06 💙

427 74 44
                                    

Extra chapter

ජාන්‍ය POV

"හෙලෝ??"

"හෙලෝ...හෙලෝ කවුද කතා කරන්නෙ??"

"මොකටද ඉන්ස්ටා එකේ තිබ්බ ෆොටෝස් ටික ඩිලීට් කරේ??" මේ මොකාද යකෝ මේ?? ඔන්න මගේ යකා ඇවිස්සෙන්නයි යන්නෙ

"ඇහ්?? කවුද මේ කතාකරන්නෙ??..අනික මං ඉන්ස්ටගැරැම් එකෙ තිබ්බ ඒවා ඩිලීට් කරා කියල ඔයාට මොකද??කරුණාකරල කවුද මේ කතාකරන්නෙ කියනවද???"

"ම්න්...එක්කො ඩිලීට් කරපු එකත් හොදයි..නැත්තං මගේ වස්තුවව හැමෝටම පේනවනෙ"

"අහ්..? කවුද අප්පා මේ කතා කරන්නේ" මූගෙ කටහඩ අහලත් තියෙනවා වගේ

"ළගඳිම දැනගන්න ලැබෙයි..එතකන් ඉවසන් ඉන්නකෝ රෝස මල..තියන්නං එහෙනම් ගුඩ් නයිට්"  මට තව ටිකක් බැනගන්නවත් හම්බුන්නෑ  මේ යකා කෝල් එක කට් කරා..මාත් ආපු තරහටම ඌගෙ නම්බරේ බ්ලොක් කරල ඇදේ ඉදගත්තෙ හයියෙන් හුස්ම ගන්න ගමන්

කොහෙද යන පිස්සෙක්ද කොහෙ..මගෙ වස්තුවලු..රෝස මලලු හහ්..එක එකාගෙ වස්තු වෙන්න යෑ අපේ අම්මා මාව හදලා තියෙන්නෙ ?? අද දවස නම් මහාම මහා මුස්පේන්තුයි!! මේ සේරම අර බලු හූනා චුක් චුක් ගාපු නිසානෙ රෙම්ද !

- -- -- --- -- --- --- --- -- --- --- ---

ඊට පහුවෙනිදා සන්තුශාගෙ කෝල් එකත් එක්ක නැගිට්ට මං වස කම්මැලිකමේම ලෑස්ති වෙලා ඒකගේ කාර් එකේම ඇවිත් ඉස්කෝලෙ ගේට්ටුව ගාවින්ම බැහැගෙන ඇතුළට ආවත් ස්ටාෆ් රූම් එකට ළං වෙන්න ළං වෙන්න මගේ ගමන බාල උනා..ඒ ඒක ඇතුළෙන් ඇහිච්ච කඬහඩවල් නිසා...ඒවා එන්න එන්න පැහැදිලි වෙද්දි ඇත්තමයි මට ගොඩක් දුක හිතුනා..ඇයි මිනිස්සු මෙහෙම?? 

"අර අලුතින් ආපු එක්කෙනා නම් ඇමතිතුමාට පුක දීලද කොහෙද ඇවිත් තියෙන්නේ...නැත්තං කොහොමද මේක ඇතුළට පළවෙනි පත්වීමම ගන්නෙ??"

"ඒක තමයි...අපෙත් පොත්ත සුදු උනා නම් මෙච්චර අවුරුදු ගණන් නැහෙන්න ඕන්නෑනෙ "

"ඔව් බන්-"

"කට නැද්ද ආ?"

ඇතුළෙන් ඇහුන කටහඬවල් වලින් අවුල් වෙලා ඇතුළට යනවද නැද්ද කියල ඔහේ කල්පනා කර කර හිටිය මාව ගැස්සුනේ කන ගාවින්ම ඇහුන කටහඩ නිසා...රෙද්ද... මේ නසරානිය හැමතිස්සෙම කන පිටිපස්සෙන් මතුවෙන්නෙ කොහොමද??  මං ඒකගේ බර කටහඬට  බය උන පාර පපුවටත් අත තියාගෙන ඇස් ලොකු කරගෙන එයාගෙ මූණ දිහා බැලුවම මෙන්න මෑන්ස් ඉන්නවා මූණත් රකුසු කරගෙන මගේ දිහා බලාගෙන..පුහ් මේ යකා මටත් වඩා උසයි කියල මං දැන්නෙ අඩේ දැක්කේ..තාම 20ක්වත් නෑ ඒත් මං මේකගේ උරහිස ගාවට විතරයි ඉන්නෙ..ශික් හෙනම ගහපන්..ඒත් අර මොකක්ද නැද්ද කියල ඇහුවෙ? මට ඔක්කොම තියෙනවනෙ අනේ

ඉංග්‍රීසි සෑර් - Yizhan Nonfiction [ongoing] Where stories live. Discover now