"ඒ..මේ.. අර අරුන් නේද?"
"කවුද අනේ??"
"අර පැත්ත බලපන්!" සන්තුශ් පෙන්නුව පැත්ත බැලුව මං බැලුවෙ අපරාදෙ කියල හිතුනෙ එතන හිටිය කෙනාව දැක්කම...! ආආආආආ සන්තුස්ස්ස්ස් මාව බාතෲම් එකට එක්ක පලයාආආආආආආආම්ම්ම්ම්ම්...
අර යකඩ වැටට හේත්තුවක් දාගෙන ඇස් ගිනි රතු කරගෙන එක එල්ලෙම මං දිහා බලන් හිටියෙ වෙන කවුරුත් නෙවෙයි රෙආන්! මූ මොන මගුලක්ද මේක අස්සෙත් කරන්නෙ
"ම්..ම්..මේ රෙආන්ලා නේද..අර ටෙනුලුත් ඉන්නෙ.."
"නමුත් දන්නවද?? උඹට කිව්වා නේද මං වැඩි ආස්සරේට යන්න එපා කියල.."
"ඉතින් මඟුල ඒ ළමයින්ට උගන්නන්නෙ මංනේ??"
උප්ස් අනවස්ය තොරතුරක් අනවස්ය තොරතුරක්"උඹ මට කිව්වෙ නෑනෙ?"
"ඇයි අනේ මං කිව්වෙ 13 වසරට උගන්නනව කියල..."
"නෑ මං කියන්නෙ උඹ කිව්වෙ නෑනෙ ටෙනුල්ලට උගන්නනව කියල.." ඈපෝ මේකගෙ රකුසු මූණ දැක්කාමත් බය හිතෙනව..ඉස්සර වැරැද්දක් කරාම ඒක අතේ මාට්ටු කරගන්නෙ ඔන්න ඔය බැල්ම දාලා මාව බය කරල තමා..ඒත් මං දැන් ලොකු මිනිහෙක් සන්තුශ්!! වැඩිය නටන් ආවොත් තෝව තල්ලු කල්ලා දානව මේ මුහුදට හහ්
"ඒක එච්චර වැදගත් දෙයක් නෙවෙයිනෙ සුදු මහත්තයා..අනික ඒ ළමයි හරීම හොදයි..මේ..කලුවරත් වැටෙනව... යමුනේ..කෝ ආ කියපන් මේක කට ඇතුළට ඔබන්න" තව ටිකක් මෙතන හිටියොත් කෙලවෙන ස්වරූපයක් තිබුන නිසා දැන්ම මෙතනින් මාරු උනා නම් ඇඟට හොදයි කියල හිතල අතේ ඉතුරු වෙලා තිබ්බ උලුදු වඩේ එක පොඩි කරල ඌගෙ කටට ඔබපු මං තෙල් ගෑවුන අත් දෙකත් ඌගෙම කලිසමේ පිහලා නැගිටගත්තා..ඒත් එතකොටම මෙච්චර වෙලා අපි දිහා බලන් හිටිය රෙආන් හෙන හයියෙන් යකඩ වැටට ගහල වේගෙන් එතනින් ගියේ ටෙනුලුත් එයා පස්සෙන් යද්දි...
"අර මොකෝ??"
ඇස් හීනි කරල මගේ දිහා බලපු සන්තුශ්ට මං දන්නෑ කියල උරහිස් අකුලල පෙන්නකොට රෙආන්ගේ පස්සෙ ගිය ටෙනුල් ආපහු දුවගෙන දුවගෙන වගේ අපේ දිහාට ආවා.."ස..සර්..අම්මො..හ්..හ්..හ්" කොල්ල දුවගෙනම ඇවිත් හති අරින ගමන් සන්තුශ්ගෙ පැත්තට කඩන් වැටුනා..සන්තුශුත් ටෙනුල්ට බැම්මෙන් වැටෙන්න නොදී අල්ලගෙන හරියට ඉන්දෙව්වෙ ටෙනුල්ගෙ කම්මුල් දෙක සීතලට මන්ද රතු වෙලා යද්දි..පව් ගොඩක් සීතලයි වගේ..
YOU ARE READING
ඉංග්රීසි සෑර් - Yizhan Nonfiction [ongoing]
Sachbücher"දෙයියනේ රෙආන්! පුතේ..අත ඔයාගේ..." "ල්-ලගට එන්න එපා ම්ම්..ඈතින්..ඈතින්ම ඉදපන්..ටෙම්පරි ඇට්රෑක්ශන්ලු..ක්රශ්ලු...හහ් හු#ත තමයි..මට උබට ගහන්න තරං කේන්තියි යකෝ...ඒත්..ඒත් මගේ හිත හොරකන් කරපු රෝස මලට රිද්දන්න බෑනේ... ම්ම් ඒ නිසා මෙහෙම වෙච්ච දෙන්.. මොන...