.
.
.*චිරිස්*
"අඩේ මල හත්තිලවයි!.."
"අර හුප්තගෙ අම්මට-"
"ඒයි ඒයි ඕක නවත්තපං..ගල් ඇහිදින්න එපා යකෝ..අයියෝ ඇස් දෙක ඇරලා ඔය වාහනේ දිහා බලහන් යකෝ..ලංකාවටම එකයි අඩෝ තියෙන්නෙ...""ඉතින් මට පාන්ද යකෝ???ඉදපන්..ඉදපන් මං මේ දැන්ම!!! මේ දැන්ම මේ ලබ්බ කුඩුකරලා දානවා!"
උදේ පාන්දර දකුනු කකුල පෙරට තියලම පටන් ගත්ත සුභ කටයුත්තට කොහෙවත් යන හෙනහුරෙක් බාධා කරපු නිසා මං උන්නෙ දේවාලෙ කපුවා වගේ ආවේස වෙලා..
ඇයි යකෝ අනිත් මිනිස්සු අවුරුදු ගනන් වේටින් ලිස්ට් එකේ බලන් ඉදල ඉදලා යන්න බලන් ඉන්න ඉස්කෝලෙට මගේ පළවෙනි පත්වීමම හම්බුන නිසා හොඳ වැදගත් විදිහට යන්න ගියාම කොහෙවත් ඉන්න සයිබීරියන් කිරි ඔටුවෙක්ගෙන් මඩ ප්‍රහාරයක් කන්න උනා! අනේ දෙවියනේ මේවා වුබර්ලටවත් පේන්නැද්ද???සොරි වෙන්නෝන..මං මේ කිව්වෙ...අනේ දෙවියනේ ඔබ වහන්සේලාටවත් මේවා පේන්නැද්ද???
අපිට මීටර් පනහක් විතර එහායින් තිබ්බ ලොකු කඩේ ගාවින් බැහැපු යුනිෆෝම් එක ඇදගත්ත පොඩි පරයා මගේ දිහත් යට ඉදන් උඩට බලලා නක්කල් හිනාවක් දීලා ඒ කඩේ ඇතුලට යන හැටි මං බලන් හිටියේ දත්මිටි කන ගමන්..අම්මපා මට මූගෙ හොම්බට දෙකක් අනින්න ඇත්නන්!
"සමහරක්විට රෙආ- මං කිව්වෙ ඒ ළමයා හිතන්නැතුව කරන්නැත්තේ බන්..දන්නැද්ද පොඩි උන්නෙ"
"පිස්සුද ඒ පොඩි පරයා හිතලමයි ඒක කරේ! මෙච්චර පාරෙ ඉඩ තියෙද්දි මඩ වලෙන්ම කාර් එක දැම්මෙ මාව නාවන්නම හිතන් තමයි..අනික හිතල කරේ නැත්තං අඩුම සොරිවත් කියන්න එපැයි..ඌ ඒත් මට කින්ඩියට හිනා වෙලා ගියා..ආආආඅ මට මූගෙ කාර් එක කුඩු කරන්න ඕනෙ වුත්තෝ...මාව අල්ලගනිං සන්තූ..ස්ස්ස්ස්ස්ස්"
"බල්ලෝ..මගේ ඇඟට බර වෙන්න එපාහ්..මගෙ ඇඟෙත් මඩ ගෑවෙනවනෙ"
"අනෙ උබෙයි මගෙයි යාලුකම් මෙතනින් අහවරයි බන්..උබට මගේ ඇඟේ තියෙන මඩ ටිකක් උඹේ ඇඟේ ගාගන්න බැරි නම් මොකක්ද අපේ යාලුකමේ තියෙන වැදගත්කම ආහ්??? වෙයා ඊස් ඉට්?? කෝ අපි දෙන්න අතරේ තියෙන්න ඕනෙ ඊක්වලිටි එක? එහෙනම්..උඹට උබේ සර්ට් එක වැදගත් උනා මට වඩා..වැඩක් නෑ බන් වැඩක් නෑ මං යනවා..මං මේ මඩ පිටින්ම ප්‍රින්සිපල් සෑර්ව හම්බෙන්න යනවා...ගිහින්-"
"ඔහොම ගියොත් අන්කල්ට පත් වීම හම්බ වෙයි කියල හිතෙනවද ආහ්?" මගේ දිහා කටත් ඇද කරන් බලන් හිටිය සන්තුශ්ට පුලුවාන් තරම් බයින ගමන් හිටිය මාව එකපාට්ටම ගැස්සිලා ගියේ මගේ පිටිපස්සෙන් ඇහිච්ච ගැඹුරු ඒත් තාමත් ළමාකම එහෙන් මෙහෙන් ගෑවිලා තිබ්බ නසරානි කටහඩ නිසා..
