මතකයක්

6 4 6
                                    

උදේම නැගිට්ට මම දර ලිප පත්තු කරල කේතලේ වතුර එකක් උතුරන්න තිබ්බ . තලපු ඉඟුරු කෑලි දෙකතුනක් තේ මඩියටම දාල පැහුණ වතුර වලින් සුමිත් අයියටයි මටයි දෙන්නටම කෝප්ප දෙකටම තේ හැදුව මං .

" තාරු අද මොකෝ උදෙන්ම නැගිටල ? "

" ඔයා ඉතින් සඳහි ගැන කල්පනා කර කර ම නිදාගනිද්දි රෑ වෙනවනෙ කොහොමත් . ඉතින් අද මමම වෙලාසනින් නැගිටල තේ හැඳුව "

" කොයිවෙලේද දැක්කෙ මම ඇහැරන් ඉන්නව ? "

" මම දැක්ක සිවිලිම දිහා බලාගෙන කල්පනා කරනව . මටත් මතක නෑ මට නින්ද ගියේ කීයටද කියල "

සුමිත් අයියගෙ තේ එක එයාට දෙන ගමන් මං මගේ එකෙන් තේ උගුරක් බිව්ව .

" අද කොහෙද මාත් එක්ක යන්න ඕනෙ කිව්වෙ ? "

තවත් ඉගුරු සුවද එන තේ කෝප්පෙන් උගුරක් බොන ගමන් මං ජනේලෙන් එලිය බලන් ඉන්න සුමිත් අයියගෙන් ඇහුව . කොටු කොටු සරමට ඇන්ද ශර්ට් එකෙන් සුමිත් අයියගෙ කඩවසම් බව ඕනවටත් වඩා කැපිල පේන බව මට තේරුනා . ලී අඹපු පිළිමයක් වගේ . මගේ හිත මිමුණුව .

" ගිහිල්ලම බලමුකො "

ඒ සුමිත් අයියගෙ අන්තිම උත්තරය . ටිකක් වෙලා ගිහින් අපි දෙන්නම යන්න ලැහැස්ති උනා .හදිස්සියෙම වැහැපු වැස්සකුත් නිසා ගමන ටිකක් පරක්කු උනත් වැස්ස පායපු ගමන් සුමිත් අයිය මාව එක්කන් ආවෙ බස් හෝල්ට් එකට . ඒ යන ගමන් කපුරු සුවඳ තැවරුණු ලියුම් කඩදහිය නාගහේ බෙනයක් ඇතුලින් දාන්නත් සුමිත් අයිය අමතක කලේ නෑ .

රතුපාට සීටීබී බස් එකේ පිටිපස්ස ශීට් එකේම කෙරෝලට ගිහින් මම ඉදගනිද්දි සුමිත් අයිය මට එහාපැත්තෙන් ඉදගත්ත . ඒ ලා පාට ශර්ට් එකෙන් මගෙ නාස් කුහර වලට දැනුනෙ කපුරු සුවඳ . 

" කොහෙද යන්නෙ කියන්න බැරිද ? "

" ඉවසන් ඉන්නකො "

"බෑ "

" හිතුවක්කාරයි "

සුමිත් අයිය මම දිහා බලල හිනා උනා . සුමිත් අයියගෙ කම්මුල් පිම්බුනා .  මම ඒ දිහා බලන් ඉදල බස් එකේ ජනේලෙන් එලිය බලාගත්ත .

" ස්ටූඩියෝ එක ළඟින් බහින අය එන්න ! "

" එන්න නැගිටින්න "

මල් කිණිත්තක මතකය .. Completed ✔️Where stories live. Discover now