යට සිංදු ටික අහන්න. ආත්මව මවාගන්න.
--------------------------------------------------------------නිල් ආකහ වහගත්ත රාත්රි අදුර කදුමුදුනින් නැග එන ජීවයේ ආලෝකය හා සටන් කරන්න පටන්ගෙන. නික්ම යාමට නොහැකි බව කියමින් වියරුවෙන් ශෝකයෙන් හඩා වැලපෙන රාත්රි අදුරට රහසින් නමුත් ඇය කොදුරනවා.
නමුත් නොදනියි මුරණ්ඩු අදුරට ආලෝකයෙ ඇය කුමක් කොදුරන්නේද කියා. ශෝකයෙන් නික්ම යන අදුරු ඔහුගෙන් ආලෝකයෙ ඇයට ලැබෙන අවසන් හාදුව පමණක් මනුස්ස මා දෑසින් අවසාන වතාවට දුටුවෙමි.
___________________________________දින සති වේගයෙන් ගලන් ගියා, වික්රමරත්න බංගලාවෙ ගඟනව නතර කරලා අනුරාධ යන්න ගිහින් අද වෙද්දි දෙසතියකට කල් පිරෙනවා. නමුත් කොයිතරම් වේගයෙන් කාලය ගලාගෙන ගියත් ගඟනගෙ ජීවිතය තුල අංශු මාත්රයක හෝ වෙනසක් සිද්ද වෙලා තිබුනෙ නැහැ.අන්ධකාරයටම බදු දුන්න ගඟනගෙ ජීවිතය වැසුනු දොරකට සීමාවුන බිත්ති හතරක් අස්සට පටුවෙමින් ඉබාගාතේ සෙමින් ගලාගෙන යමින් තිබුනා.
දෙසතියකට පෙර ඇසුනු ගැබුරු පිරිමි හඩ රාත්රියක හෝ ගඟනට නැවතත් ඇසුනෙ නැහැ. ඒ නිසාම තම දෑසින් දැක්ක රුව හුදෙක් ඔහුට මායාවක් පමණක් වුනා.ඔහු වටා දිගහැරෙන අදුර තුල පමණක් තනි වෙමින් ඒ අදුරටම ගුලිවෙමින් ගඟන තදින් දෑස් පියා ගත්තා. ආලෝකයට විවර වෙන ද්වාරය විවර කරමින් තම කාමරයෙන් පිටවෙන්න උවමනාවක් ගඟනගෙ ආත්මයට දැනුනෙ නැහැ. තම පපුව තුල ගැහෙන ප්රාණයේ හුස්ම වැටීමේ හඩ නතර වෙන තෙක් ඔහු සවන් දුන්නා. නමුත් ඔහුගෙ හිස තුල දෝංකාර දෙමින් ඇහෙන ලබ් ඩබ් ශබ්දයට නැවතීමක් නැහැ.
නමුත් හදිසියෙම ගඟනගෙ හිස තුලින් ඇහෙන ලබ් ඩබ් ශබ්දයත් සමග කාමරයෙ නිහැඩියාවෙ බිදී යන වෙනත් හඩක්.තදින් ඇසි පිහාටු එකට තෙරපන ගඟන බිදී යන නිහඩ බව වැලදගන්න වේගයෙන් අදුර පසුපසින් දිව ගියා. නමුත් තම හිස තුල දෝංකාර දෙමින් ඇසෙන ගැබුරු හඩින් ඔහුගෙ ආත්මයට ගැලවීමක් නැහැ. අදුර පසුපස දිව යන ගඟනගෙ ආත්මය එම හඩ විසින් පසු පසට අදිනවා.