"අ-අන්කල්??" අනේ මගේ පපුව රිදෙනවා වගේ- තාම 27 ලැබුවෙවත් නෑනෙ දෙයියනේ මට..මං පපුවත් අල්ලගෙන පිටිපස්සෙ හැරෙනකොට පොඩි පගයා ඉන්නව එක අතක් කලිසමේ සාක්කුවෙ දාගෙන.. අනිත් අතේ මහපට ඇගිල්ලෙන් දබර ඇගිල්ලෙ දාං හිටිය මුද්ද කරකව කරකව..ඈ යකෝ මුන් ඉස්කෝලෙ යන්නෙ මෙහෙමද?? කෝ මුන්ගේ ඩිසිප්ලීන්?? උඩ පැනගෙන කොළබ ආවනෙ සන්තුස් එක්ක ඉන්න ඕනෙයි කියල..දැන් ඉතින් නටපන්!
"ඔව් ඇයි ඔයා ඉතින් අන්කල් කෙනෙක්නෙ??ආ මෝනින් සන්තුශ් සර්...සර්ගේ කාර් එක කැඩිලද?" පොඩි පරයා ඒම කියද්දි මගේ කටත් ඇරිලා ගියේ මං පපුව අල්ලගෙනම ආයිත් පිටිපස්ස හැරිලා දේශ ද්‍රෝහි පාපමිත්‍ර බේසිකයා දිහා බලනකොට..මේක තමයි එහෙනම් ලැංකෑවැටැමැ එකැයි එකැයි ගගා නැහෙන්න හැදුවෙ...මේ ආත්මෙට තොට නම් කැල්ලක් සෙට් වෙන්න හොද නෑ ඒස්වහං පුහ්ං!
"ගුඩ් මෝනින් පුතා..කාර් එක නම් කැඩිලා නෑ ඒත් මෙන්න මෙයාට මේ බස් එකේ රූට්ස් ටික පෙන්නලා දීලා යන්න ආවෙ.."
"අයි සී..මඩකරි අන්කල් හිටියෙ නැත්තං ලිෆ්ට් එකක්වත් දෙන්න තිබ්බ..බට් අලුතෙන් ගත්ත කා එකේ සීට්ස් කැත වෙනවට කැමති නෑ..එහෙනම් මං කැපෙන්නං සර් සී යු ඇට් ටියුශන් ක්ලාස්!" කියල කියපු පොඩි පරයා සන්තුශුත් කට ඇරං බලන් ඉද්දි සැලියුට් එකක් දාලා යන්න ගියත් ආයිත් මොකක් හරි මතක් වෙලා වගේ ආපහු ආවා..
"වුප්ස් මේක දෙන්න අමතක උනානේ... මෙන්න සර්ෆ් එක්සල් එහෙකුයි,නිල් බෝතලයකුයි.. හෝදලා ගන්න ඇදුම් ටික..කෝමත් ඕක තව පාරක් ඇන්දොත් ලෙප්ට් වෙලා යන තත්වෙක වගේනෙ තියෙන්නෙ..ම්න්.. මං හෙට දිහාට අලුත් එකක්ම අරං දෙන්නංකෝ..අන්කල්ට පඩි හම්බෙලා අලුත් ඇදුම් ටිකක් ගත්ත කාලෙක ඒක රිටර්න් කරන්න බැරියෑ.."
--- --- ---- ---- --- --- --- --- --- --- --- --- ---- ----
ඔන්න අලුත් එකක් 🌚👉👈 ඔයාලා මේ කතාවත් එක්කත් එකතු වෙයි කියල මං හිතනව!! ඉක්මනට හම්බෙමු එහෙනම් 💙
ආදරෙයි <3
YOU ARE READING
ඉංග්‍රීසි සෑර් - Yizhan Nonfiction [ongoing]
No Ficción"දෙයියනේ රෙආන්! පුතේ..අත ඔයාගේ..." "ල්-ලගට එන්න එපා ම්ම්..ඈතින්..ඈතින්ම ඉදපන්..ටෙම්පරි ඇට්රෑක්ශන්ලු..ක්රශ්ලු...හහ් හු#ත තමයි..මට උබට ගහන්න තරං කේන්තියි යකෝ...ඒත්..ඒත් මගේ හිත හොරකන් කරපු රෝස මලට රිද්දන්න බෑනේ... ම්ම් ඒ නිසා මෙහෙම වෙච්ච දෙන්.. මොන...