එක්ක කොච්චර එයා ගැන කියවලා තිබ්බත් 10 වසර වෙනකල්ම මන් දැනන් හිටියෙ නෑ මේ කෙල්ලො මැරෙන්න හදන යොවේන් කෙයාරාගෙ අයියා කියලා මොකද කෙයාරා වුනත් හැමවෙලාවෙම කිව්වෙ අපේ අයියා හිතන් ඉන්නෙ එයා mr.world කියලා.. ඒවුනාට මෙලෝ රහක් නෑවගේ දේවල්...රැවටුනා නෙවෙයි..මං මගෙ හොදම යාලුවාව විශ්වාස කරා..නිකමට හරි මට දැනිලා තිබුනනම් ඒ කෙයාරාගෙ අයියා කියලා එච්චර හරියක් වෙන්නෙ නෑනෙ...තමන්ටම දොස්දෙවොල් තියාගෙන අසෙනි ඉදගත්තෙ කෙයාරා තාමත් නැති නිසා..
හවස 6ත් වෙන්න ආවා ඒත් කෙයාරා නෙවේ තාමත් ගෙදර ආවෙ..phone එකත් off...අසෙනිනම් හොදටම බයවෙලා දහඅතේ කෝල් කරනවා..අන්තිමෙටම කවුරුත් කෙයාරා ඉන්න තැන දන්නෙ නැති නිසා emali teacherට call එකක් අරන් coachගෙ number එක ඉල්ලගත්තා. අසෙනි coachට කෝල් එකක් ගත්තෙ practice ඉවරවෙලා කෙයාරා මොකක් හරි වැඩකට ස්කෝලෙවත් නැවතුනාද කියලා බලන්න..මොකද සමහර දවස් වලට අපි ස්කෝලෙන් එද්දි 6ත් පහුවෙනවා මේ ගෞරවනීය badge එකෙන් හම්බෙන bonus තමා ඒ...හෙලෝව්....
කෝච් මං අසෙනි කතා කරන්නෙ ###k school එකේ...
ඔව් කියන්න අසෙනි මං දන්නවා ඔයාව..
කෝච් අද කෙයාරා practice වලට ආවද??
කෙයාරා...ම්...ඔව් එයා ආවා..
ඇයි කෝච්???මොකක්හරි ප්‍රශ්නයක්වත් වුනාද?
ඒ කටහඩ කෙයාරාගෙ නම ඇහුනගමන් බැරෑරුම් වුන විදිහ නිසා අසෙනිට එහෙම නාහා බැරිවුනා...
ම් නෑ දරුවෝ.. එහෙම මොකුත් ප්‍රශ්නයක්නම් වුන්නෑ....ඇයි මේ එකපාරට call කරලා එයා ගැන අහන්නෙ??is everything all righttt??
නෑ කෝච් මේ කෙයාරා තාම ගෙදර ආවෙ නෑනෙ phone එකත් offඒකයි..
Whatt.. තාම ගෙදර ආවෙ නෑ?? Practice ඉවරවුනේ එකොලහටනේ...
ඒක තමා හරි coach මං බලන්නම් thanq soo much
No worries.. එයා ආවොත් මටත් call එකක් දෙන්න..
Sure coach.. thanq soo mutch
අර අලි ඔලුවත් ගෙදර නෑ ආන්ටිගේ number එකත් නෑ මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව අසෙනි ගෙදරින් එලියට බැස්සෙ කෙයාරා ඉන්න පුලුවන් කියලා හිතෙන තැන් වල හොයලා බලන්න*************************
කෙයාරා කොහෙඇති කියලාද ඔයාලා හිතන්නෙ???ඊලග chptr එකෙන්ම බලමු කොහෙද හිටියෙ කවුද එයාව හොයාගත්තෙ කියලා🤭🤭 කම්මැලී වගේද ලමායි මේක???පලවෙනි කතාවනේ හොදයිද දන්නෑ ඉතිංංං අඩුපාඩු ගොඩක් ඇති ඒ වුනාට මං උපරිමෙන් ලස්සනට ලියන්න try කරනවා🥲💔

BINABASA MO ANG
තුහිරාවි....
Non-Fictionකිසිම අයිතියක් නෑ කියලා මං දැනන් ඉද්දිත් අනිත් හැමෝටම වඩා අයිතියක් තියනවා කියලා මට ඇගෙව්වෙ ඔයයි රූවි...ඒත් මට එහෙම අයිතියක් ඕන්නෑ...එහෙම අයිතියක් නැතුව ආදරේ කරන එක වැරැද්දක්නම් මං ඒ වැරැද්ද හරිම කැමැත්තෙන් කරනවා...