මොනරකුඩුම්බිය මල් පොකුර

10 4 2
                                    

" අපෙ අම්ම ඉස්සර මං ගෙදර ඉද්දි , සුදුළූණු මාලුව හදල දෙනව . ඊටපස්සෙ මං සුදුළූණු මාලුව රසටම කෑවෙ අයිය මුලින්ම හදල දුන්න දවසෙ "

" ඔව් ඒක රසයි වගේම ගුණයි . බාහිර ගැන නොහිතා ගැඹුරින් රස බැලුවොත් සුදුළූණු මාලුව කියන්නෙ රහයි , ගුණයි දෙකම තියෙන මාලුවක් "

" ඉස්සර මං කරවිල කන්නෙත් නෑ . කොහොම හැදුවත් කන්නෑ . අයිය එදා මට උණ හැදිල ඉද්දි අනල අනල කවපු දවසෙ ඉදන් කරවිල වලට මං ආසයි . අපෙ අම්ම දැක්කොත් මං කරවිල කනව , ලෝක පුදුම හතෙන් එකක් දැක්ක වගේ තියෙයි "

මම කියපු එකට සුමිත් අයියට හිනා ගියා . සමහර විට එයාට මතක් වෙන්න ඇති උණ හැදිල හිටපු දවසෙ කරවිල කන්න බෑ කියල මං යුද්ධ කරපු හැටි .

" දැන් ලියුම් කියවන වෙලාව ! "

සුමිත් අයිය ඇදෙන් නැගිටල ගිහින් එයාගෙ මේසෙ ලාච්චුව ඇරල හතරට පහට නවපු ලියුම් කඩදහිය අතට ගත්‍ත .

ලියුම් කඩදහිය දිගෑරල ඒකෙ සුවද නහයට ලං කරපු හැටි , සුමිත් අයියගෙ මූනෙ හිනාවක් ඇදෙන හැටි මම බලන් හිටියෙ ඇඳ උඩට වෙලා . මගෙ මූනෙත් හිනාවක් ඇදෙනව සුමිත් අයිය නොදකින්න ඇති.

" ඒක දිග රැයක් . වෙනද වගේම මගේ හීනෙ ඇතුලෙ ඔයාගෙ සුවඳ සක්මන් කලා . මම ඒ සුවඳ පස්සෙන් දිව්ව . ඒත් මට ඔයාව මගහැරුන . කමක් නෑ ආයෙම හෙට ඔයාගෙ සුවඳ විදින්න මට අවස්තාවක් එන නිසා මම හිත හදාගත්ත . කවදාහෝ ආයෙම අවස්තාවක් තිබ්බොත් මට , නා දළු දොතොලෙන් හැඩ උනු අරලිය මල් වැනි කම්මුල් වල හිමිකාරියක් වෙන්නම් .. එතකන් මේ කපුරු සුවඳ තනිරකීවි ඔයාගෙ..."

සුමිත් අයියගෙ කම්මුල් පිම්බුනා . එයා හිනා වෙනව .

" එයා ගොඩක් ආදරණීය කෙනෙක් . තාරුක දන්නවද , ආදරණීය ගැහැණියකට ගැලපෙන්නෙ ඒ වගේම ආදරණීය පිරිමියෙක් කියල .."

" අහ්ව් ..!"

" තාරුක ... "

ඇදේ තුබුණ ඇණයකට මගේ ඇගිල්ල හීරුනා . රතුපාට ලේ බිංදු දෙක තුනක් ඇඟිල්ලෙන් එලි බහිද්දි , සුමිත් අයිය මගෙ තුවාල උන ඇඟිල්ල තොල් අතරට අරන් උරන්න ගත්ත . පරිස්සමට .

මල් කිණිත්තක මතකය .. Completed ✔️Where stories live. Discover now