Chapter 03

73 19 57
                                    

'ජන්කුක්, ලොකු හදිස්සියක්..'

ටේහ්‍යොන්ග්ගෙන් ආව ක්ෂණික පණිවිඩය දැක්ක ජන්කුක් ඉක්මනින් ම ටේහ්‍යොන්ග්ගේ නම්බර් එක ඩයල් කළේ ඒ වෙලාවේ හිතට දැනුණ අමුතු බය නිසා.

තමන් ආදරේ කරන කෙනා, විශේෂයෙන් ම තමන්ගේ හැමදේම වුණ තමන්ගේ හස්බන්ඩ් එකපාරට ඒ වගේ මැසේජ් එකක් එව්වහම කවුද බය නොවී ඉන්නේ?

ඒත් ජන්කුක් කෝල් එක ගන්න කලින් ම ජන්කුක්ගේ ෆෝන් එකට කෝල් එකක් ආව නිසා ජන්කුක් ගන්න ගිය කෝල් එක ගන්න බැරි වුණා. මොකද දැන් මේ කෝල් එක එන්නේ චීෆ්ගෙන් නිසා ජන්කුක්ට කොහෙත් ම බෑ ඒක ආන්ස්වර් නොකර ඉන්න.

උදේ වගේ ආයෙමත් බැනුම් අහන්න තියෙන අකැමැත්ත නිසා ම ජන්කුක් මේ වතාවේ නම් රින්ග්ස් දෙකක් තුනක් යද්දි ම කෝල් එක ආන්ස්වර් කරලා ස්පීකර් දැම්මා.

"චීෆ්?"

"දැන් කොයි හරියේද ඉන්නේ?"

"චීෆ්, අපි හෙඩ් ඔෆිස් එකට විනාඩි පහක විතර දුරින් ඉන්නේ."

උදේ කිව්ව බොරුව වගේ නැතුව ජන්කුක් මේ පාර නම් නම්ජුන්ට ඇත්ත ම කිව්වා.

"හරි.. ඉක්මනට එන්න. ඒ ඇවිල්ලා ඔයාලාට භාර දෙන්න තව වැඩ කිහිපයක් ම තියෙනවා."

"හරි චීෆ්, අපි තව ටිකකින් ඔතැන."

තවත් මොකුත් නොකියා ම එහාපැත්තෙන් ඇමතුම විසන්ධි වෙලා යද්දි ජන්කුක් ලෑස්ති වුණේ ෆෝන් එක ස්ක්‍රීන් ඕෆ් කරලා සාක්කුවට දාගන්න.

ඒත් ඒ වෙලාවෙයි ජන්කුක්ට මතක් වුණේ මේ කෝල් එක එන්න කලින් එයා මොකක්ද කරන්න ලෑස්ති වෙලා හිටියේ කියලා.

ඒ මතක් වුණ ගමන් ම ආයෙමත් කලබලයෙන් ෆෝන් එක අතට අරගෙන ජන්කුක් ටේහ්‍යොන්ග්ට කෝල් එකක් අරගත්තා. එයාට හිතාගන්න බැරි වුණා තමන් මෙච්චර ආදරේ කරන මනුස්සයා ව කොහොමද මේ වැඩ රාජකාරි අස්සේ තමන්ට අමතක වුණේ කියලා.

කෝල් එක අරන් බොහොම ටික වෙලාවකින් ම ටේහ්‍යොන්ග් කෝල් එක ආන්ස්වර් කරාපු නිසා තමයි ජන්කුක්ගේ හිතට පොඩි හරි සහනයක් දැනුණේ.

"මොකද වුණේ, ටේ?"

ජන්කුක් කලබලයෙන් අහද්දි ජිමින්, යොන්ජුන් දෙන්නා හැරිලා ජන්කුක් දිහා බැලුවා. ඒ විතරක් නෙවේ, වාහනේ පදවන ගමන් හිටිය යුන්ගි පවා කැබ් එකේ ඉස්සරහා කණ්ණාඩියෙන් ජන්කුක් ඇයි කලබල වෙලා තියෙන්නේ කියලා විපරම් කරලා බැලුවේ කොයි තරම් රණ්ඩු වීම්, තරහා වීම් ඇති වුණාත් මේ හතර දෙනාගේ කණ්ඩායම ඇතුළේ තියෙන ශක්තිමත් බැඳීම සහ තේරුම් ගැනීම නිසා.

Who? || Taekook ( Ongoing )Tempat cerita menjadi hidup. Temukan sekarang