26 වන දිගහැරුම

3.1K 210 43
                                    


ඊයේ අම්මලා අයියලා ඔක්කොම ආපුවෙලේ ඉදන් හංස හිටියේ වෙනම ලෝකෙක හරියට ශෙයෝන්ව මතක්වුනේවත් නෑ. ඒක සාමාන්‍යයිනේ පවුලේ අය හම්බෙන්නේ අවුරුදු කීයකින්ද ඒ නිසා ශෙයෝනුත් ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ ඒත් මේ දවස් දෙකේම ශාන් ගෙන් කිසිම හාවක් හූවක් තිබ්බේ නැති එක ශෙයෝන්ට ප්‍රශ්නයක්. එයාට ශෙයෝන්ට මුහුණ දෙන්න බැරුවද ඉන්නේ. ඒ වෙලාවේ අසිහියෙන් කියපු ඒවා ඇත්තටම ඇවිත් ශෙයෝන්ට ශාන් කිව්වොත් මොනාද කියන්නේ කියලා ශෙයෝන් නිකමටවත් තාම හිතලා නෑ. ඔව් කොහෙත්ම බෑ එයාට දැන් එයා ඉන්න පාරෙන් අයින් වෙන්න. එයා කවදාවත් ශාන් දිහා එහෙම බැලුවේ නෑනේ ඉතින් කොහොමද එහෙම වෙන්නේ.

Kaveen calling...

"හෙලෝ බන්"

"ලොකු බොස්, ශාන් කතා කරා"

"මොකද කියන්නේ බන් ඌ"

"ඌ කිව්වා අපි කොහෙහරි යන් කියලා"

"මම කොහොමද බන් එන්නේ. එතකොට හංස? ඌ නැතුව ඇවිල්ලා ඌට මාට්ටු වුනොත්. අනිත් එක බන් දන්නවනේ එයා ගැන. ඔහොම හිටියට වස ඉරිසියයිනේ"

"අනේ බන් මෙහෙ වරෙන් යන්න. මම ඉන්නවනේ. අනික බන් අපි හොද යාලුවෝ එදා ඉදන්. දැට්ස් ඕල්"

"ම්ම්ම් හරි බන් එහෙනම්"

"උබ විතරක් ඕනෙනම් ඌ කෙලින්ම උබට කියනවනෙ මට නොකියා. එදා ශොපින් ගියාවගේ"

"හින්ට් ගහන්න එපා බන් සීරියස් වෙලාවට"

"දොලහ වෙද්දි අපි ඔතන හරිද"

"ම්ම්ම් හරි බන්"

එහෙම කියලා ෆෝන් එක තියලා දැම්මා. මම මේ කරන දේ හරිද? හංසට කියන්නද? නෑ එයාගෙ ගෙදර අය එක්ක තියන සතුට මේ වේලාවේ මම නැති කරන්න හොද නෑ. මේක මට ආපු ප්‍රශ්නයක්. මම මේකට තනියම මූන දෙන්න ඕනේ ඒ නිසා හංස මේකට ගාවගන්න බෑ.

හරියටම දොලහ වෙද්දී මම ලෑස්තිවෙලා හිටියේ. වෙලාවටම ශාන්ගෙ කලුපාට අවුට්ලෑන්ඩර් එක ඇවිත් නැවැත්තුවේ අපේ ගේට්ටුව ගාව. ඒ වෙද්දිත් පැසෙන්ජර් ශීට් එකේ හිටියේ කවීන්. මම පිටිපස්සෙන් දොරත් ඇරන් නැගලා වාඩිවුනා.

"ආ ලොකු බොසා... කෝ අපේ පොඩි බොස්"

"ආහ් කවුද බන් හංසද? එයා ගෙදර ඇති"

ස්වේත හංස | Switched to අහිමි හුස්මحيث تعيش القصص. اكتشف الآن