රාමුවෙන් පිට කොහොම වෙයිද ?

9 1 0
                                    

රාමුවක් මොකටද නිදහසේ ඉඟිලෙන
ඇත්කඳ ලිහිණියෙක්ට
අහසේ කොච්චර ඉඩ ඇත්ද නුඹට මට නිදහසේ ඉගිලෙන්නට
කඳු අස්සෙ ලස්සනට හැඩ රටා මවන මීදුම් සළඹ බලන්නට
අකුළා ගත් පියාපත් දිගහැර අහස් ගැබට පැනපන් හනිකට

දැන් ඇති කවිය වුව රාමුවක ලීවා
නිදහස දත් කවි හද
රාමුවෙන් පිට පැන
එළිවැටටත් පයින් ගසා
සී සී කඩ රිසි සේ පද තබා
ලියූ කවියෙන්
වූ උප්පත්තිය
               නිසඳැස

රාමුවෙන් පිට පැන්න ට්‍රැක්කාරයා
නොහොත්
හිරූ ✍️❤️

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: Nov 01 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

හිරූගෙ නිසඳැස් Donde viven las historias. Descúbrelo ahora