...........
අහස් නිල මැකී යන්නටත් මත්තෙන් සද පායා අහසම එළිය කරන්නේ රෝස පැහැ වළාකුළු හිරුට සමු දී අවසන් වූ වහාමයි... ලා අදුරක් පමණක් පැතිරුණ අහසෙ එකම එක තාරකාවක් පායා ඇති සේයාව කවීන්ට සහ සිත්තරන්ට නම් මහත්සේ අගනේය...
සිව් දිශා රාජ්‍යන්ගේම දහ අට වැනි විය සපිරිණු තරුණ කුමාරවරු මේ වන විට ගිණිකොණ දිශා රාජ්‍යට සපැමිණ අවසන්... පුර හද උදාවීමට පෙර රාත්‍රියේදී පවා සද මෝදු වී බැබළෙන හැඩ බලා සිටි ආශ්‍ය කුමරුන් තමාට හිමි වූ විශේෂිත මන්දිරය වෙත යාමට පය තැබුවේ නැවතත් අහස දෙස බලමින්...." ආශ්‍ය කුමරුණි....."
" කිමද ... රෑ බෝ වී ඇති නිසා එළි පහලියේ නොගැවසී මැදුර තුළට පැමිණීම රිසි නොවේද..."
" නැත.... කුමරුණී.. වහා පැමිණෙන්න... නුඹ දැක තිබේද රාත්‍රී දේදුණු.... නා ගස් යායට එපිටින් රාත්‍රී දේදුන්නක් පායා ඇත.. සියලු කුමාරවරු එතන..."
" එසේද....."
ආශ්‍ය කුමරුගේ අතින් අල්ලා ගත් කුඩා කෝශ්‍ය කුමරු ඇදී ගියේ නා ගස් සමූහය වෙතටයි....
නා දළු සද එළිය සමග හාද වී රතට බැබළෙන අතර මල්ද හෙට උදෑසනම පිපීමට සූදානම්ව ඇති මොහොතක නා ගස් දහයකට වැඩි බිම් කොටස පසු කරගෙන යනවාත් සමග කෝශ්‍ය ආශ්‍ය කුමරුගේ අත අත් හැරියා....
විශාල ගල් තලාවට එපිටින් ඇති මහා ප්‍රපාථය ගස් කොළන් වලින් වැසී ඇති අතර ඊටත් එපිටින් ගලා යන දිය දහරාව නිසාම මෙතැන සුළග පවා සිසිල් බවක් ගෙන දෙයි....
අසල ඇති විශාල ගසක් යට ගල් තලාව මත අසුන්ගෙන සිටි අනෙකුත් කුමාරවරුද බලා සිටියේ රාත්‍රී දේදුන්න දෙස... පුර පෝය දිනට සද එළිය සමග දිය ඇල්ල දොඩමලු වන බව පසක් කිරීමට දේදුන්නක් පායා ඇති බව කාටත් සිතේ .. නමුත් මෙය සිදුවන්නෙ කලාතුරනි... ඉතාම කලාතුරකිනී....... මද වේලාවක් ඒ දෙස බලා සිටි කෝශ්‍ය කුමරු නැවත මන්දිරය දෙසට පා නැගුවත් ආශ්‍යට මේ මොහොත මග හැර ගැනීමට කිසි සේත් ආශාවක් නොමැති හෙයින් අනෙකුත් කුමාරවරු අසලින්ම ආශ්‍ය අසුන් ගත්තේ දේදුන්න දෙස නෙත් යොමාගෙනම....
YOU ARE READING
♡🥀....අධ්‍යාශ්‍ය...🥀♡
Fantasy🥀♡.. මාරුතයක ගමන් ගිම කෙළවරක නැවත හැරී බලන විට මතකයක් පමණි නුඹ...♡🥀