05 💙

353 60 24
                                    

ඉස්කෝලේ ඇරුන ගමන් උදේ සන්තුශ් පෙන්නලා ගිය බස් හෝල්ට් එකට වෙලා හිටන් හිටියේ අපි දෙන්නම හිටියෙ එකම ලේන් එකේ බෝඩිම් දෙකක නිසා...වැඩි වෙලාවක් යන්නැතුව ඌත් ආවම අපි දෙන්නම සිසු සැරියක නැගලා අපේ ලේන් එකෙන් බැහැලා හිමීට ඇවිදගෙන ගියේ අරූගෙ බෙල්ලෙ එල්ලිලා අයිස්ක්‍රීම් දඩයකුත් දාලා ගත්ත අයිස්ක්‍රීම කන ගමන්

"කොහොමද ෆර්ස්ට් ඩේ එක?"

"හිතුව තරං අවුල් නෑ බන්.9,11,12,13 ක්ලාස් ටිකක් තියෙන්නෙ!"

"හම්මට හුඩු ලොකු උන්වත් හම්බුනාද??"

"ඔව් බන්..බයේ හිටියේ.දැන් නම් ශේප්...හෙට තමා 12 උන්වයි,9 උන්වයි හම්බෙන්න තියෙන්නේ..උන් නම් ටිකක් ඕනවට වැඩි කියල කිව්ව අනේ මංද"

"ම්ම් කෝමත් ඔය ඒලවල් කරන උන්ගේ පඩ ශෝ එක තියෙනව තමා! ඕක අස්සෙ ඉන්නෙම ඇමතියොන්ගෙ පුත්තුයි,මදාවියොන්ගෙ පුත්තුයිනෙ"

"ම්ම්...ඒක නෙවෙයි දැන් උඹ මාරු වෙනවද අර බලපු බෝඩිමට?"

" ඔව් බන්..අරූ අතෙන්ට කෙල්ලො ගෙනත් හු$නව...නිදහසෙ ළමයෙක්ට පාඩමක්වත් උගන්නන්න බෑනෙ..උඹටත් මා එක්ක ඉන්න තිබ්බා ඒත් උඹ කැමති නෑනෙ "

"ඇයි එතකොට උඹ හෙන ආතල් එකේ මගේ කුලියත් ගෙවන්නද? අනේ පලයන් ඔරන් ඔටන් යන්න!! උඹේ බොරු මරිසි වලට මාව අහු කරගන්න බෑ"

"අනේ පලයන් චිම්පන්සිය යන්න.."

" මේ ඒක නෙවෙයි ඒයි..දැන් ගොඩක් දුරද ඔය බෝඩිමට?"

"එච්චර දුර නෑ බන්..මේ ලේන් එක නෙවේ ඊට එහා ලේන් එකෙ තියෙන්නෙ ..ඒ ගෙදර ඉන්නෙත් එක ළමයලු ඒ නිසා නිදහස් ඉතින්"

"හ්ම්ම්...බඩු ලෑස්ති කරද්දි කියපන්කො උදව්වක් දෙන්නං!"

"ම්ම්..."
.
.
.

බෝඩිමට ගිය ගමන්, එහාට දුවන් ආපු ඇන්ටිත් එක්කත් ටිකක් කතා කරලා..දවල්ට කන්න කම්මැලි නිසා බිස්කට් එකක් ව්තරක් කාපු මම මගේ කාමරේට ඇවිත් එහෙන්මම ඇඳට වැටුනේ අද ඉස්කෝලෙන් උස්සන් ආපු මලත් පරිස්සමට මගේ ඩයරිය ඇතුළට ඔබලා..මං දන්නෑ ඒක ගද්දි මට දැනුනේ මොකක් හරි හොරකන් කලා වගේ ෆීලින් එකක්..ඒත් ඉතින් කෝමත් මට දෙන්න ගිය දේනේ ...! 

ඉංග්‍රීසි සෑර් - Yizhan Nonfiction [ongoing] Where stories live. Discover now