පිවිසීම

704 100 113
                                    

අන්ධකාරය රජයන , කලු පැහැයෙන් පමණක් වර්ණවත් වුන අදුරු කාමරය තුල මනුස්ස ප්‍රාණීයෙක් ජීවත් වෙනවාද හෝ සැක සහිතයි. එහි පාලු තනිකම ඒ තරම් හුස්ම හිරකරවන සුලුයි. තත්පර විනාඩි බවට පරිවර්තනය වෙමින් වේගයෙන් කාලය ගලාගෙන යන අදුරු නිහැඩියාවේ නිසොල්මන බිද දැමෙන්නෙ විටෙන් විට ඇහෙන රූපවාහිනියේ කෙදිරිලි හඩින් පමණයි.

ඔවුන් කිසිවෙක්ට ඔහුගෙ නිහඩ සවන්දීමට බාදා කරන්න උවමනා කලේ නැහැ. වියලුනු තොල් අතරින් පිටවෙන දුම් වලා එකින් එක අන්ධකාර පැහැය වැලදගනිමින් ඝන අදුරේ මිය යද්දි මත් වතුර පිරුනු බෝතල් එකින් එක හිස් වෙමින් තිබුනා. වෛරයෙන් වෛරය නොසන්සිදෙන බව කීවත් ගිනිගන්නා සුරුට්ටුවකින් ඉහලට අදින දුම් වලා ගිනිගන්න එම ආත්මය මොහොතකට හෝ නිවන්නට සෑහීමත් වෙමින් හිටියා.

නමුත් නිවුන ගින්නක අලු යට සැගවුනු ගිනි පුලිගු ඇවිල්ලෙන්නක් මෙන් මනුස්ස ඔහුගෙ ශරීර අභ්‍යන්තරයෙ හමන මහ සැඩ හුලං විසින්  අලු වී ගිය මතක ගබඩාවෙ සැගවුනු ගිනි පුලිගු නැවතත් අවුලවන්න පටන්ගෙන. ඇවිලෙන ගින්න නිවාගන්න දගලන ඔහුගෙ උගුරෙන් පහලට වේගයෙන් ගලාගෙන යන මත්වතුර දැන් දැන් එම සිරුර ශාරීරික ගින්නෙන්ද අවුලවනවා.

දැල්වෙන රූපවාහිනියෙ රූපගත වෙන දර්ශන පෙලක් පාලු නිහැඩියාවෙ කැරකෙන වාතය තුල දෝංකාර දෙමින් ඒ මොහොතෙදිම ඇහෙද්දි මලානික දෑස් පෙර නිසොල්මනෙන්ම රූපවාහිනිය දිහා බලන් හිටියා.

"සංගීතය, ගායන ශිල්පය තුළ නව මංපෙත් විවර කළ විශිෂ්ට කලාකරුවා ඔහුයි. හෘද සාකච්ඡාවන් සහ පිරිපුන් ගායනය, ලොව පුරා අසංගත හදවතක් දිනාගත්, නව අරුත් ගෙන දෙන අර්ථවත් පද රචනයන්ගෙන් සංගීත ක්ෂේත්‍රයේ අලුත් මට්ටමකට රැගෙන ගිය, රසිකයින්ගේ හදවත් හි වඩාත්ම ලෙන්ගතු ආදරය ලබා ගැනීමට සමත් වුන ඔහු..."

"ඉතින් මේ, අති ප්‍රශස්ත කලාත්මක කුසලතාව, කැපවීම සමඟ පිට පිට සිව්වන වරටත් ගෞරවනීය සම්මානනීය පිදුම් ලැබීම ඔබටයි ධනුද්‍ර හේශාන් සිංහවංශ !!!

"ධනුද්‍ර මහතා, ඔබගෙ සම්මානය ලබා ගැනීම සඳහා ඔබතුමාට ආදරයෙන් වේදිකාව වෙතට ආරාධනා කර සිටිනවා.."

කුනාටුවට පෙර ඇසෙන නිහැඩියාව බොහොම භයානකයි.වීදුරු බිදීයන හඩක් සමග විසල් රූපවාහිනියෙ රූප රාමු දර්ශනය ඉරිතැලී යද්දි මොහොතකට පෙර හිස් වෙමින් තිබුන මත් වතුර බෝතලය සුදු ටයිල් පොලව මත කුඩූ වී තිබුනා.එකින් එක බඩු බිදී යාමෙ හඩක්, මොහොතකට පෙර පැවති සන්සුන් නිහැඩියාව කාමරය තුල පැවතියාද හෝ බව සැක සහිතයි.මත් වතුරෙන් මත් වුන මෘගයෙකුගෙ ආවේගයක්ද මෙය?? එසේත් නැතිනම්!!!!!

"ගඟන"

"ගඟන ඕක නවත්තනවා!!!!"

කාමරය පුරා විසිරුනු බිදීගිය සීඩි තැටි, කැඩුනු ගිටාරය ඔහුගෙ දෑතින් වැගිරෙන ලෙය!!!! දින ගණනකින් විවෘත නොවුන දොරට ගසමින් අනුරාධ කෑගැහුවත් වියරු වැටුන ගඟනට ඔහුගෙ එකම මිත්‍රයාගෙ හඩ පවා ඒ මොහොතෙදි ඇහුනෙ මනස තුලින් ඇහෙන සමච්චල් සහගත සිනහ හඩවල් මෙනියි.

තම මනස තුල කෑගහන මෘගයාව සිරුරෙන් ඉරලා එලියට ඇද දාන පිස්සුව තදින්ම ගඟනට දැනුනත් තමන් වටේ පවතින වටපිටාව විනාශ කරනවා ඇරෙන්න වෙනත් පිලියමක් ඔහුට හොයාගන්න බැරි වුනා.

පිරිමින් හඩන්නෙ නැහැ, ඔවුන් වියරු වැටෙනවා පමණයි. එහෙමයි ගඟනට ඔහුගෙ මනස කීවෙ.ඉතින් දරාගත නොහැකි හැගීම් හමුවෙ ඔහු වියරු වැටුනා, උමතුවෙන් දැගලුවා.නමුත් ඒ සියල්ල අවසානයෙ ඔහුම තනිව නිහඩ වුනා.

ශාරීරික පිඩාවෙන් දගලන මිනිසුන් සුවපත් කරන්න දහසක් වෙදදුරන්ට හැකි වුනත් මානසික පීඩාවෙන් දගලන ගඟන වගේ මනුස්සයෙක්ගෙ ආත්මයක් සුවපත් කරන්න එහෙමයි කියලා වෙදදුරෙක් කොහෙන් හොයන්නද!!! මානසික පීඩාවට පෙවෙන බෙහෙත් ගුලි පිටින් ගිල්ලාට ඔහු සුවපත් වේවිද??

ඉතින් මේ සියල්ල අවසානයෙ අනුරාධට ඉතුරු වූයෙ එකම පිලියමක් පමණයි.

"මචන් ගඟන ටික දවසකට මේ වටපිටාවෙන් ඈතකට යමන්, උඹට යන්න ඕනෙ කොහෙද මට කියහන් මේ ලෝකෙ කෙලවරට වුනත් මම උඹව එක්ක යන්නම්"

-------------------------------------------------------------

පලවෙනි කොටසෙන් ඉක්මනින්ම හමුවෙමු.

මේ පිවිසීම විතරයි ඒකයි කොට💚🖤.

මේ writing style එක බර වැඩී නම් කියන්න මම තව සැහැල්ලු කරන්නම්

ආත්ම(Non-Fiction)Tempat cerita menjadi hidup. Temukan sekarang